ස්මිත්ගේ තනතුර ස්ථිර වෙයි

91
Graeme Smith
Graeme Smith

වයස අවුරුදු 39ක් වන හිටපු දකුණු අප්‍රිකානු ජාතික ක්‍රිකට් ක්‍රීඩක ග්‍රැහැම් ස්මිත් ඉදිරි වසර දෙකක කාලය සඳහා එනම් 2022 මාර්තු මස දක්වා දකුණු අප්‍රිකානු ක්‍රිකට් අධ්‍යක්ෂක තනතුර සඳහා තේරී පත්වී ඇත.

ICC තරගාවලි දෙකකට ශ්‍රී ලංකාව අතවනයි

2023-31 අතර කාලය තුළ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ගෝලීය ප්‍රමුඛ පෙළේ තරගාවලි දෙකක සත්කාරකත්වය ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට්…

ස්මිත් පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී මෙම තනතුර සඳහා තේරී පත්වූ නමුත් එම තනතුර ස්ථිර වීම සඳහා ඔහුට මාස තුනක පරිවාස කාලයකට යටත්ව තනතුරු ලබා දුන් අතර නියමිත කාලයෙන් පසුව තනතුර ස්ථිර කර ඇත. 

“ග්‍රැහැම් සතුව තිබෙන අත්දැකීම්, ඔහු සතුව තිබෙන හැකියාව සහ ශක්තිය කොයි වගේ ද කියලා අපි දන්නවා. ඔහු ඔහුට ලබා දුන්න පරිවාස කාලය තුල ඔහු කෙතරම් කැපවීමකින් වැඩ කළා ද කියලා. ඔහු ඔහුගේ තිබෙන අත්දැකීම් එක්ක  අපේ ක්‍රිකට්වල අනාගතය හොඳින් සකස් කරයි කියලා අපේ ක්‍රිකට් කමිටුවට ලොකු විශ්වාසයක් තියෙනවා.” යැයි දකුණු අප්‍රිකානු ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරි ආචාර්ය ජැක් ෆෝල් මහතා පවසන ලදි. 

Video – ලෝකෙම ක්‍රිකට් නැවතෙද්දී අපේ ක්‍රීඩකයින් ගෙවතු වැඩ

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට මෙන්ම ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවට ද කොරෝනා වයිරසය අතිවිශාල බලපෑමක්…

“ඔහු ඒ ලබා දුන්න මාස තුනක කාලය තුල අපේ ක්‍රිකට් කණ්ඩායමේ ඉදිරියට ගන්න ඕනේ සැලසුම් කිහිපයක් අපට ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම ඒවා ක්‍රියාත්මක විය යුතු ආකාරය සහ ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන වගේ ඔහු අපිට පැහැදිලිව වාර්තාවක් හරහා දැනුම් දීලා තියෙනවා.

අපි බලාපොරොත්තු වෙනවා ඒ සැලසුම් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙයි කියලා. ඔහුට මේ තනතුර අපි ලබා දුන්නේ වසර දෙකක කොන්ත්‍රාත්තු කාලයකට යටත්ව ඒ ඉදිරි වසර දෙක තුල දී අපිට ICCය විසින් සංවිධානය කරන ප්‍රධාන පෙළේ තරග ඉසව් කිහිපයක්ම තියෙනවා. ඒක නිසා අපි අපේ ක්‍රිකට් ඉදිරිය හොඳින් සැලසුම් කරන්න ඕනේ.” යැයි ෆෝල් මහතා වැඩිදුරටත් පවසන ලදි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<