2019 රග්බි ලෝක කුසලානය නිමා වූයේ දකුණු අප්‍රිකාවට තුන්වැනි ලෝක ශූරතාව ද හිමිකර දෙමිනි. රටවල් 20ක සහභාගිත්වයෙන් සති 6ක් පුරාවට පැවති මෙම තරගාවලිය ජපානයට යම් පෙරහුරුවක් ලෙස සැලකිය හැක.
ඒ එළඹෙන වසරේ (2020) ඔලිම්පික් උළෙල පැවැත්වීමට ජපානයේ ටෝකියෝ නගරය සූදානම් වන නිසාවෙනි. මේ සටහන රග්බි ලෝක කුසලානයේ සිට ටෝකියෝ ඔලිම්පික් උළෙල දක්වා ජපාන ගමනේ වැදගත් සාධක කීපයක් පිළිබඳවයි.
රග්බි ලෝක කුසලානයෙන් ලැබුණු ප්‍රතිලාභ මොනවද?
2019 රග්බි ලෝක කුසලානය ඉකුත් දා (02) නිමා වූයේ දකුණු අප්‍රිකාව ලෝක ශූරයන් බවට පත්කරමිනි. ජපානය…….
Unpredictable කාලගුණය
ජපාන රග්බි බලධාරීන් රග්බි ලෝක කුසලානය සංවිධානය කිරීමේ දී ඉතා විශාල අවධානයක් යොමුකර තිබුණේ ජපානයේ ක්ෂණයෙන් වෙනස් වන කාලගුණයට මුහුණ දීම පිළිබඳවය.
එයට ඔවුන් සිදුවිය හැකි සියලු සිදුවීම් පිළිබඳව සලකා බලා තිබූ අතර එම සියලු අවස්ථාවන් හට පෙර සූදානමක් ද කර තිබුණි. එහි දී ජපාන බලධාරීන් සුළි කුණාටු, භූමිකම්පා හා ගිණිකඳු පිපිරීම් ද සලකා බලා තිබුණි. ඒ ජපානය නිරන්තරයෙන් එම අවස්ථාවන් වලට මුහුණ දෙන නිසාවෙනි. ජපානය වසරකට කීපවතාවක් මෙලෙස ස්වාභාවික ආපදාවන්ට ලක්වන අතර එහි කාලගුණ තත්ත්වයන් අනුමාන කළ නොහැකි ලෙස සැලකේ.
කෙසේ වෙතත් මෙවර තරගාවලිය තුල යම් අවාසනාවන්ත සිදුවීමක් සිදු විය. ඒ Hagibis සුළි කුණාටුවයි. වසර 30කට පසුව එරටට බලපෑ දරුණුතම සුළි කුණාටුව ලෙස මෙම Hagibis සුළි කුණාටුව සැලකේ.
මෙම සුළි කුණාටුව පැසිෆික් සාගරය ඔස්සේ වර්ධනය වී ටෝකියෝ නගරය වෙත දරුණු ලෙස කඩා වැදුණු අතර එය තරගාවලි සංවිධායකයන් බලාපොරොත්තු වූ දරුණුතම තත්ත්වයටත් වඩා ප්‍රබල වීම නිසා රග්බි ලෝක කුසලානයේ තරග 3ක් අවලංගු කිරීමට සිදුව තිබුණි.
ක්‍රීඩාංගණ මාරු කිරීම ද එතරම් සාර්ථක නොවූයේ ඒ වන විට Hagibis සුළි කුණාටුව විසින් ජපානයේ ප්‍රදේශ රැසකටම බලපෑම් එල්ල කර තිබීම නිසාය. මෙම සුළි කුණාටුව නිසා ජපානයට අහිමි වූ ජීවිත සංඛ්‍යාව 80කට අධිකය.
2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල පැවැත්වෙන්නේ සුළි කුණාටු බහුල කාලයක නොවන නමුත් ටෝකියෝ නගරය සෑම වසරකම කීපවරක් භූමිකම්පාවලට ගොදුරු වන නගරයක් ලෙස සැලකේ.
කෙසේ වෙතත් මෙම කාලය තුල ටෝකියෝ නගරයට උෂ්ණත්වය හා ආර්ද්‍රතාව විශාල බලපෑමක් සිදු කරනු ඇතැයි එරට වෛද්‍යවරුන් හා කාලගුණ විශේෂඥයන් අනාවැකි පලකර ඇත.
දකුණු අප්‍රිකානු රග්බි විරුවන් වංශකථා පොත් අලුත් කරයි
මසකට අධික කාලයක් පුරාවට මුළු මහත් ලෝකයම රග්බි උන්මාදනයෙන් වසඟ කර ගත් එම උත්කර්ෂවත් ලෝක…..
Die Hard ජපාන ක්‍රීඩාලෝලීන්
2019 රග්බි ලෝක කුසලානය අතරතුර ජපාන ක්‍රීඩාලෝලීන් ලොව බොහෝ දෙනා කතාබහට ලක් කළ කරුණක් විය. අතුරු සිදුරු නොමැතිව පිරී ගිය ජපාන රග්බි ක්‍රීඩාංගණ 2020 ඔලිම්පික් උළෙලේ දී ද පිරී යනු ඇත.
ජපානය ක්‍රීඩා කළ තරග පමණක් නොව වෙනත් කණ්ඩායම් ක්‍රීඩා කළ තරගවල දී පවා ඔල්වරසන් නැගීමට තරම් ජපාන ක්‍රීඩාලෝලීන් නිහතමානී වූහ. ජපාන ක්‍රීඩාලෝලීන්ගේ මෙම ප්‍රතිචාරය කණ්ඩායම් රැසකම ක්‍රීඩකයන්ගේ පැසසුමට හා ආදරයට ලක්විය.

ජපාන ක්‍රීඩාලෝලීන් අනෙකුත් රටවල ජාතික ගී ගායනා කරන ඡායාරූප හා එරට දරුවන් ද එම ජාතික ගී ගායනා කිරීමට පුහුණුකර තිබීම සුවිශේෂී කරුණු ලෙස සටහන් විය. ජපාන කුඩා දරුවන් නවසීලන්ත හකා නර්තනය ඉදිරිපත් කිරීම ද බොහෝ දෙනාගේ අවධානයට යොමුව තිබුණි.
රග්බි ලෝක කුසලාන තරගාවලිය තුල රග්බි ක්‍රීඩකයන් ද ජපාන සාම්ප්‍රදායික ආචාර කිරීමට යොමුව තිබීම ජපාන ක්‍රීඩාලෝලීන්ට මහත් ගෞරවයක් අත්කර දීමට සමත් විය.
පෑරුණු සිත් සුවපත් කරමින් All Blacks තෙවැනි තැනට
2019 රග්බි ලෝක කුසලාන තරගාවලිය ගෞරවාන්විත සටහනකින් ……
විදෙස් ක්‍රීඩාලෝලීන්ගේ හැසිරීම
ජපානයේ සංචාරය කළ විදෙස් ක්‍රීඩාලෝලීන් තරගාවලිය අතරතුර හැසිරුණු ආකාරය විදෙස් මාධ්‍ය හා එරට මාධ්‍ය වාර්තා කර තිබුණි. යම් යම් මතභේදාත්මක හා ජපානයේ නීති විරෝධී කටයුතු රැසකට එම ක්‍රීඩාලෝලීන් යොමුව තිබුණු අතර බහුතරයක් ක්‍රීඩාලෝලීන් ජපාන සංස්කෘතිය හා සාම්ප්‍රදායික ක්‍රම අනුගමනය කරමින් ගෞරවාන්විත ලෙස හැසිරී තිබුණි.

විදෙස් ක්‍රීඩාලෝලීන්ට අමතරව උරුගුවේ රග්බි කණ්ඩායමේ ක්‍රීඩකයන් ද යම් කලහකාරී හැසිරීමක් පෙන්නුම් කිරීම එරට මාධ්‍ය හා විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබුණි. තම අවසන් තරගය පරාජය වීමෙන් අනතුරුව රාත්‍රි සමාජ ශාලාවකට ඇතුල් වූ උරුගුවේ ක්‍රීඩකයන් එහි දේපල කීපයකට හානි කර තිබීම නිසා එම සමාජශාලා හිමියාට විශාල අලාභයක් ගෙවීමට ඔවුන්ට සිදුව තිබුණි.
ඉල්ලුමට සැපයුම
රග්බි ලෝක කුසලාන තරගාවලිය අතරතුර එක් එක් කණ්ඩායම්වල නිල ජර්සිවලට ප්‍රබල ඉල්ලුමක් ලැබී තිබුණි. ජපාන නිල ජර්සියට විශේෂ ස්ථානයක් හිමි වී තිබූ අතර එම වෙළඳසැල් අසල දිගු පෝලිම් දක්නට ලැබුණි.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<























