Home Sinhala පාකිස්තානයට නොසිතූ ඉරණමක්

පාකිස්තානයට නොසිතූ ඉරණමක්

281

බටහිර ඉන්දිය කොදෙව් ක්‍රීඩක 22 හැවිරිදි දකුණතින් වේගපන්දු යවන ඔෂෙන් තෝමස්ගේ විනාශකාරී පන්දු යැවීම හමුවේ නොසිතූ අකරතැබ්බයකට මුහුණ දුන් පාකිස්තාන ක්‍රීඩකයෝ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයේ දී කඩුලු 7ක පරාජයකට මුහුණ දුන්හ.

ස්ටෝක්ස් හා ආචර්ගෙන් එංගලන්තයට ජයග්‍රාහී ආරම්භයක්!

ලෝක කුසලාන තරගාවලියේ සමාරම්භක තරගය අද (30) එංගලන්තයේ ලන්ඩන් නුවර දී…

නොටින්හැම් හිදී අද (31) නිමා වූ බටහිර ඉන්දීය කොදෙව් සහ පාකිස්තානය අතර වූ මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්තාන ක්‍රීඩකයෝ තම ඉනිමට ලබා ගත්තේ සියලුම දෙනා දැවී ලකුණු 105ක් පමණි. මෙම ලකුණු සංඛ්‍යාව පාකිස්තානය ලෝක කුසලාන තරගයක දී ලබා ගත් අඩුම ලකුණු සංඛ්‍යාවේ දෙවැනි තැන ගත්තේය. ඔවුන් 1992 පැවති ලෝක කුසලාන තරගාවලියේ දී එංගලන්තය ඉදිරියේ ලකුණු 74කට මීට පෙර දැවී ගොස් තිබුණි.

හඹා යන ඉනිමේ දී බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෝ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 108ක් ලබා ගත්හ. ඒ තවත් පන්දුවාර 36කුත් පන්දු 2ක් ඉතිරිව තිබිය දී ය.

කාසියේ වාසිය දිනා ගත් බටහිර ඉන්දීය කොදෙව් නායකයාගේ අදහස වූයේ පළමුවෙන් පන්දු යැවීම ඉතා සුදුසු බවයි. ඒ අනුව පිටියට පිවිසි පාකිස්තානය පළමු පන්දුවේ සිට ම අසරණ කිරීමට සමත් වූහ. ඔවුන්ගේ ලකුණු ලබා ගැනීම සාමාන්‍ය තත්ත්වයේ වූව ද කඩුලු කඩා වැටීම අසාමාන්‍ය තත්ත්වයේ විය.

පිතිකරුවන්ගෙන් ගහන වූ පාකිස්තානයේ කඩුලු ඉතා ඉක්මනින් දැවී යෑම කෙසේ ද යත් සෑම පන්දුවාරයක් අවසානයේම පාකිස්තානු ප්‍රේක්ෂකයන්ට සිදු වූයේ හිස අත බදා ගන්නට ය. ඔවුන්ගේ ඉනිම පන්දු 132ක දී නිමා කිරීමට කොදෙව් පන්දු යවන්නෝ සමත් වූහ.

එම ඉනිම විනාශ කර දැමීමට පෙරමුණ ගත්තේ ඔෂෙන් තෝමස් ය. ඔහු පන්දු 34ක් යවමින් ලකුණු 27ක් ලබා දෙමින් කඩුලු 4ක් දවා ගත්තේ ය. තරගයේ වීරයා ලෙසින් ද නම් ලැබූ තෝමස් මෙම තරගයේ දී පෑ දක්ෂතාව තම එක්දින තරග දිවියේ දෙවැනියට පෑ හොඳම දක්ෂතාව ලෙසින් සටහන් විය.

පාකිස්තාන ඉනිම විනාශ කිරීමේ දී තෝමස් අමතරව ඇන්ඩ්‍රි රසල් ලකුණු 04කට කඩුලු 2ක් දවා ගනිමින් අපූරු පන්දු යැවීමක් වාර්තා කළේය. ජේසන් හෝල්ඩර් සතු වූ කඩුලු සංඛ්‍යාව 3කි.

 

එංගලන්ත – දකුණු අප්‍රිකා තරගයෙන් ඉගෙන ගනිමු

මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඊයේ (30) දිනයේ එංගලන්තය…

පාකිස්තානයේ කඩා වැටෙන ඉනිම වෙනුවෙන් වැඩි දක්ෂතා දැක්වූයේ ආරම්භක පිතිකරු ෆකාර් සමාන් සහ බාබර් අසාම් ය. ඔවුන් දෙදෙනා ලකුණු 22ක් බැගින් රැස් කළහ. ඊට අමතරව මොහොමඩ් හෆීස් ලකුණු 16ක් රැස් කළ අතර අනෙක් කිසිදු ක්‍රීඩකයෙක්ට ලකුණු 10 සීමාවට ළඟා වීමට බටහිර ඉන්දිය කොදෙව් පන්දු යවන්නෝ ඉඩ දුන්නේ නැත.  

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෝ ඉතා ලෙහෙසියෙන් පාකිස්තාන ඉලක්කය පසු කළහ. ඒ අතුරින් වැඩිම ලකුණුලාභියා වූයේ ආරම්භක පිතිකරු ක්‍රිස් ගේල්ය. ඔහු පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 50ක් ලබා ගත්තේ ය.

ගේල් තම ආරම්භක කඩුලු සඟයා වූ ශායි හොප් (11) සමඟ එක්වෙමින් පළමු කඩුල්ලට ලකුණු 36ක සබඳතාවක් ගොඩ නැගුවේ ය. අනතුරුව තෙවැනි කඩුල්ල වෙනුවෙන් නිචොලස් පූරාන් එක්ව ලකුණු 31ක සබඳතාවක් ගොඩ නැගීමට ද ඔහු සමත් විය.

තරගය නිමා වන විට බටහිර ඉන්දීය කොදෙව්වන් වෙනුවෙන් නිකොලස් පුරාන් පන්දු 19කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 34ක් ලබා සිටියේ ය. අනෙක් අන්තයෙන් ශිම්රොන් හෙට්මයර් නොදැවී ලකුණු 7ක් ලබා සිටියේ ය.

බටහිර ඉන්දීය කොදෙව් ඉනිමේ දැවී ගිය කඩුලු ත්‍රිත්වයම දවා ගැනීමට මොහොමඩ් අමීර් සමත් විය. ඔහුගේ දක්ෂතාව වූයේ ලකුණු 26කට කඩුලු 3කි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

Result


West Indies
108/3 (13.4)

Pakistan
105/10 (21.4)

Batsmen R B 4s 6s SR
Imam-ul-Haq c Shai Hope b Sheldon Cottrell, 2 11 0 0 18.18
Fakhar Zaman b Andre Russell 22 16 2 1 137.50
Babar Azam c Shai Hope b Oshane Thomas 22 33 2 0 66.67
Haris Sohail c Shai Hope b Andre Russell 8 11 1 0 72.73
Sarfaraz Ahmed c Shai Hope b Jason Holder 8 12 1 0 66.67
Mohammad Hafeez c Sheldon Cottrell, b Oshane Thomas 16 24 2 0 66.67
Imad Wasim c Chris Gayle b Jason Holder 1 3 0 0 33.33
Shadab Khan lbw b Oshane Thomas 0 1 0 0 0.00
Hasan Ali c Sheldon Cottrell, b Jason Holder 1 4 0 0 25.00
Wahab Riaz b Oshane Thomas 18 11 1 2 163.64
Mohammad Amir not out 3 6 0 0 50.00


Extras 4 (b 0 , lb 0 , nb 2, w 2, pen 0)
Total 105/10 (21.4 Overs, RR: 4.85)
Fall of Wickets 1-17 (2.6) Imam-ul-Haq, 2-35 (5.5) Fakhar Zaman, 3-45 (9.4) Haris Sohail, 4-62 (13.1) Babar Azam, 5-75 (16.1) Sarfaraz Ahmed, 6-77 (16.6) Imad Wasim, 7-78 (17.3) Shadab Khan, 8-81 (18.3) Hasan Ali, 9-83 (19.3) Mohammad Hafeez, 10-105 (21.4) Wahab Riaz,

Bowling O M R W Econ
Sheldon Cottrell, 4 0 18 1 4.50
Jason Holder 5 0 42 3 8.40
Andre Russell 3 1 4 2 1.33
Carlos Brathwaite 4 0 14 0 3.50
Oshane Thomas 5.4 0 27 4 5.00


Batsmen R B 4s 6s SR
Chris Gayle c Shadab Khan b Mohammad Amir 50 34 6 3 147.06
Shai Hope c Mohammad Hafeez b Mohammad Amir 11 17 1 0 64.71
Darren Bravo, c Babar Azam b Mohammad Amir 0 4 0 0 0.00
Nicholas Pooran not out 34 19 4 2 178.95
Shimron Hetmyer not out 7 8 0 0 87.50


Extras 6 (b 0 , lb 3 , nb 0, w 3, pen 0)
Total 108/3 (13.4 Overs, RR: 7.9)
Fall of Wickets 1-36 (4.3) Shai Hope, 2-46 (6.2) Darren Bravo,, 3-77 (10.5) Chris Gayle,

Bowling O M R W Econ
Mohammad Amir 6 0 26 3 4.33
Hasan Ali 4 0 39 0 9.75
Wahab Riaz 3.4 1 40 0 11.76