ආසියානු යොවුන් කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතයේ නායකත්වය නිපුන්ට

498

සැප්තැම්බර් මස 05 වැනිදා සිට 14 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන යොවුන් ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ නායකත්වය වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලයේ නිපුන් ධනංජය වෙත ලබා දීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

යොවුන් ආසියානු කුසලානයේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට

8 වන වරට පැවැත්වෙන ආසියානු කුසලාන වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලිය මේ වසරේ…

එසේම මෙම සංචිතයේ උපනායකත්වය කොළඹ රාජකීය විද්‍යාලයේ කමිල් මිෂාර වෙත ලබා දී තිබෙන අතර ඔහු කණ්ඩායමේ ප්‍රධාන කඩුලු රකින්නා හා ආරම්භක පිතිකරුවෙකු ලෙස ද කටයුතු කරනු ඇත. ඔහු පසුගිය දා නිමාව දුටු වයස අවුරුදු 19න් පහළ අන්තර් පළාත් සුපිරි ක්‍රිකට් තරගාවලියේ වීරයා හා දක්ෂතම පිතිකරු ලෙස සම්මාන දිනා ගැනීමට සමත් විය. 

අවසන් වරට පැවති වයස අවුරුදු 19න් ක්‍රිකට් තරගාවලි වලදී නායක ධනංජය, උපනායක මිශාර, නවෝද් පරණවිතාන, තවීෂ අභිෂේක්, රවිඳු රශාන්ත හා අවිශ්ක තරිඳු යන ක්‍රීඩකයින් ඉතාමත් හොඳ ලකුණු අතර සිටිමින් දස්කම් දැක්වීමට සමත් වූ පිතිකරුවන් ලෙස හඳුන්වා දීමට හැකිය. 

ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත නම් කරන ලද කණ්ඩායමට බහුතරයක් අත්දැකීම් සහිත ක්‍රීඩකයින් ඇතුළත්ව සිටින අතර දකුණත් පිතිකරු අහන් වික්‍රමසිංහ, වයස අවුරුදු 16ක් වන වමතින් වේගපන්දු යවන ක්‍රීඩක යසිරු රුද්‍රිගෝ සහ දකුණතින් වේගපන්දු යවන අම්ෂි ද සිල්වා පළමු වතාවට ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් සංචිතය සඳහා තේරී පත්ව ඇත. වික්‍රමසිංහ පසුගිය දා නිමා වූ වයස අවුරුදු 19න් පහළ අන්තර් පළාත් සුපිරි ක්‍රිකට් තරගාවලියේ තරග 4ක් තුල ලකුණු 290ක් රැස්කර ගනිමින් දස්කම් දැක්විය.

තවමත් සිය විද්‍යාලයේ පළමු පෙළ කණ්ඩායම හෝ නියෝජනය කර නොමැති නමුත් ඉතාමත් හොඳ වේගයක් සහිතව දක්ෂ ලෙස පන්දු යවන යසිරුට අමතරව අම්ෂි, චමිඳු විජේසිංහ හා වමතින් වේගපන්දු යවන ඩිල්ෂාන් මදුසංක මේ සංචිතයේ සිටින ප්‍රධානතම වේගපන්දු යවන්නෝ වෙති.

තරග පාවාදීම හසුවී දෙදෙනෙකුට ජීවිතාන්තය දක්වා දඬුවම්

හොංකොං ක්‍රිකට් ක්‍රීඩකයන් වන ඉර්ෆාන් අහමඩ් හා නදීම් අහමඩ් වෙත ජීවිතාන්තය දක්වා ක්‍රිකට්…

මේ සංචිතයේ සිටින ප්‍රධාන දඟපන්දු යවන ක්‍රීඩකයින් ලෙස වමතින් දඟපන්දු යවන රොහාන් සංජය, දකුණතින් පිට දඟපන්දු යවන අශේන් ඩැනියල් හා සඳුන් මෙන්ඩිස් හා දකුණතින් පා දඟපන්දු යවන ක්‍රීඩක කවිඳු නදීශාන් හඳුන්වා දීමට හැකිය.

කෙසේ නමුත් පාකිස්තාන වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවති තරගාවලියේ ශ්‍රී ලංකාව නියෝජනය කළ වමතින් දඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක සොනාල් දිනූෂ හා දිලුම් සුධීර යන ක්‍රීඩකයින් හට මෙවර සංචිතයේ පළමු ක්‍රීඩකයින් 15 දෙනා අතරට පැමිණීමට නොහැකිව තිබෙන නමුත් නම් කොට තිබෙන අතිරේක ක්‍රීඩකයින් සිව්දෙනා අතරේ ඔවුන් දෙදෙනාගේ නම් ද ඇතුළත් වේ. 

අතිරේක ක්‍රීඩකයින් අතර සිටින අනෙක් ක්‍රීඩකයින් දෙදෙනා වන්නේ චමිඳු වික්‍රමසිංහ හා චිහාන් කළිඳුයි.

ශ්‍රී ලංකා වයස 19න් පහළ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හෂාන් තිලකරත්න සහ කළමනාකරු ලෙස ෆර්වීස් මහරූෆ් කටයුතු කරනු ඇත.

ඉන්දියාව 2018 වසරේ දී බංග්ලාදේශයේ දී පැවැත්වුණු ආසියානු කුසලාන වයස අවුරුදු 19න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගත්තේ ශ්‍රී ලංකාව අනුශූරයින් බවට පත් කරමිනි. 2016 වසරේ දී පැවැත්වුණු ආසියානු කුසලාන වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ දී සත්කාරකත්වය දරනු ලැබුවේ ශ්‍රී ලංකාවයි.

පිතිකරුවන්ගේ දුර්වලතා වාර්තා ගත ජයග්‍රහණයකට හරස් වෙයි

ගාල්ලේ දී පැවැත්වුණු පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ශ්‍රී ලංකා පිතිකරුවන් දැක්වූ දස්කම් නිසාවෙන් …

ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම,

නිපුන් ධනංජය (නායක – වෙන්නපුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය), කමිල් මිශාර (උපනායක සහ කඩුලු රකින්නා – කොළඹ රාජකීය විද්‍යාලය), නවෝද් පරණවිතාන (ගාල්ල මහින්ද විද්‍යාලය), අහන් වික්‍රමසිංහ (කොළඹ රාජකීය විද්‍යාලය), අවිශ්ක තරිඳු (වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය), රවිඳු රශාන්ත ද සිල්වා (ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය), තවීෂ අභිෂේක් (ගාල්ල රිච්මන්ඩ් විද්‍යාය), රොහාන් සංජය (කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලය), අශේන් ඩැනියෙල් (මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය), සඳුන් මෙන්ඩිස් (ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය), කවිඳු නදීශාන් (අම්බලන්ගොඩ ධර්මශෝක විද්‍යාලය), යසිරු රොද්‍රිගෝ (ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය), ඩිල්ෂාන්  මදුසංක (හුංගම විජයබා මධ්‍ය මහා විද්‍යාලය), චමිඳු විජේසිංහ (කොළඹ නාලන්දා විද්‍යාලය), අම්ෂි ද සිල්වා (ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය)

අතිරේක ක්‍රීඩකයින්,

චමිඳු වික්‍රමසිංහ (මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය), සොනාල් දිනූෂ (කොළඹ මහානාම විද්‍යාල), දිලුම් සුධීර (ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය), චිහාන් කළිඳු (මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය)

තරගාවලියේ සියලුම උණුසුම් තතු, තරග සේයා රූ, ලකුණු  සටහන්, තරග වාර්තා ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. තවත් උණුසුම් පුවත් හා තොරතුරු දැන ගැනීමට ThePapare.com සමඟින් රැඳී සිටින්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<