ශ්‍රී ලංකා – කොදෙව් තරග කාලසටහන නිකුත් වෙයි

කොදෙව් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2020

148

ශ්‍රී ලංකාව සමඟ එක්දින තරග තුනකට සහ විස්සයි විස්ස තරග දෙකකට සහභාගී වීම වෙනුවෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම එළඹෙන පෙබරවාරි මස 10 වැනි දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත. 

ප්ලෙසිස් සමුගැනීමට සූදානම්?

එංගලන්ත – දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලිය දකුණු අප්‍රිකානු ප්‍රබල වේගපන්දු ‍යවන්නෙකු වන වර්නන් ෆිලෙන්ඩර්ගේ…………….

දෙරට අතර තරගාවලිය පෙබරවාරි 22 වැනිදා ආරම්භ වීමට නියමිත වුවත් ඊට දින 12 කට පෙර කොදෙව් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීම සුවිශේෂී වන අතර තරගාවලියට පෙර පුහුණු තරග දෙකක් සඳහා ද සභාගී වේ. 

දින 24 ක කාලයක් තිස්සේ මෙරට රැඳී සිටින කොදෙව් කණ්ඩායම සිය පළමු එක්දින තරගය සඳහා පෙබරවාරි 22 වැනිදා කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ දී සහභාගී වනු ඇත. ඒ අනුව එස්. එස්. සී. පිටියේ දී එක්දින තරගයක් පවත්වනු ලබන්නේ වසර 3 කට ආසන්න කාලයකට පසුව වීම විශේෂත්වයක් වේ. දිවා තරගයක් ලෙස පැවැත්වෙන එම තරගයට පෙර මෙහි අවසන් වරට එක්දින තරගයක් පවත්වා ඇත්තේ 2017 වසරේ දී අප්‍රේල් මස බංග්ලාදේශ කණ්ඩායම සමඟ පැවති එක්දින තරගය යි. 

මෙම තරග සංචාරය යටතේ පැවැත්වීමට නියමිත අනෙක් එක්දින තරග 2 පිළිවෙළින් පෙබරවාරි 26 වැනිදා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දීද තෙවන සහ අවසන් එක්දින තරග මාර්තු මස 01 වැනිදා මහනුවර පල්ලකැලේ ක්‍රීඩාංගණයේ දීද පැවැත්වෙනු ඇත. හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රිකට් පිටියේ ද අවසන් වරට ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් පවත්වා තිබෙන්නේ 2017 වසරේ ජූලි මාසයේ වන අතර සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවති එම තරගය ශ්‍රී ලංකාව කඩුලු 3 කින් පරාජයට පත්විය. 

මිනෝද් – වනිඳු සී. සී. සී. කණ්ඩායමට ශූරතාව දිනා දෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ අන්තර් ක්‍රීඩා සමාජය Major විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට…………..

දෙරට අතර පැවැත්වීමට නියමිත විස්සයි විස්සයි තරග දෙක මාර්තු 04 වනදා සහ 06 වනදා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනු ඇත. 

තරග කාලසටහන 

  • පෙබරවාරි 17 – පළමු පුහුණු තරගය – පී. සරා ඕවල් පිටිය
  • පෙබරවාරි 20 – දෙවන පුහුණු තරගය – කටුනායක මේරියන්ස් පිටිය
  • පෙබරවාරි 22 – පළමු එක්දින තරගය – එස්. එස්. සී. (දිවා)
  • පෙබරවාරි 26 – දෙවන එක්දින තරගය – හම්බන්තොට (දිවා/රාත්‍රී)
  • මාර්තු 01 – තෙවන එක්දින තරගය – පල්ලෙකැලේ (දිවා/රාත්‍රී)
  • මාර්තු 04 – පළමු විස්සයි විස්ස තරගය – පල්ලෙකැලේ (රාත්‍රී)
  • මාර්තු 06 – දෙවන විස්සයි විස්ස තරගය – පල්ලෙකැලේ (රාත්‍රී)

තරගාවලියේ සියලුම තතු ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න අප සමඟම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<