සැඟවුන මෙහෙයුමකට රෝච් එංගලන්තයට

88

බටහිර ඉන්දීය කොදෙව් වේගපන්දු යවන ක්‍රීඩක කෙමාර් රෝච් පවසා සිටින්නේ එංගලන්ත සංචාරය යෑමට ලැබීම තමාට ඉතා සතුටක් බවයි. ඒ පවතින කොරෝනා වෛරස තත්වය මධ්‍යයේ වුවත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ එංගලන්ත සංචාරය සැලසුම් කළ පරිදිම පැවැත්වෙන බව ජාත්‍යන්තර මාධ්‍ය හමුවේ හෙළි කරමිනි. 

කොන්ත්‍රාත්ගත ක්‍රිකට් ක්‍රීඩකයින්ට විශේෂ පණිවිඩයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ වාර්ෂික ගිවිසුම්ගතව සිටින සියලුම ක්‍රීඩකයින් ඉදිරියේ දී

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් බලධාරීන් පසුගිය බ්‍රහස්පතින්දා සාකච්ඡාවක නිරත වී තිබුනේ තරග තුනකින් සමන්විත එංගලන්ත සංචාරය පිළිබඳ තීරණයක් ගැනීමේ අරමුණිනි. එම තරගාවලිය ජුනි මාසයේ දී පැවැත්වීමට නියමිතව තිබුනත් ලොව පුරා පැතිර ගිය COVID-19 වෛරසය නිසා තරගාවලිය කල් දැමීමට සිදුවිය. 

එංගලන්ත හා වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලය විශ්වාසය පළකරන්නේ ප්‍රේක්ෂකයින් නොමැතිව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියා පිළිවෙත් මැද තරගාවලිය පැවැත්වීමට හැකි වනු ඇති බවයි. මේ වන විට තරගාවලිය ජූලි මස 08 වනදා ආරම්භ කිරීමට දින නියම කරගෙන තිබෙන අතර දෙවන ටෙස්ට් තරගය ජූලි මස 16 වනදාත්, තෙවන තරගය ජූලි මස 24 වනදාත් ආරම්භ කිරීමට දින නියම කර ඇත. බාබඩෝස් හි උපන් ක්‍රීඩකයෙකු වන 31 හැවිරිදි කෙමාර් රෝච්, ගෙවුනු සතියේ දී නැවතත් පුහුණුවීම් ආරම්භ කළ අතර ඔහු විශ්වාස කරන්නේ සැලසුම් කර ඇති පරිදි එංගලන්ත සංචාරය පැවැත්වෙනු ඇති බවයි. 

“එංගලන්තයේ මට සුන්දර මතකයන් තිබෙනවා. මම එංගලන්තයේ දී ක්‍රීඩා කරන්න බොහොම කැමතියි. එහි ඉතා හොඳ පහසුකම් සහ ඉතා හොඳ වාතාවරණයක් තිබෙනවා.” යයි රෝච් windiescricket.com වෙබ් අඩවියට පවසා තිබුනි.

“ඉතිහාසයේ පළමු වතාවට අපිට ප්‍රේක්ෂකයින් නැතිව ක්‍රීඩා කරන්නට සිදුවේවි. එහෙම වුනත් නැවත ක්‍රීඩා කරන්නට ලැබීම හරිම සතුටුදායකයි. අපි ගියපාර හොඳ තරගාවලියක් ක්‍රීඩා කළා.” 

කොන්ත්‍රාත්ගත ක්‍රිකට් ක්‍රීඩකයින්ට විශේෂ පණිවිඩයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ වාර්ෂික ගිවිසුම්ගතව සිටින සියලුම ක්‍රීඩකයින් ඉදිරියේ දී වෛද්‍ය පරීක්ෂණවලට

“මගේ ඉලක්කය තමයි මගේ 200 වන කඩුල්ල එංගලන්තයේ දී දවා ගැනීම. ඒක මගේ පෞද්ගලික ඉලක්කයක්. අපේ කණ්ඩායමේ ඉලක්කය තමයි තරගාවලිය ජයග්‍රහණය කරන එක.” 

කෙමාර් රෝච් 2019 වසරේ දී එංගලන්තය තරග 2-1ක් ලෙස පරාජය කළ කොදෙව් කණ්ඩායමේ ප්‍රධානතම සාමාජිකයෙකි. ඔහු එංගලන්තයට එරෙහිව තරග 10ක දී කඩුලු 42ක් දවාගෙන සිටින්නේ 26.59ක සාමාන්‍යයක් රඳවා ගනිමින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<