Home Sinhala වසර 3කට පසුව කොදෙව්වන් හමුවේ ශ්‍රී ලංකාවට ටෙස්ට් ජයක්

වසර 3කට පසුව කොදෙව්වන් හමුවේ ශ්‍රී ලංකාවට ටෙස්ට් ජයක්

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2021

427

සෝබර්ස් – තිසේරා කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර පැවැත්වෙන ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ පළමු ටෙස්ට් තරගය අද (25) ගාල්ලේ දී නිමා වුනේ ශ්‍රී ලංකාවට ලකුණු 187ක සුපිරි ජයක් හිමිකර දෙමිනි.

ඒ අනුව 2021-23 ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලිය සඳහා සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනේ ප්‍රසාද ලකුණු 12ක් දිනාගෙන දැනට ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයට උරුමකම් කියමිනුයි.

පස්වැනි සහ අවසන් දිනයේ ආරම්භය සටහන් වන විට කොදෙව් කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 52ක් ලබාගෙන ඉතාමත් අසීරු මට්ටමක පසුවුණා.

පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්,

ශ්‍රී ලංකාව – දිමුත් කරුණාරත්න (නායක), පැතුම් නිස්සංක, ඕෂද ප්‍රනාන්දු, ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, රමේෂ් මෙන්ඩිස්, සුරංග ලක්මාල්, දුෂ්මන්ත චමීර, ලසිත් ඇඹුල්දෙණිය, ප්‍රවීන් ජයවික්‍රම.

බටහිර ඉන්දීය කොදෙව් – Kraigg Brathwaite (capt.), Jeremy Solozano, Nkrumah Bonner, Roston Chase, Jermaine Blackwood, Kyle Mayers, Rahkeem Cornwall, Jason Holder, Joshua da Silva (wk), Jomel Warrican, Shannon Gabriel

Mayers සහ Holder එක්ව කොදෙව් පළමු ඉනිමේ දී ද 7 වැනි කඩුල්ල වෙනුවෙන් ඉතාමත් හොඳ ලකුණු 63ක සබඳතාවයක් ගොඩනැංවූවා. එයට නොදෙවෙනි සබඳතාවයක් ගොඩනැංවූ Bonner සහ Da Silva කොදෙව් දෙවැනි ඉනිමේ 7 වැනි කඩුල්ල සඳහා පන්දු 269ක දී ලකුණු 100ක සුපිරි ශතකය සබඳතාවයක් ගොඩනැංවූවා.

Da Silva ලකුණු 23 දී සහ Bonner ලකුණු 36 දී පැතුම් නිස්සංක වෙත උඩපන්දු දෙකක් ලබා දුන් නමුත් එම දෙකම නිසියාකාරාව රැකගැනීමට නිස්සංකට හැකියාවක් ලැබුණේ නැහැ. ඒ නිසාවෙන් ඔවුන් දෙදෙනාගේ සබඳතාවය තවදුරටත් රැගෙන යාමට අවස්ථාව ලැබුණා.

Da Silva සිල්වා සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ ලබා ගත් තෙවැනි අර්ධ ශතකය ලබා ගැනීමට සමත් වුනේ, කොදෙව් ක්‍රීඩකයෙක් මේ ටෙස්ට් තරගයේ දී ලබා ගත් පළමු අර්ධ ශතකය වාර්තා කරගෙනයි. පන්දු 129ක දී වාර්තා වුනු එම සටන්කාමී ලකුණු 54 ඉනිම සඳහා 4 පහර 5ක් ඇතුළත් වුනු අතර ලසිත් ඇඹුල්දෙණිය විසින් Da Silvaගේ කඩුල්ල බිඳ දමන්නට සමත් වුනා.

Bonner සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ ලබා ගත් 3 වැනි අර්ධ ශතකය ලබාගෙන, කොදෙව් පසුපෙළ සවිමත් කිරීම වෙනුවෙන් හුදකලා සටනක නිරත වුනු අතර Cornwall ද ඒ සඳහා අනගි සහයක් ලබා දුන්නා.

ඔවුන් දෙදෙනා 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 31ක සබඳතාවයක් ගොඩනැංවූ අතර එය ඔවුන්ගේ දෙවැනි ඉනිමේ දී ගොඩනැංවුණු දෙවැනි හොඳම සබඳතාවය වුනා. Cornwallගේ කඩුල්ල ලකුණු 13කට දවා ගනිමින් නැවතත් ශ්‍රී ලංකාව තරගයට රැගෙන එන්නට ප්‍රවීන් සමත් වූ අතර අවසානයේ දී කොදෙව් පසුපෙළ අවසන් කඩුලු දෙක ලකුණු 11ක් තුල දවා ගැනීමට ඇඹුල්දෙණිය සමත් වුනා.

කොදෙව් දෙවැනි ඉනිම ලකුණු 160ක් දක්වා රැගෙන යාම වෙනුවෙන් සුපිරි වෑයමක් දැරූ Bonner පන්දු 220ක දී නොදැවී ලකුණු 68*ක් ලබා ගත් අතර ඔහුගේ එම ඉනිම සඳහා 4 පහර 7ක් ඇතුළත් වුනා.

කොදෙව් දෙවැනි ඉනිම සුන්කර දැමූ ඇඹුල්දෙණිය සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ ලබා ගත් සිව්වැනි කඩුලු 5 අවස්ථාව සාර්ථක කරගත්තා. ඒ සඳහා පිට දඟපන්දු යැවීමෙන් සහය වුනු රමේෂ් මෙන්ඩිස් කඩුලු 4ක් දවා ගනිමින් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ ඉනිමක හොඳම පන්දු යැවීමේ දස්කම වාර්තා කළා.

2021-23 ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහන මෙසේයි,

(2021 නොවැම්බර් 25 වන විට)

දෙරට අතර පැවැත්වීමට නියමිත දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය මේ මස 29 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟම.

Result


West Indies
230/10 (85.5) & 160/10 (79)

Sri Lanka
386/10 (133.5) & 191/4 (40.5)

Batsmen R B 4s 6s SR
Pathum Nissanka c Rahkeem Cornwall b Shannon Gabriel 56 140 7 0 40.00
Dimuth Karunaratne st Joshua Da Silva b Roston Chase 147 300 15 0 49.00
Oshada Fernando c Nkrumah Bonner b Roston Chase 3 27 0 0 11.11
Angelo Mathews c Jason Holder b Roston Chase 3 25 0 0 12.00
Dhananjaya de Silva hit-wicket b Shannon Gabriel 61 95 5 0 64.21
Dinesh Chandimal c Rahkeem Cornwall b Roston Chase 45 83 5 0 54.22
Ramesh Mendis c Joshua Da Silva b Jomel Warrican 13 49 2 0 26.53
Suranga Lakmal lbw b Jomel Warrican 11 44 2 0 25.00
Dushmantha Chameera c Kraig Brathwaite b Jomel Warrican 3 0 0 0 0.00
Lasith Embuldeniya c Jermaine Blackwood b Roston Chase 17 0 1 1 0.00
Praveen Jayawickrama not out 8 0 1 0 0.00


Extras 19 (b 5 , lb 6 , nb 8, w 0, pen 0)
Total 386/10 (133.5 Overs, RR: 2.88)
Fall of Wickets 1-139 (49.1) Pathum Nissanka, 2-164 (57.3) Oshada Fernando, 3-170 (65.1) Angelo Mathews, 4-281 (94.4) Dhananjaya de Silva, 5-296 (99.5) Dimuth Karunaratne, 6-331 (112.6) Ramesh Mendis, 7-355 (124.4) Suranga Lakmal, 8-361 (127.4) Dinesh Chandimal, 9-361 (128.1) Dushmantha Chameera, 10-386 (133.5) Lasith Embuldeniya,

Bowling O M R W Econ
Shannon Gabriel 19 2 68 2 3.58
Jason Holder 19 9 24 0 1.26
Rahkeem Cornwall 27 3 91 0 3.37
Kyle Mayers 3 0 9 0 3.00
Jomel Warrican 32 5 87 3 2.72
Roston Chase 28.5 3 83 5 2.91
Jermaine Blackwood 1 0 6 0 6.00
Kraig Brathwaite 4 0 6 0 1.50
Batsmen R B 4s 6s SR
Kraig Brathwaite c Pathum Nissanka b Ramesh Mendis 41 115 7 0 35.65
Jermaine Blackwood lbw b Lasith Embuldeniya 20 44 1 1 45.45
Nkrumah Bonner c Dhananjaya de Silva b Praveen Jayawickrama 1 11 0 0 9.09
Shai Hope c Oshada Fernando b Ramesh Mendis 10 31 0 0 32.26
Roston Chase c Oshada Fernando b Ramesh Mendis 2 24 0 0 8.33
Jomel Warrican c Dinesh Chandimal b Praveen Jayawickrama 1 8 0 0 12.50
Kyle Mayers c Dimuth Karunaratne b Dhananjaya de Silva 45 62 8 0 72.58
Jason Holder c Dushmantha Chameera b Praveen Jayawickrama 36 60 3 2 60.00
Joshua Da Silva b 15 88 1 0 17.05
Rahkeem Cornwall c Ramesh Mendis b Suranga Lakmal 39 58 5 1 67.24
Shannon Gabriel lbw b Praveen Jayawickrama 2 11 0 0 18.18


Extras 18 (b 3 , lb 10 , nb 2, w 3, pen 0)
Total 230/10 (85.5 Overs, RR: 2.68)
Fall of Wickets 1-46 (20.1) Jermaine Blackwood, 2-51 (23.5) Nkrumah Bonner, 3-80 (31.6) Kraig Brathwaite, 4-83 (33.1) Shai Hope, 5-86 (36.6) Jomel Warrican, 6-100 (39.6) Roston Chase, 7-163 (57.1) Kyle Mayers, 8-175 (60.4) Jason Holder, 9-224 (79.6) Rahkeem Cornwall, 10-230 (85.5) Shannon Gabriel,

Bowling O M R W Econ
Suranga Lakmal 6 1 10 1 1.67
Dushmantha Chameera 8 0 14 0 1.75
Lasith Embuldeniya 32 11 67 1 2.09
Praveen Jayawickrama 19.5 6 40 4 2.05
Ramesh Mendis 17 1 75 3 4.41
Dhananjaya de Silva 3 0 11 1 3.67
Batsmen R B 4s 6s SR
Pathum Nissanka c Shai Hope b Rahkeem Cornwall 3 11 0 0 27.27
Dimuth Karunaratne c Jermaine Blackwood b Rahkeem Cornwall 83 103 9 0 80.58
Oshada Fernando lbw b Jomel Warrican 14 32 1 0 43.75
Angelo Mathews b 69 83 6 0 83.13
Dhananjaya de Silva c & b Jomel Warrican 1 7 0 0 14.29
Dinesh Chandimal b 10 8 0 0 125.00


Extras 11 (b 8 , lb 2 , nb 1, w 0, pen 0)
Total 191/4 (40.5 Overs, RR: 4.68)
Fall of Wickets 1-4 (2.3) Pathum Nissanka, 2-39 (11.5) Oshada Fernando, 3-162 (36.3) Dimuth Karunaratne, 4-163 (38.1) Dhananjaya de Silva,

Bowling O M R W Econ
Rahkeem Cornwall 15.5 0 60 2 3.87
Jason Holder 5 0 19 0 3.80
Roston Chase 6 1 28 0 4.67
Jomel Warrican 9 0 42 2 4.67
Shannon Gabriel 4 0 23 0 5.75
Kraig Brathwaite 1 0 9 0 9.00


Batsmen R B 4s 6s SR
Kraig Brathwaite lbw b Ramesh Mendis 0 14 0 0 0.00
Jermaine Blackwood c Angelo Mathews b Lasith Embuldeniya 9 18 0 0 50.00
Nkrumah Bonner not out 68 220 0 0 30.91
Shai Hope b Ramesh Mendis 3 9 0 0 33.33
Roston Chase b Lasith Embuldeniya 1 7 0 0 14.29
Kyle Mayers lbw b Ramesh Mendis 2 5 0 0 40.00
Jason Holder b Ramesh Mendis 0 1 0 0 0.00
Joshua Da Silva c Dhananjaya de Silva b Lasith Embuldeniya 54 129 0 0 41.86
Rahkeem Cornwall c Suranga Lakmal b Praveen Jayawickrama 13 46 0 0 28.26
Jomel Warrican c Avishka Fernando b Lasith Embuldeniya 1 21 0 0 4.76
Shannon Gabriel c Dhananjaya de Silva b Lasith Embuldeniya 0 6 0 0 0.00


Extras 9 (b 0 , lb 5 , nb 2, w 2, pen 0)
Total 160/10 (79 Overs, RR: 2.03)
Fall of Wickets 1-3 (3.4) Kraig Brathwaite, 2-11 (6.4) Jermaine Blackwood, 3-14 (9.1) Shai Hope, 4-15 (10.2) Roston Chase, 5-18 (11.3) Kyle Mayers, 6-18 (11.4) Jason Holder,

Bowling O M R W Econ
Lasith Embuldeniya 29 12 46 5 1.59
Ramesh Mendis 31 5 64 4 2.06
Praveen Jayawickrama 14 6 28 1 2.00
Dhananjaya de Silva 1 0 5 0 5.00
Dushmantha Chameera 4 0 12 0 3.00



>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<