ශ්‍රී ලංකාව ආසියාවේ වැජඹෙමින් CASA 7s රග්බි ශූරතා ජයග්‍රහණ ලබයි

CASA 7s

3
rugby 7s

ඉතිහාසයේ පළමු වරට ක්‍රියාත්මක වූ CASA සත් සාමාජික රග්බි තරගාවලියේ දී ද්විත්ව ශූරතා දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා.

උස්බෙකිස්තානයේ Tashkent හිදී පැවැත්වුණු මෙම තරගාවලියට ශ්‍රී ලංකාව, ඉන්දියාව, උස්බෙකිස්තානය, කිර්ගිස්තානය, මොන්ගෝලියාව විසින් කාන්තා සහ පිරිමි කණ්ඩායම් සහභාගී කළ අතර, ඊට අමතරව පාකිස්තානය විසින් පිරිමි කණ්ඩායමක් සහ කසකස්තානය විසින් කාන්තා කණ්ඩායමක් තරගාවලියට සහභාගී වුනා.

තරගාවලිය ආරම්භයේ පටන් ම ශ්‍රී ලංකා කාන්තා සහ පිරිමි කණ්ඩායම් ඉතා හොඳින් සිය ක්‍රීඩාශීලී තරග රටාවට අවතීර්ණ වීමට සමත් වීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තරගාවලියේ ක්‍රීඩා කළ තරග ප්‍රතිඵල:

  • ශ්‍රී ලංකාව 12 – කසකස්තානය 05
  • ශ්‍රී ලංකාව 77 – කිර්ගිස්තානය 00
  • ශ්‍රී ලංකාව 34 – මොන්ගෝලියාව 00
  • ශ්‍රී ලංකාව 12 – උස්බෙකිස්තානය 12
  • ශ්‍රී ලංකාව 19 – ඉන්දියාව 24

චරනි ලියනගේ විසින් නායකත්වය ලබා දුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම විසින් මෙම තරගාවලියේ අවසන් තරගයට ඒ අයුරින් සුදුසුකම් ලබාගත්තා. මෙහි දී ඔවුන් ඉන්දියාව හමුවේ ලද තියුණු පරාජය හැරුණු කොට ඉතා සාර්ථක සහ අපරාජිත තරගාවලියක් ක්‍රීඩා කිරීමට සමත් වීමත් විශේෂත්වයක්.

අවසන් මහා තරගයේ දී ශ්‍රී ලංකාව සහ කසකස්තානය නැවත තරග බිමට පිවිසුණු අතර, එහි දී ලකුණු 27-00ක් ලෙස ඉතා විශිෂ්ට ජයක් ලබමින් ශූරතාව දිනා ගැනීමට ද ඔවුන් සමත් වුනා.

මේ අතර ශ්‍රීනාත් සූරියබණ්ඩාරගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පිරිමි සත්සාමාජික රග්බි කණ්ඩායම ද මෙම තරගාවලියේ ඉහළ දක්ෂතා දැක්වීමට සමත් වුනා.

ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම තරගාවලියේ ක්‍රීඩා කළ තරග ප්‍රතිඵල:

  • ශ්‍රී ලංකාව 54 – කිර්ගිස්තානය 05
  • ශ්‍රී ලංකාව 43 – මොන්ගෝලියාව 05
  • ශ්‍රී ලංකාව 41 – පාකිස්තානය 00
  • ශ්‍රී ලංකාව 29 – උස්බෙකිස්තානය 05
  • ශ්‍රී ලංකාව 33 – ඉන්දියාව 12

ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම ඒ අයුරින් අපරාජිත ව අවසන් මහා සටනට සුදුසුකම් ලබාගත් අතර, අවසන් තරගයේ දී ඔවුන්ට නැවතත් ඉන්දියාව මුණ ගැසුණා. එම තරගයේ දී ඉන්දියාවට එරෙහිව ලකුණු 31-10ක් ලෙස පහසු ජයක් ලැබූ ශ්‍රී ලංකාව පිරිමි ශූරතාව ද තමන් සතු කර ගැනීමට සමත් වුනා.

මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකාව ආසියාතික වශයෙන් රග්බි ක්‍රීඩාවෙන් ලද විශිෂ්ටතම ජයක් ලෙස ඉතිහාසයේ ලියැවෙනු ඇති.

දෙස්, විදෙස් රග්බි පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<