පොදුරදමඩුලු යන ශ්‍රී ලංකා බර ඉසිලීමේ සංචිතය නම් කරයි

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022

300

එළඹෙන ජූලි මස 28 වැනිදා සිට අගෝස්තු මස 8 වැනිදා දක්වා එංගලන්තයේ Birmingham හිදී පැවැත්වීමට නියමිත 22 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් බර ඉසිලීමේ ක්‍රීඩකයින් 10 දෙනෙකුගෙන් යුත් සංචිතයක් සහභාගී කරවීම සඳහා ජාත්‍යන්තර බර ඉසිලීමේ සම්මේලනයේ අනුමැතිය හිමි වී තිබෙනවා.

ක්‍රීඩකයින් තෝරා ගැනීම සඳහා 2021 ජනවාරි 01 වැනිදා සිට 2022 පෙබරවාරි 28 වැනිදා දක්වා පැවති තරගාවලිවල දී ක්‍රීඩකයින් දැක්වූ දක්ෂතා සැලකිල්ලට ගෙන තිබෙනවා.

පසුගිය දෙසැම්බර් මාසයේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ තරගාවලියේ දී සහ පසුගිය මාසයේ සිංගප්පූරුවේ දී පැවති ආසියානු සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ දී දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් සහ ක්‍රීඩිකාවන් මෙම සංචිතය සඳහා තෝරාගෙන තිබෙනවා.

ක්‍රීඩිකාවන් 4 දෙනෙකු සහ ක්‍රීඩකයින් 6 දෙනෙකුගෙන් යුත් මෙම ශ්‍රී ලංකා සංචිතය සඳහා හිටපු පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කම් ලාභී ක්‍රීඩකයින් තිදෙනෙකු වන චින්තන විතානගේ, ඉන්දික දිසානායක සහ චතුරංග ලක්මාල් ජයසූරිය ඇතුළත්. චින්තන විතානගේ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලක් සඳහා සහභාගී වන 5 වැනි අවස්ථාව මෙයයි.

තරගාවලිය සඳහා සහභාගී වන සංචිතය

කාන්තා සංචිතය:

  1. ශ්‍රීමාලි සමරකෝන් – 49Kg අඩු බර පන්තිය
  2. චාමරි වර්ණකුලසූරිය – 55Kg අඩු බර පන්තිය
  3. චතුරිකා ප්‍රියන්ති – 87Kg අඩු බර පන්තිය
  4. තිමාලි හපුතැන්න – 87Kg අඩු බර පන්තිය

පිරිමි සංචිතය:

  1. ඩිලංක ඉසුරු කුමාර – 55Kg අඩු බර පන්තිය
  2. තිලංක විරාජ් පලඟසිංහ – 61Kg අඩු බර පන්තිය
  3. චතුරංග ලක්මාල් ජයසූරිය – 67Kg අඩු බර පන්තිය
  4. ඉන්දික දිසානායක – 73Kg අඩු බර පන්තිය
  5. චින්තක විතානගේ – 81Kg අඩු බර පන්තිය
  6. උෂාන් විදානපතිරණ – 109Kg අඩු බර පන්තිය

 >> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<