Savate Kickboxing තරගාවලියේ දී ශ්‍රී ලංකාවෙන් ඉහළ දස්කම්

342

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පාකිස්තානයේ දී පැවති දෙවැනි Savate Kickboxing තරගාවලියේ දී ඉහළ දස්කම් දක්වමින් එහි ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැකි වුනා.

සමස්ත තරගාවලිය පුරාවට ඉහළ දස්කම් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් එම තරගාවලියේ දී රන් පදක්කම් හතක් සහ රිදී පදක්කම් දෙකක් සමඟ සමස්ත පදක්කම් දොළහක් ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

තරගාවලියේ වඩාත් අවධානය දිනා ගත් ක්‍රීඩිකාවක් වූ Inthugadevi අවුරුදු 25න් පහළ කිලෝග්‍රෑම් 48-52 බර පන්තියේ රන් පදක්කම දිනා ගන්නට සමත් වුනා. මුලතිව් ප්‍රදේශයේ උපත ලද ඇය, යුද්ධය නිසාවෙන් සිය පියා අහිමි වීමෙන් අනතුරුව මව සහ ඇයට උපකාර කළ කිහිප දෙනෙකුගේ සහයෝගය ඇතිව ක්‍රීඩාවේ නිරත වෙමින් මෙම ජයග්‍රහණය ලබා ගැනීම විශේෂත්වයක්.

අවුරුදු 10න් පහළ කිලෝග්‍රෑම් 20-24 බර පන්තිය යටතේ තරග වැදුණු M. Muaviya, 30න් පහළ කිලෝග්‍රෑම් 60-65 බර පන්තියෙන් තරග කළ සී. රස්වි, 25න් පහළ කිලෝග්‍රෑම් 70-75 යටතේ තරග කළ එම්. සදීර්, 20න් පහළ කිලෝග්‍රෑම් 70-75 යටතේ තරග වැදුණු එස්. අක්තාර්, 25න් පහළ කිලෝග්‍රෑම් 56-60 යටතේ තරග කළ එම්. මිර්ශාඩ් සහ ප්‍රසාත් වික්‍රමසිංහ රන් පදක්කම් දිනා ගැනීමට සමත්ව තිබුණා.

ඔවුන්ට අමතරව 30න් පහළ කිලෝග්‍රෑම් 70-75 යටතේ තරග කළ එල්. හකීම්, 30න් පහළ කිලෝග්‍රෑම් 55-60 යටතේ තරග කළ එස්. අහමඩ්, 20න් පහළ කිලෝග්‍රෑම් 40-44 යටතේ තරග කළ එච්. ෆහමා, 18න් පහළ කිලෝග්‍රෑම් 48-52 යටතේ තරග වැදුණු ජේ. බණ්ඩාර සහ 30න් පහළ 70-75 කාණ්ඩයෙන් තරග වැදුණු එම්. නසීර් රිදී පදක්කම් දිනා ගැනීමට සමත් වුනා.

මෙම තරගාවලියේ දස්කම් දක්වමින් ලක්මාතාවට කීර්තියක් ගෙන ඒමට සමත් වූ Savate Kickboxing කණ්ඩායමේ සියලූම ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ThePapare.com අපගේ උණුසුම් සුබ පැතුම්.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<