Home Sinhala අශේන් – නිශාන් අවසන් දිනය දීප්තිමත් කරයි

අශේන් – නිශාන් අවසන් දිනය දීප්තිමත් කරයි

1370

ශ්‍රී ලංකා, බංග්ලාදේශ නැගී එන කණ්ඩායම් අතර පැවති පළමු සිව්දින පුහුණු තරගය අද (30) කුල්නා හිදී නිමාව දුටුවේ ජය පරාජයකින් තොරවයි. එහිදී මුල් දින දෙකේ වැඩි වාසි බංග්ලාදේශ පිළ සතු වුවද පසුව ශ්‍රී ලංකා පසුපෙළ පිතිකරුවන් තරගය බේරා ගැනීමට කටයුතු කිරීම ප්‍රශංසනීය විය. එහිදී වඩාත්ම කැපී පෙනුනේ තවමත් 20 හැවිරිදි වියේ පසුවන දක්ෂ ක්‍රීඩකයෙකු වන අශේන් බණ්ඩාර රැස් කරගත් ලකුණු 85යි.

වර්ෂාවේ බාධා කිරීම් මැද ප්‍රමෝද් – අශේන් ඉනිම පිළිසකර කරති

ශ්‍රී ලංකා – බංග්ලාදේශ නැගී එන කණ්ඩායම් අතර පැවැත්වෙන පළමු සිව්දින ටෙස්ට් තරගයේ තෙවැනි දිනය…..

අද උදෑසන සිව්වැනි සහ අවසන් දිනයට තරගය ආරම්භ වෙද්දී ශ්‍රී ලංකා පිළ කඩුලු 6ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 190කි. ඒ බංග්ලාදේශ නැගී එන පිළ සිය පළමු ඉනිම වෙනුවෙන් රැස් කරගත් දැවැන්ත ලකුණු 360ට පිලිතුරු ලෙසයි. එහිදී පැතුම් නිශ්ශංක, චරිත් අසලංක වැනි මුල්පෙළ පිතිකරුවන් ඉතාමත් අඩු සංඛ්‍යා වලට දැවී ගිය වටපිටාවක් තුල මෙම උත්සාහය ද ශ්‍රී ලංකා පිළේ ගැලවීමට උදව් වූ මූලික කරුණ බවට පත්විය.

මැදපෙළ පිතිකරුවන් ලෙස වගකීම අමතක නොකල ප්‍රමෝද් මධුවන්ත ඊයේ ලකුණු 40ක් රැස් කරද්දී අද දිනය දක්වාම නොදැවී සිටි අශේන් බණ්ඩාර මෙම තරගයේ ශ්‍රී ලංකා පිළේ ගැලවුම් කරුවා බවට පත්විය. ඒ පන්දු 256කට මුහුණ දෙමින් ලකුණු 85ක් රැස් කරමිනි. නියම ටෙස්ට් පිතිකරුවෙකු තුල තිබිය යුතු ඉවසීම සහ සංයමය මැනවින් කැටිවුණු අශේන්ගේ ඉනිමට අලංකාර හතරේ පහර 8ක් ඇතුළත් විය. කෙසේවෙතත් අද ඔහුට ශතකය කරා යාමට නොහැකි වූයේ ශෆියුල් ඉස්ලාම් වේග පන්දුවක් ඊට හරස් වීමෙනි.

යම් හෙයකින් අශේන්ගේ සහයට තවත් පිතිකරුවෙකු සිටියානම් අද ඔහුට ශතකය කරා යාමට අවස්ථාව තිබූ බවද පෙනෙන්නට තිබුණි. ඒ ඔහුට ඉනිමේ අවසන් කොටසේ දී ශතකය ලබා ගැනීමට වඩා අනෙක් අන්තයේ පිතිකරුවා ද ප්‍රවේසම් කර ගැනීමට සිදුවූ බැවිනි. අශේන් අද ශ්‍රී ලංකා පිළේ අවසන් කඩුල්ල ලෙස දැවී යද්දී ශ්‍රී ලංකා ප්‍රථම ඉනිම සටහන් වූයේ ලකුණු 244ක් ලෙසයි. 

එහිදී බංග්ලාදේශය වෙනුවෙන් වඩාත්ම සුවිශේෂී පන්දු යැවීමක යෙදුනේ ලකුණු 93ට කඩුලු 7ක් බිඳ හෙලූ නයීම් හසනුයි. තවමත් 18 වැනි වියේ පසුවන දකුණත් පිට දඟ පන්දු යවන්නෙකු වන ඔහු මෙම දස්කමත් සමඟින් බංග්ලාදේශ තේරීම් කමිටුවේ දැඩි අවධානයට ලක්වන බවනම් නිසැකය.

අනුක් සහ මානෙත් තෝමසුවෝ ගලවා ගනී

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන වයස අවුරුදු 17න් පහළ සිංගර් කුසලාන පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ….

ශ්‍රී ලංකා ඉනිම අවසන් වීමත් සමඟ අද බංග්ලාදේශ දෙවැනි ඉනිම ආරම්භ වන්නේ ලකුණු 116ක ඉදිරියක් සමඟයි. නමුත් සිව්වැනි දිනයේ ඉතිරිව තිබූ කෙටි කාලය තුලදී ඔවුන් ලබාගත් මෙම ඉදිරිය ජයග්‍රහණයක් බවට පරිවර්තනය කර ගැනීමට හැකියාවක් නොවීය. ඒ අනුව අද තරගය නිමාව දකින විට බංග්ලාදේශ පිළේ දෙවැනි ඉනිම සටහන් වූයේ කඩුලු 4කට ලකුණු 102ක් ලෙසයි. එහිදී බිඳ වැටුනු කඩුලු 4න් 3ක්ම තමන් සතුකර ගැනීමට දකුණත් පිට දඟ පන්දු යවන ක්‍රීඩක නිශාන් පීරිස් සමත් විය. ඉතිරි කඩුල්ලට වග කියූවේ ආරම්භක පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දුයි.

බංග්ලාදේශ දෙවැනි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූයේ නොදැවී ලකුණු 40ක් රැස් කළ ආරම්භක පිතිකරු සයිෆ් හසනුයි. මීට අමතරව ප්‍රථම ඉනිමේ ශතකලාභියෙකු වූ නජ්මුල් හොසේන් සහ සකීර් හසන් ලකුණු 25 බැගින් රැස්කර ගත්හ. ඒ අනුව තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වනවිට බංග්ලාදේශය, ශ්‍රී ලංකා ප්‍රථම ඉනිමට වඩා ලකුණු 218ක් ඉදිරියෙන් පසුවූහ. තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේ බංග්ලාදේශ නායක නජ්මුල් හොසේනුයි.

මහේල ජයවර්ධන පුහුණුකරුවෙකු ලෙස එංගලන්තයට

සුපිරි ක්‍රිකට් නායක මහේල ජයවර්ධන එංගලන්ත The Hundred ක්‍රිකට් තරගාවලිය සඳහා Southampton කණ්ඩායමේ….

දෙරට අතර දීර්ඝ තරග සංචාරය අවසන් කරමින් දෙවැනි නිල නොවන සිව්දින ටෙස්ට් තරගය සැප්තැම්බර් 3 වැනිදා ශෙයික් කමාල් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතව ඇත.

Result

Match drawn

Sri Lanka Emerging Team
244/10 (103.4)

Bangladesh Emerging Team
360/10 (135.4) & 102/4 (43)

Batsmen R B 4s 6s SR
Saif Hassan run out (Kalana Perera) 18 94 3 0 19.15
Mohammad Naim c Minod Bhanuka b Kalana Perera 9 8 2 0 112.50
Najmul Hossain Shanto lbw b Kalana Perera 133 269 13 1 49.44
Yasir Ali c Pathum Nissanka b Ramesh Mendis 4 30 0 0 13.33
Afif Hossain b Nishan Peiris 54 108 1 0 50.00
Zakir Hasan c Pathum Nissanka b Ramesh Mendis 49 128 4 0 38.28
Mahidul Islam Ankon c & b Asitha Fernando 4 12 0 0 33.33
Nayeem Hasan c Sangeeth Cooray b Asitha Fernando 36 72 4 0 50.00
Yeasin Arafat c & b Ramesh Mendis 12 45 1 0 26.67
Tanvir Islam not out 16 43 1 0 37.21
Shafiqul Islam b Ramesh Mendis 1 10 0 0 10.00


Extras 24 (b 6 , lb 14 , nb 4, w 0, pen 0)
Total 360/10 (135.4 Overs, RR: 2.65)
Fall of Wickets 1-12 (3.1) Mohammad Naim, 2-81 (31.4) Saif Hassan, 3-95 (41.2) Yasir Ali, 4-194 (72.6) Afif Hossain, 5-249 (93.4) Najmul Hossain Shanto, 6-262 (98.6) Mahidul Islam Ankon, 7-320 (117.5) Zakir Hasan, 8-326 (120.6) Nayeem Hasan, 9-348 (131.6) Yeasin Arafat, 10-360 (135.4) Shafiqul Islam,

Bowling O M R W Econ
Asitha Fernando 25 3 74 2 2.96
Kalana Perera 27 8 62 2 2.30
Chamika Karunarathne 25 4 55 0 2.20
Nishan Peiris 30 3 76 1 2.53
Ramesh Mendis 28.4 2 73 4 2.57
Batsmen R B 4s 6s SR
Pathum Nissanka c Yasir Ali b Nayeem Hasan 16 22 3 0 72.73
Sangeeth Cooray c Yasir Ali b Nayeem Hasan 6 16 0 0 37.50
Charith Asalanka c Mohammad Naim b Nayeem Hasan 18 34 2 0 52.94
Minod Bhanuka c Mahidul Islam Ankon b Nayeem Hasan 11 25 2 0 44.00
Promod Maduwantha lbw b Tanvir Islam 40 136 3 0 29.41
Ashen Bandara c Najmul Hossain Shanto b Shafiqul Islam 85 256 8 0 33.20
Ramesh Mendis c Saif Hassan b Shafiqul Islam 18 44 2 0 40.91
Chamika Karunarathne b Nayeem Hasan 8 51 0 0 15.69
Kalana Perera c Mahidul Islam Ankon b Nayeem Hasan 8 6 1 0 133.33
Nishan Peiris b Nayeem Hasan 15 28 3 0 53.57
Asitha Fernando not out 1 5 0 0 20.00


Extras 18 (b 11 , lb 6 , nb 1, w 0, pen 0)
Total 244/10 (103.4 Overs, RR: 2.35)
Fall of Wickets 1-21 (5.3) Pathum Nissanka, 2-26 (7.3) Sangeeth Cooray, 3-52 (15.2) Minod Bhanuka, 4-59 (17.4) Charith Asalanka, 5-141 (59.2) Promod Maduwantha, 6-170 (74.1) Ramesh Mendis, 7-196 (90.6) Chamika Karunarathne, 8-206 (92.6) Kalana Perera, 9-234 (100.4) Nishan Peiris, 10-244 (103.4) Ashen Bandara,

Bowling O M R W Econ
Yeasin Arafat 16 4 28 0 1.75
Shafiqul Islam 23.4 6 59 2 2.52
Nayeem Hasan 40 14 93 7 2.33
Tanvir Islam 22 7 41 1 1.86
Afif Hossain 2 1 6 0 3.00


Batsmen R B 4s 6s SR
Saif Hassan not out 40 113 0 1 35.40
Mohammad Naim lbw b Nishan Peiris 8 54 0 0 14.81
Najmul Hossain Shanto b Asitha Fernando 25 38 2 2 65.79
Yasir Ali b Nishan Peiris 3 11 0 0 27.27
Afif Hossain c Chamika Karunarathne b Nishan Peiris 1 5 0 0 20.00
Zakir Hasan not out 25 37 3 0 67.57


Extras 0 (b 0 , lb 0 , nb 0, w 0, pen 0)
Total 102/4 (43 Overs, RR: 2.37)
Fall of Wickets 1-21 (16.2) Mohammad Naim, 2-48 (27.3) Najmul Hossain Shanto, 3-55 (30.5) Yasir Ali, 4-63 (32.2) Afif Hossain,

Bowling O M R W Econ
Asitha Fernando 7 2 19 1 2.71
Kalana Perera 7 4 4 0 0.57
Chamika Karunarathne 5 1 5 0 1.00
Ramesh Mendis 6 3 18 0 3.00
Nishan Peiris 15 4 43 3 2.87
Charith Asalanka 3 0 13 0 4.33



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<