රවිඳු අර්ධ ශතකයක් රැස් කරද්දී තරිඳුගෙන් හොඳ පන්දු යැවීමක්

ශ්‍රී ලංකා අන්තර් සමාජ නැගී එන තුන්දින තරගාවලිය

746
SLC

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන අන්තර් සමාජ නැගී එන තුන්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු දිනය අවසන් වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන Tamil Union කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 201 රැස් කරගෙන සිටියා.

ශූරයන්ට රුපියල් ලක්ෂ 500,000ක් සහ අනුශූරයින්ට ලක්ෂ 300,000ක් පිරිනමන මෙම තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේ Tamil Union සහ Sebastian කණ්ඩායම් ද්විත්වයයි.

කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ මෙම අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනා ගත් Sebastian නායකයා පළමුවෙන් පන්දුවට පහ රදීමට Tamil Union ක්‍රීඩකයින්ට ආරාධනා කළා.

එම ආරාධනාවෙන් පිටියට පිවිසි Tamil Union කණ්ඩායමේ පළමු කඩුලු ත්‍රිත්වය ලකුණු 50ක් තුළ නැවත ක්‍රීඩාගාරයට හරවා යැවීමට ප්‍රතිවාදී පන්දු යවන්නන්ට හැකි වුනේ නවෝද් පරණවිතාන ලකුණු 10කටත්, සුපුන් කාවින්ද ලකුණු 24කටත් සහ කමේෂ් නිර්මාල් ලකුණු 08කටත් පිටියෙන් ඉවත් කරමිනුයි.

ඉන්පසු පිටියට පිවිසි රමිත් රත්නසේන ලකුණු 3කට පිටියෙන් ඉවත් වෙද්දී සිය ඉනිමට තරමක ජීවයක් ගෙන දීමට උත්සහ කළ සංතුෂ් ගුණතිලක ලකුණු 27කට දැවී ගියේ මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 99ක් වන විටයි.

Tamil Union කණ්ඩායමේ සාර්ථකම පිතිකරුවා වූ රවිඳු ප්‍රනාන්දු නොදැවී ලකුණු 63ක් ලබා ගැනීමට සමත් වෙද්දී, ඔහුට අනගි සහයක් ලබා දුන් කවිඳු පතිරණ ලකුණු 24ක් සහ රවීන් ද සිල්වා නොදැවී ලකුණු 21ක් රැස් කරගෙන සිටියා.

තරගයේ පළමු දිනය වූ අද (22) සවස් වරුව වර්ෂාව නිසාවෙන් අතහැර දැමීමට සිදුවීම නිසාවෙන් පළමු දිනයට තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කර Tamil Union ක්‍රීඩකයින් කඩුලු 7ක් දැවී ලකුණු 201 රැස් කරගෙන සිටිනවා.

අගනා පන්දු යැවීමක නිරත වූ තරිඳු රත්නායක ලකුණු 91කට කඩුලු 3ක් දවා ගනිද්දී, මනෙල්කර් ද සිල්වා සහ සඳුන් ප්‍රනාන්දු අතරේ කඩුලු දෙක බැගින් බෙදී ගියා.

Tamil Union C & A: 201/7 (60) – රවිඳු ප්‍රනාන්දු 63*, සංතුෂ් ගුණතිලක 27, කවිඳු පතිරණ 24, රවීන් ද සිල්වා 21*, තරිඳු රත්නායක 3/91.

මෙම තරගයේ සියලූම තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare.com අප සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<