Sebastianites සහ Kandy Customs සතියේ ජයග්‍රහණ වාර්තා කරයි

ශ්‍රී ලංකා අන්තර් සමාජ නැගී එන තුන්දින තරගාවලිය

316
Major Club Emerging 3 day Tournament 2022

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන අන්තර් සමාජ නැගී එන තුන්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (03) අවසන් වුනේ Sebastianites C & A සහ Kandy Customs Cricket Club ක්‍රීඩකයින්ට ජයග්‍රහණ හිමි කරදෙමිනුයි.

තරගාවලියේ තෙවැනි දිනය වූ අද දිවයින පුරා පනවා තිබූ හදිසි නීතිය නිසාවෙන් තරග පැවැත්වීමට නොහැකි වූ අතර එම නිසාවෙන් තරග බොහොමයක් ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට සිදුවුනා.

එම නිසා දින දෙකක් තුළ සිය ජයග්‍රහණයන් සම්පූර්ණ කළ Sebastianites සහ Kandy Customs කණ්ඩායම් වලට පමණක් මෙම සතියේ ජයග්‍රහණ හිමි වුනා.

කෙටි ලකුණු සටහන්,

Negombo CC සහ Tamil Union C & A

  • කාසියේ වාසිය – Negombo CC
  • ක්‍රීඩාංගණය – Sri Lanka Army Ordnance Corps International Cricket Stadium

Negombo CC – 113 (46.5): ජීවක ශෙෂාන් 17, පසිඳු ලක්ෂාන් 16, කවිඳු පතිරණ 8/35.

Negombo CC – 69/4 (18): මිරංග වික්‍රමගේ 3/15.

Tamil Union C & A – 308 (71.1): කමේෂ් නිර්මාල් 90, රවිඳු ප්‍රනාන්දු 87, සුපුන් කාවින්ද 69, නිශාන් පීරිස් 5/87.

තරගය ජය පරාජයෙන් තොරයි.

Kandy Customs Cricket Club සහ Galle Cricket Club

  • කාසියේ වාසිය – Kandy Customs Cricket Club
  • ක්‍රීඩාංගණය – Galle International Stadium

Kandy Customs Cricket Club – 309 (89.5): සසිත් මනුරංග 116, අංජු කරුණානායක 54, රශ්මික මධුශංක 53, හරීන් බුද්දිල 5/64.

Kandy Customs Cricket Club – 21/2 (4.1): කවිඳු ඩිල්හාර 2/09.

Galle Cricket Club – 90 (32.1): සංදීප් චමෝද් 21, සජිත් ද සිල්වා 4/20, අයේෂ් හර්ෂන 3/17.

Galle Cricket Club – 237 (50): ඩිල්ෂාන් කාංචන 67, තරිඳු අමරසිංහ 52, හරීන් බුද්දිල 50, අයේෂ් හර්ෂන 7/69. 

තරගය ජය පරාජයෙන් තොරයි.

Colts Cricket Club සහ Burgher Recreation Club

  • කාසියේ වාසිය – Burgher Recreation Club
  • ක්‍රීඩාංගණය – Colts Cricket Club Ground, Colombo

Colts Cricket Club – 568/7 (116): අවිශ්ක පෙරේරා 245 ශෙලින් ද මෙල් 172, මුදිත ලක්ෂාන් 66, රොමේෂ් සුරංග 2/96.

Colts Cricket Club – 28/1 (05)

Burgher Recreation Club – 157 (49.2): ඉම්තියාස් සල්සා 32*, ළහිරු සමරකෝන් 23*, චමෝද් බට්ටගේ 4/48, ජෙහාන් ඩැනියල් 3/57.

තරගය ජය පරාජයෙන් තොරයි.

Lankan CC සහ Air Force SC

  • කාසියේ වාසිය – Army Ground, Panagoda
  • ක්‍රීඩාංගණය – Lankan CC

Lankan CC – 315 (115.1): යසිරු රොද්‍රිගෝ 111, ප්‍රසන්න ජයමාන්න 45,රවිඳු රත්නායක 44, මෝවින් සුබසිංහ 5/110. 

Air Force SC – 111 (34): හංස හිරන්‍ය 22*, පූර්ණ වන්නිතිලක 6/42, විනුද ලියනගේ 4/28.

තරගය ජය පරාජයෙන් තොරයි.

Navy SC සහ Sebastian C & A

  • කාසියේ වාසිය – Navy Ground, Welisara
  • ක්‍රීඩාංගණය – Sebastian C & A

Navy SC – 126 (47): භාග්‍ය එදිරිවීර 36, සුහංග විජේවර්ධන 20, තරූෂ ප්‍රනාන්දු 4/17, මනෙල්කර් ද සිල්වා 2/6.

Navy SC – 182 (57.3): වරුණ මයන්ත 45, මාධව කරුණාරත්න 27, තරිඳු රත්නායක 6/83.

Sebastian C & A – 175 (53.2): මනෙල්කර් ද සිල්වා 46, විහාන් ගුණසේකර 34, සුලෙක්ෂණ ශ්‍රීශාන් 6/64.

Sebastian C & A –  137/4 (20.3): මනෙල්කර් ද සිල්වා 48*,  සඳුන් ප්‍රනාන්දු 47, ඒ. ශාමික 2/28.

Sebastian C & A කණ්ඩායමට කඩුලු 6ක ජයක්.

Sinhalese Sports Club සහ Colombo Cricket Club

  • කාසියේ වාසිය – Sinhalese Sports Club
  • ක්‍රීඩාංගණය – Sinhalese Sports Club Ground, Colombo

Sinhalese Sports Club – 284 (78.1): සම්මු අශාන් 90, කවිශ්ක සේනාධීර 46, සදීෂ රාජපක්ෂ 45, සොනාල් දිනූෂ 3/28, අම්ශි ද සිල්වා 3/50.

Colombo Cricket Club – 136 (48.3): චමිඳු විජේසිංහ 42*, මාලිංග අමරසිංහ 31, සම්මු අශාන් 4/51.

තරගය ජය පරාජයෙන් තොරයි.

තරගාවලියේ උණුසුම් පුවත් සමඟ ක්‍රිකට් ලොව තොරතුරු දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<