ලාස්ට් මෑන් ස්ටෑන්ඩ් අනුරාධපුර ශූරතාව සමාධි සමාජයට

267

LAST MAN STAND RACE TO CHESTER ENGLAND – 2018 ක්‍රිකට් තරගාවලියේ දිස්ත්‍රික් තරග වටය යටතේ අනුරාධපුර දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සමාධි ක්‍රීඩා සමාජය සමත්විය.

අර්ධ ශතකයක් සමඟින් වීරයා අජන්ත මෙන්ඩිස්

ලාස්ට් මෑන් ස්ටෑන්ඩ් රේස් ටු චෙස්ටර් 2018 ක්‍රිකට් තරගාවලියේ දිස්ත්‍රික් තරග වටය යටතේ..

නවතම ආකාරයේ විස්සයි විස්ස තරගාවලියක් ලෙසින් පැවැත්වෙන මෙම තරගාවලියේ මාතලේ යංග් හාර්ට්ස් කණ්ඩායමට එරෙහිව පැවති එම අවසන් මහා තරගයේ දී කඩුලු 6ක ජයක් වාර්තා කළ  සමාධි ක්‍රීඩකයෝ ලබන මස කොළඹ දී පැවැත්වීමට නියමිත ජාතික මට්ටමේ තරගාවලියට සෘජුවම සුදුසුකම් ලබා ගත්හ.

කණ්ඩායම් තුනකගේ සහභාගිත්වයෙන් පැවති මෙම තරගාවලියේ දී අවසන් මහා තරග වරම් දිනා ගත් යංග් හාර්ට්ස් කණ්ඩායම පන්දුවාර 15.4ක දී ලකුණු 97කට සීමා කළ සමාධි ක්‍රීඩකයෝ අදාළ ඉලක්කය 13 වැනි පන්දුවාරයේ දෙවැනි පන්දුවේ දී ඉක්මවාලන විට දැවී ගොස් තිබුණේ කඩුලු 4ක් පමණි.

ලාස්ට් මෑන් ස්ටෑන්ඩ් දිස්ත්‍රික් තරගාවලිය මැයි මාසයේ

ලෝකය තුළ ඉතා ශීඝ්‍රයෙන් ජනප්‍රියත්වයට පත්ව තිබෙන ලාස්ට් මෑන් ස්ටෑන්ඩ් ක්‍රිකට්…

සමාධි කණ්ඩායම වෙනුවෙන් කැපී පෙනෙන පන්දු යැවීමක් සටහන් කළ එරන්ද කුරුනේරු පන්දුවාර 2ක දී ලකුණු 50කට කඩුලු 4ක් දවා ගනිමින් අවසන් මහ තරගයේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලැබීය.

මෙම තරගාවලිය යටතේ කුරුණෑගල දිස්ත්‍රික් තරගාවලිය මැයි 26 සහ 27 කුරුණෑගල දී ද සහ ජුනි මස 2 සහ 3 කොළඹ දී ද ක්‍රියාත්මක වන අතර  සඳහා සහභාගි  වීමට කැමති කණ්ඩායම් වෙතොත් දුරකතන අංක 0770 514549 හෝ 0778 117333 ඇමතීමෙන් ලබාගත හැක.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<