ශ්‍රී ලංකා ක්‍රිකට් ලකුණු සටහන් කරන්නන්ගේ සම්මාන රාත්‍රිය

717
Sri Lanka Cricket Scorers Awards Night 2016

ශ්‍රී ලංකා ක්‍රිකට් ලකුණු සටහන් කරන්නන්ගේ සංගමය විසින් පළමු වරට පවත්වන්නට යෙදුනු සම්මාන රාත්‍රිය සහ ඔවුන්ගේ පහළොස්වන සංවත්සරය නිමිතිකොට ගෙන දක්ෂයින් ඇගයීමේ උළෙලක් පසුගිය සිකුරාදා දින සසකවා ශාලාවේදී පැවැත්විණ.

පසුගිය ලිපි: ක්‍රිකට් දැනුම විදහා දැක්වීමට අවස්ථාවක්

ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ ප්‍රථම නායකයා වූ බන්දුල වර්ණපුර මහතා සහභාගී වූ අතර, ශ්‍රී ලංකා පිලේ හිටපු නායක ටි. එම්. ඩිල්ෂාන් ගෞරවනිය ආරාධිත අමුත්තා වශයෙන් එක් වෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ලකුණු සටහන් කරන්නන්ගේ නිල වෙබ්අඩවිය, http://www.slcscorers.com/ එළිදැක්වීම සිදුකරන ලදි.

සුළු පිරිසක් සමග 2001 වසරේ මෙම සංගමය ආරම්භ වූවද, මේ වනවිට සාමාජිකයන් බොහෝ දෙනෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ලකුණු සටහන් කරන්නන්ගේ සංගමයට සම්බන්ධවී ඇත. ක්‍රිකට් තරගයක අත්‍යවශ්‍ය කරණක් වන ලකුණු සටහන් කිරීම මොවුන් විසින් සිදුකරනු ලබයි.

හොදම ලකුණු සටහන් කරන්නාගේ සම්මානයෙන් පිදුම් ලැබීමට, පාසල් තරග, ක්‍රීඩා සමාජ තරග සහ ජාත්‍යන්තර තරගාව වල ලකුණු සටහන් කිරීමේ මනා දනුමක් ඇති මූවර්ස් ක්‍රීඩා සමාජයේ ෆසාල් මොහොමඩ් සමත් විය. ඊට අමතරව ජනප්‍රියතම ලකුණු සටහන් කරන්නා වශයෙන් තුෂාර කුරේ සම්මානයට පාත්‍ර වූ අතර මාධ්‍ය කුටියේ සිට ජ්‍යාත්‍යන්තර තරග 300ට වඩා ලකුණු සටහන් කල මොහුගේ දශක 3ක සේවා කාලය අගයමින් විශේෂ සම්මානයකින් ද පිදුම් ලැබීය. සුමිත් ගුණවර්ධන හොදම විනිත ලකුණු සටහන් කරන්නාගේ සම්මානයද වසරේ ලකුණු සටහන් කරන්නාගේ සම්මානයද දිනාගන්න ලදී.

ශ්‍රී ලංකා ක්‍රිකට් ලකුණු සටහන් කරන්නන්ගේ සංගමය දියුණු කිරීම සඳහා මහගු මෙහෙවරක යෙදුනු සංගමයේ ජේෂ්ඨතම සමාජිකයන් වන අජිත් සි. එස්. පෙරේරා, අසෝකා ද සිල්වා සහ ඩි. ඒ. එස්. දිසානායක යන මහත්වරුන් හට ජිවිත කලීන සාමාජිකත්වය පිරිනැමීම ද මෙහිදි සිදුවිය.

“අපගේ අරමුණ වන්නේ 2020 වන විට ඕනෑම ක්‍රීඩාංගනයක සිට අන්තර්ජාලය හරහා සජීවීව ලකුණු සටහන් කිරීමයි. මේවන විට 300ට වඩා විවිධ හැකියාවන් සහිත ලකුණු සටහන් කරන්නන් ද, ස්ථිර සාමාජිකයන් 118ද, අනුබද්ධ සාමාජිකයන් සහ අනුබද්ධ නොවන සාමාජිකයන් ආසන්න වශයෙන් 200ක් ද අප අතර සිටිනවා.” අනාගත සැලසුම් පිලිබදව ශ්‍රී ලංකා ක්‍රිකට් ලකුණු සටහන් කරන්නන්ගේ සංගමයේ සභාපති චමින්ද ද සිල්වා මෙසේ කියා සිටියේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ලකුණු සටහන් කරන්නන්ගේ සංගමයේ සම්මානලාභීන්.

  • නැගී එන හොදම කාන්තා  ලකුණු සටහන් කරන්නිය – නිලුකා අමරසේන
  • නැගී එන හොදම  ලකුණු සටහන් කරන්නා – මාධව ප්‍රනාන්දු
  • හොදම කනිෂ්ට ලකුණු සටහන් කරන්නා – ප්‍රභාත් ප්‍රනාන්දු
  • හොදම විනිත ලකුණු සටහන් කරන්නා – සුමිත් ගුනවර්ධන
  • හොදම කාන්තා ලකුණු සටහන් කරන්නිය – පුජා ලියනගේ
  • වැඩිම තරග සංඛ්‍යාවක ලකුණු සටහන් කරන්නා 2015 – හේමන්ත කපුදුව
  • හොදම ලකුණු සටහන් කරන්නා – ෆසාල් මොහොමඩ්
  • හොදම කැපවීමෙන්  ලකුණු සටහන් කරන්නා – කිර්ති රණසුරිය
  • හොදම ජෙෂ්ඨතම ලකුණු සටහන් කරන්නා – අසෝක චන්ද්‍රසේකර
  • ජනප්‍රියතම ලකුණු සටහන් කරන්නා (සාමාජිකයන්ගේ තේරීම ) – තුෂාර කුරේ
  • වසරේ ලකුණු සටහන් කරන්නා – සුමිත් ගුනවර්ධන
  • හොදම ලකුණු පුවරුව (පළමු පන්තිය ස්ථානය) – මොර්ස් ක්‍රීඩා සමාජය
  • හොදම ලකුණු පුවරුව (ජ්‍යාත්‍යන්තර ස්ථානය) – ප්‍රේමදාස ක්‍රීඩාංගනය
  • හොදම තරග විනිසුරු(සාමාජිකයන්ගේ තේරීම ) – රවින්ද්‍ර විමලසිරි
  • හොදම තරග තීරක (සාමාජිකයන්ගේ තේරීම ) – නල්ලියා දේවරාජන්

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට