“ඔහු මගේ වාර්තාව සැතපුම් ගණනකින් පසු කරාවි” – ඇලස්ටෙයාර් කුක්

New Zealand tour of England 2022

9640
Indian Express

හිටපු එංගලන්ත ක්‍රිකට් නායක ශ්‍රීමත් ඇලස්ටෙයාර් කුක් පවසන අන්දමට ජෝ රූට් හට ඔහුගේ වාර්තාව පහසුවෙන් පසුකොට විශාල දුරක් යා හැකියි. එම වාර්තාව වන්නේ එංගලන්ත ටෙස්ට් පිතිකරුවෙකු විසින් වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවයි.

පසුගිය දා නවසීලන්තයට එරෙහිව රැස්කළ ජයග්‍රාහී ටෙස්ට් ශතකය ඇතුළුව එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් ලකුණු 10,000 පසු කළ දෙවැන්නා බවට ජෝ රූට් පත්වුනා. ඔහුට ඉදිරියෙන් සිටින්නේ කුක් පමණයි. ඒ තවත් ලකුණු 2,457ක පරතරයකින්.

ඔහු ක්‍රීඩා කරනවා නැරඹීම සතුටක්. මා දුටු වඩාත් පරිපූර්ණ එංගලන්ත පිතිකරුවා ඔහුයි”, කුක් BBCය හමුවේ පැවසුවා.

අදහන්න බැරි විදියට පිතිකරණයේ යෙදෙන්න පුළුවන් කෙනා තමයි කෙවින් පීටර්සන්. ඒත් හැම ක්‍රිකට් රටාවකම පරිපූර්ණ පිතිකරුවා තමයි රූට්. ඔහු එකදිගට ක්‍රීඩා කරන විදිය අදහාගත නොහැකියි”, කුක් පැවසුවා.

ජෝ රූට් ටෙස්ට් වරම් දිනා ගත්තේ ඇලස්ටෙයාර් කුක්ගේ නායකත්වය යටතේයි. ඒ අවුරුදු 21ක යොවුන් ක්‍රීඩකයෙකු වශයෙන් ඉන්දියාවට එරෙහිවයි.

ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සූදානම්වයි හිටියේ. මම දැනගෙන හිටියා ඔහුට ඒ අවස්ථාව හසුරුවා ගන්න පුළුවන් බව”, යොවුන් රූට්ව සිහිකරමින් කුක් පැවසුවා.

පසුගිය දා නොදැවී රැස්කළ ජයග්‍රාහී ලකුණු 115 ඇතුළුව රූට් ලොව ටෙස්ට් ලකුණු 10,000 සීමාව පසු කළ 14 වැනි පිතිකරුවා බවට පත්වුනා.

ආබාධ වළක්වා ගත්තොත් ඔහු මගේ වාර්තාව සැතපුම් ගණනකින් පසු කරාවි”, කුක්, 31 හැවිරිදි රූට්ව පැසසුවේ එලෙසින්.

මේ වන විට ජෝ රූට් ටෙස්ට් ලකුණු 10,015ක් රැස්කරගෙන සිටිනවා. ඇලස්ටෙයාර් කුක්, ටෙස්ට් ලකුණු 12,472ක් ලබාගෙන එංගලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු වාර්තා කළ පිතිකරු ලෙසින් වැජඹෙනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<