Kohliගෙන් බංග්ලාදේශ ක්‍රීඩකයෙකුට සිහිවටනයක්

ඉන්දීය කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරය 2022

330

ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පැවති දෙවැනි ටෙස්ට් තරගයෙන් පසුව ඉන්දීය සුපිරි ක්‍රීඩක Virat Kohli විසින් තරගයේ දස්කම් දැක්වූ බංග්ලාදේශ ක්‍රීඩක Mehidy Hasan Miraz හට සිහිවටනයක් ලබා දී තිබුණා.

ඉතා තියුණු සටනකින් අවසන් වූ මෙම දෙවැනි ටෙස්ට් තරගය Ravichandran Ashwin සහ Shreyas Iyerගේ පිතිකරණ දස්කම් නිසා කඩුලු තුනකින් ජයග්‍රහණය කිරීමට ඉන්දීය කණ්ඩායමට හැකි වූ අතර Mehidy එහි දී කඩුලු පහක් දවා ගත්තා.

ඉන්දීය කණ්ඩායම එක් අවස්ථාවක ලකුණු 74කට කඩුලු 7ක් දැවී අසීරු අවස්ථාවක පසු වූ අතර අටවැනි කඩුල්ල සඳහා ලකුණු 71ක සම්බන්ධතාවක් පිහිටුවමින් Ravichandran Ashwin සහ Shreyas Iyer කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියා.

එම තරගයෙන් පසුව Kohli සිය ක්‍රීඩා ජර්සියක් Mehidy Hasan වෙත ලබා දීමට කටයුතු කර තිබූ අතර එය Mehidy Hasan විසින් සමාජ මාධ්‍ය වෙත එක් කර තිබුණා.

“විශිෂ්ට ක්‍රීඩකයෙකුගෙන් ලැබූ අමතක නොවන සිහිවටනයක්,” යැයි එහි සඳහන් වුනා.

ඉන්දීය දෙවැනි ඉනිමේ දී Mehidy Hasan දවා ගත් කඩුලු පහ අතරට Kohliගේ කඩුල්ල ද ඇතුළත් වූ අතර ඔහුව දවා ගැනීමෙන් පසුව බංග්ලාදේශ ක්‍රීඩකයින් සිදු කළ සැමරීමක් නිසා Kohli යම් වචන හුවමාරුවක් සිදු කරනු ද දක්නට ලැබුණා.

නමුත් තරගයෙන් පසුව මෙම සිහිවටනය ලබා දෙමින් සැබෑ ක්‍රීඩාශීලීත්වය Kohli විසින් පෙන්නුම් කළා.

Times of India ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<