ශ්‍රී ලංකා – එංගලන්ත තරගාවලියේ ස්ථානයක් වෙනස් වෙයි

එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2020

106
Sri Lanka Cricket

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවයේ ටෙස්ට් තරග දෙකකින් සමන්විත ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය පැවැත්වීමට නියමිත ක්‍රිකට් පිටිය එස්. එස්. සී. ක්‍රීඩා පිටිය බවට පත්ව ඇත. 

වසර 20 කට පසු කරළියට ආ සෙන්චූරියන් ඛේදවාචකය

දකුණු අප්‍රිකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ තුන්වන ටෙස්ට් තරගය ඊයේ (16)

මාර්තු මස 27 වනදා සිට මාර්තු මස 31 වනදා දක්වා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් පිටියේ දී පැවැත්වීමට තීරණය කර තිබූ දෙවන ටෙස්ට් තරගය ප්‍රේමදාස ක්‍රිකට් පිටියේ නවීකරණ කටයුතු අවසන් කිරීම පමා වීම නිසාවෙන් මෙසේ එස්. එස්. සී. පිටිය දක්වා රැගෙන ඒමට බලධාරීන්ට සිදුව ඇත. 

මාර්තු මස 19 වනදා ආරම්භ වන තරගාවලිය සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් පවත්වන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලියට අයත් ටෙස්ට් තරග දෙකට අමතරව පුහුණු තරග දෙකක් ද පැවැත්වීමට නියමිතය. ඒ නිසාවෙන් තරගාවලිය සඳහා සහභාගී වන ජෝ රූට්ගේ නායකත්වයෙන් යුත් එංගලන්ත කණ්ඩායම මාර්තු මස 03 වනදා දිවයිනට පැමිණීමට අපේක්ෂාවෙන් සිටියි. 

ධවාන් සහ රාහුල් කැන්ගරුවන්ගෙන් පළි ගනිති

මීට දින කිහිපයකට පෙර තම මව්බිමේදීම තමන්ව දැවැන්ත අවමානයකට ලක් කිරීමේ වාඩුව ගැනීමට අද (17)

එංගලන්තය ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් අනුව ටෙස්ට් කණ්ඩායම් වර්ගීකරණයේ පස්වන ස්ථානයේ සිටින අතර ශ්‍රී ලංකාව එහි හයවන ස්ථානයේ පසුවෙයි. 2018 වසරේ දෙරට මුණගැසුනු අවසන් තරගාවලියේ දී තරග 3 – 0 ක පූර්ණ තරගාවලි පරාජයකට හිමිකම් කීමට ශ්‍රී ලංකාවට සිදුවිය. 

නව තරග කාලසටහන 

මාර්තු 07 සිට 09 – එංගලන්තය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම – තුන් දින පුහුණු තරගය – කටුනායක 

මාර්තු 12 සිට 15 – එංගලන්තය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම – සිව්දින පුහුණු තරගය – කටුනායක 

මාර්තු 19 සිට 23 – ශ්‍රී ලංකා එංගලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය – ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය 

මාර්තු 27 සිට 31 – ශ්‍රී ලංකා එංගලන්ත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය – එස්. එස්. සී. ක්‍රිකට් පිටිය 

තරගාවලියේ සියලුම තතු ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටියි. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<