වසර 20 කට පසු කරළියට ආ සෙන්චූරියන් ඛේදවාචකය

107

දකුණු අප්‍රිකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ තුන්වන ටෙස්ට් තරගය ඊයේ (16) දිනයේ ආරම්භ වූයේ පෝර්ට් එලිසබත් හිදීය. එංගලන්ත සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම් මෙම තරගය සඳහා තම අවධානය යොමු කර සිටින විට ක්‍රිකට් ලෝලීන්ගේ මතකය මීට වසර 20 කට පෙර පැවති තරගයක් සඳහා යොමුවී තිබිණි. 

බංග්ලාදේශ ප්‍රබලයෙක් පාකිස්තානයට යන්න බැහැ කියයි

බංග්ලාදේශ කණ්ඩායමේ එළඹෙන පාකිස්තානු සංචාරය සඳහා ඔවුන්ගේ කඩුලු රකින ක්‍රීඩක…

2000 වසරේ එංගලන්ත කණ්ඩායම ටෙස්ට් තරගාවලියක් සඳහා දකුණු අප්‍රිකාවට පැමිණි අතර එහි පස්වන තරගය නිමා වූයේ එම වසරේ ජනවාරි 18 වනදා ය. ඒ එංගලන්තයට ජයග්‍රහණය හිමිකර දෙමිනි. මෙම තරගයෙන් අනතුරුව වාර්තා වූ තරග පාවාදීමේ සිදුවීමක් ක්‍රිකට් ක්‍රීඩාවේ හදවතටම බලපෑම් කිරීමට සමත් විය. 

“ඒක වැරදියි. ඒක බොරුවක් ” යයි එම තරගයේදී එංගලන්ත ආරම්භක පිතිකරුවා වූ මාර්ක් බවුචර් TalkSport වෙත පවසා සිටියේය. 

එවකට දකුණු අප්‍රිකානු නායකයා වූ හැන්සි කොන්යේගේ අවසානයද එම තරගයෙන් ආරම්භ විය. ඔහුට එම තරග පාවාදීම වෙනුවෙන් මාර්ලන් අරෙන්ස්ටෑම් නම් බුකී කරුවෙකු විසින් ලෙදර් ජැකට්ටුවක් ලබා දුන් බව පසුව හෙළිවිය. 

“ඒ කාලයේ ඒක එංගලන්තය ලබා ගත් විශිෂ්ට ජයග්‍රහණයක් කියලා මම සලකනවා.” යයි එම තරගයේ ජයග්‍රාහී ලකුණු වාර්තා කළ ඩැරන් ගෆ් පවසා ඇත. 

“ඔබ එදා ක්‍රීඩා කළ කෙනෙක්ගෙන් හෝ එතන හිටිය කෙනෙක්ගෙන් ඇහුවොත් කියාවි එතන ලොකු තරගයක් තිබුණා.” 

1999/2000 තරග සංචාරයේ පස්වන ටෙස්ට් තරගය වන විට දකුණු අප්‍රිකාව තරග 2 – 0 ක් ලෙස ජයග්‍රහණය ලබාගෙන සිටියහ. 

සෙන්චූරියන් හි පැවති පස්වන ටෙස්ට් තරගය වර්ෂාව නිසා අත්හැර දැමීමට සිදුවන බව පෙනෙන්නට තිබිණි. තරගයේ පළමු දිනයේ අර්ධයක් සහ තවත් දින තුනක් වර්ෂාව නිසා අත්හැර දැමිනි. පස්වන සහ අවසන් දිනය වන විට දකුණු අප්‍රිකාව තම පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටියහ. හෙලිකොප්ටර් මඟින් තණතීරුව වියළීමෙන් අනතුරුව විශාල ප්‍රේක්ෂක ප්‍රමාණයක් හමුවේ පස්වන දිනයේ තරගය ආරම්භ විය. 

තරගයට පිටුපසින් තවත් උපක්‍රමයක් ක්‍රියාත්මක වන බව ඔවුන් දැන සිටියේ නැත. එම උපක්‍රමය හෙළිවූයේ ඉන් මාස කීපයකට පසුවය. 

මෙම තරගයේ දින 4 ක්ම වර්ෂාව නිසා සේදී යාමෙන් අනතුරුව හැන්සි කොන්යේ එංගලන්ත නායකයාට යෝජනා කර තිබුණේ කණ්ඩායම් දෙකම එක් ඉනිම බැගින් අත්හිටුවා අවසන් දිනයේ දී හඹා යාමක් සිදුකිරීමටයි. එය බැලූ බැල්මට එංගලන්තයට පහසු ඉලක්කයක් බවට පත්ව තිබිණි. 

“ඒ වෙන කොට තරගයක් සම්පූර්ණයෙන් ක්‍රීඩා කරන්න පුළුවන් තත්වයක් තිබුණේ නෑ. ඒත් එක්කම අවසන් දවසේ අපි ඇඟ උණුසුම් කරන වෙලාවේ හැන්සි, ඇලෙක් ස්ටුවර්ට්ට ඇවිල්ලා කිව්වා නසීර් ට කියන්න අපි දේශීය තරග වලදී කරනවා වගේ එක් ඉනිමක් අත්හැරලා තරගයක් ක්‍රීඩා කරමු කියලා. මම ඒ වෙලාවේ ඇලෙක්ට කිව්වා මේ දේශීය තරග නෙමෙයි. මේක ජාත්‍යන්තර තරගයක්. අපි දැනටමත් 2 – 0 ක් විදිහට පැරදිලා ඉන්නේ. මම කැමති නෑ ඒක 3 – 0 ක් කරගන්න කියලා.” යයි තරගයේ එංගලන්ත නායකයා වූ නසීර් හුසේන් පවසා සිටියේය. 

බෝල්ට්, ලෝකි වෙනුවට හාමිශ් වසර 3කට පසු නවසීලන්ත කණ්ඩායමට

නවසීලන්තය හා ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරගාවලිය සඳහා නවසීලන්ත…

නමුත් දිනයේ තණතීරුව දුටු විට නසීර් තම මනස වෙනස් කරගත්තේය. 

“අපි තණතීරුවට ගියාම ඒක හිතපු තරම් අමාරු එකක් වුනේ නෑ. මට හිතුනා අපිට ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා.”  

හැන්සි කොන්යේ එංගලන්තයට ලකුණු 249 ක ඉලක්කයක් ලබා දුන්නේය. එංගලන්තයට ඒ සඳහා පන්දුවාර 79 ක් ඉතිරිව තිබිණි. තියුණු සටනකින් අනතුරුව එංගලන්තය තරගය ජයග්‍රහණය කළේ කඩුලු 2 කිනි. ඒ අවසන් පන්දුවාරයේ පළමු පන්දුවේ දී ගෆ් එල්ල කළ හතරේ පහරත් සමඟිනි. 

තරගයෙන් මාස 3 කට පසුව ඉන්දීය පොලීසිය කළ අනාවරණයක දී හැන්සි කොන්යේ විසින් මෙම තරගය පාවාදීම සඳහා ඉන්දීය බුකී කරුවෙකු සමඟ කටයුතු කර ඇති බව හෙළිවිය. එහි පටිගත කිරීම් කීපයක්ද ඔවුන් සොයාගෙන තිබිණි. ඉන් මාස 3 කට පසුව ඒ පිළිබඳව පාපොච්චාරණය කිරීමට කොන්යේ කටයුතු කළේය. 

මෙම සිදුවීමේ දී කොන්යේ පවසා ඇත්තේ ජය පරාජයකින් තොරව අවසන් වීමට තිබූ මෙම තරගය ඕනෑම කණ්ඩායමකට ජයග්‍රහණය හිමිකර දීමට හැකි නම් ඒ සඳහා තමන්ට යම් ගෙවීමක් කිරීමට ඔවුන් එකඟ වූ බවයි. 

“හැන්සි හිතාමතාම තරගය පරාජය වුනා නෙමෙයි. ඔහු බුකී කරුවෙක් සමඟ තරගයේ ප්‍රතිඵලයක් ලබා ගැනීමට උත්සාහ කළා. ඒ වෙලාවේ ගොඩක් අය ඔට්ටු අල්ලලා තිබුණේ තරගය ජය පරාජයකින් තොරව අවසන් කර ගැනීමට. ඒත් කොන්යේට ප්‍රතිඵලයක් ලබා ගන්න ඒකට ගෙවන්න ඔවුන් සූදානම් වෙලා තිබුණා.” ලෙස නසීර් හුසේන් පසුව පවසා සිටියේය. 

මෙම සෙන්චූරියන් ටෙස්ට් තරගය පාවාදීම සඳහා හැන්සි කොන්යේ හට රෑන්ඩ් 50000 ක (එවකට යුරෝ 5000) මුදලක් සහ ලෙදර් ජැකට්ටුවක් ලබා දීමට බුකී කරුවන් ක්‍රියා කර තිබුණි. කෙසේවෙතත් වසර ගණනක ක්‍රිකට් දිවියේ කොන්යේ තම පාවාදීම පිළිගත් එකම අවස්ථාව ලෙස එය සටහන් විය. 

“මට මගේ ක්‍රීඩාව ගැන, මගේ කණ්ඩායම ගැන වගේම මගේ රට ගැනත් ලොකු ආදරයක් තිබුණා. ඒත් මගේ ගැටළුව වුනේ මුදල් ගැන තියන ආශාව. මම මුදල් වලට ගොඩක් කැමතියි. මම ඒකෙන් අයින්වෙන්න උත්සාහ කරන්නේ නෑ.” යයි මේ පිළිබඳව අදහස් දක්වමින් හැන්සි කොන්යේ පවසා සිටියේය. 

ස්ටර්ලින්ගේ පිත්තෙන් කොදෙව්වන්ට සැර පහරක්!

විස්සයි විස්ස තරගයක දැකිය හැකි උපරිම රසවින්දනයක් සහිත තරගයක් ඊයේ (16)…

කෙසේවෙතත් මෙම සිදුවීමෙන් අනතුරුව හැන්සි කොන්යේ හට ජීවිතාන්තය දක්වා තරග තහනමක් පැනවීමට ක්‍රිකට් ආයතනය පියවර ගත්තේය. කොන්යේගේ පාපොච්චාරණය මෙම තරග පාවාදීමට සම්බන්ධ බුකී කරුවන් ජාලයක තොරතුරු රැසක් අනාවරණය කිරීමට සමත් විය. 

ඉන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් මෙම තරග පාවාදීම් වැළැක්වීම සඳහා විශේෂ කමිටුවක් පත්කළ අතර ඔවුන් ලොව පුරා සියළු තරග නිරීක්ෂණය කරනු ලබයි.  

“ඒ කාලේ ආයේ මේ වගේ සිදුවීම් වාර්තා වුනේ නෑ. ඒත් අපිට තේරුනා 90 දශකයේ ක්‍රිකට් තරමක් දූෂිතයි කියලා. අපි විස්වාස කරනවා වර්තමාන ක්‍රිකට් ක්‍රීඩාව පිරිසිදු එකක් කියලා.” යයි මයික් ආතර්ටන් පවසා සිටියේය. 

සෙන්චූරියන් ඛේදවාචකයේ අමිහිරිම අවස්ථාව උදාවූයේ එම සිදුවීමෙන් වසර 2 කට පසුවය. ඒ හැන්සි කොන්යේ ගුවන් අනතුරකින් මියයාමත් සමඟිනි. 

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<