ක්‍රීඩකයින් 5කට ජෛව ආරක්‍ෂිත බුබුලෙන් යන්න අවසර

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2021

5629

කොදෙව් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට එක්ව සිටින ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයේ ක්‍රීඩකයින් 5 දෙනෙකු ජෛව ආරක්‍ෂිත බුබුලෙන් (Bio Bubble) නිදහස් කිරීමට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව විසින් අවසර ලබා දී තිබෙනවා.

ඒ අනුව දුෂ්මන්ත චමීර, අසිත ප්‍රනාන්දු, කමිල් මිශාර, සුමින්ද ලක්ෂාන් සහ රොෂේන් සිල්වා යන ක්‍රීඩකයින් 5 දෙනා ජෛව ආරක්‍ෂිත බුබුලෙන් නිදහස් වන ක්‍රීඩකයින් වෙනවා.

පළමු ටෙස්ට් තරගය ක්‍රීඩා කළ වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර හට යම් විවේකයක් ලබා දීම සහ ඔහුගේ වැඩ කොටස කළමනාකරණය කිරීම වෙනුවෙන් මෙලෙස ජෛව ආරක්‍ෂිත බුබුලෙන් නිදහස් කර තිබෙන අතර ඔහු පසුගිය කාලය පුරාවට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළා.

සෝබර්ස් – තිසේරා කුසලානය වෙනුවෙන් පැවැත්වෙන මේ ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ තරගාවලියක් වන අතර එහි පළමු තරගය ලකුණු 187කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා. ඒ අනුව ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු 12ක් ද සමඟ 1-0ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගෙන සිටින්නේ ශ්‍රී ලංකාවයි.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට (29) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ම ආරම්භ වීමට නියමිතයි. එහි තරග තොරතුරු ද ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<