පළමු ස්ථානය සමඟින් උෂාන් ජාතික වාර්තාව අලුත් කරයි

234

ඇමරිකාවේ පැවති Lone Star Conference Indoor Track and Field Championships තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලාංකික උස පැනීමේ ක්‍රීඩක උෂාන් තිවංක ගෘහස්ථ උස පැනීමේ ජාතික වාර්තාව අලුත් කිරීමට සමත් වුනා.

තරගාවලියේ පිරිමි උස පැනීමේ ඉසව්වෙන් මීටර් 2.27ක දස්කමක් දක්වමින් පළමු ස්ථානය දිනා ගැනීමට උෂාන් එහි දී සමත් වූ අතර එම දස්කමත් සමඟින් ඔහු විසින්ම පසුගිය වසරේ මීටර් 2.26ක දස්කමක් දක්වමින් පිහිටුවා තිබූ ගෘහස්ථ ජාතික වාර්තාව නැවත අලුත් කිරීමට ඔහුට හැකි වුනා.

එම තරගයේ දෙවැනි ස්ථානය මීටර් 2.17ක දස්කමක් පෙන්නුම් කළ Hamdi Alamin හට හිමි වූ අතර මීටර් 2.08ක දස්කමක් පෙන්නුම් කළ Dakari Hill හට තෙවැනි ස්ථානය හිමිකර ගත්තා.

පසුගිය වසරේ දී උස පැනීම ඉසව්වෙන් ඉහළ දස්කම් දක්වමින් එම ඉසව්වේ ගෘහස්ථ සහ එළිමහන් වාර්තා ද්විත්වය (මීටර් 2.30) බිඳ හෙළීමට සමත් වූ උෂාන් මෙම වසරේ සහභාගී වූ පළමු තරගයේම මීටර් 2.25ක කැපී පෙනෙන දස්කමක් දැක්වීමට සමත් වුනා.

>>තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<