“මට කාලය අවශ්‍ය වුනා” – Novak Djokovic

158
The Independent

පිට පිට සිව්වැනි වරටත් විම්බල්ඩන් ටෙනිස් ශූරතාවය දිනා ගැනීමට සමත් වූ Novak Djokovic, කොරෝනා සමයේ තමන්ව ඕස්ට්‍රේලියානු ගුවන් තොටුපළින් හරවා යැවීමෙන් පසුව නැවත මානසිකත්වය සකස් කර ගත් ආකාරය ගැන පැවසුවා.

විම්බල්ඩන් අවසන් මහා තරගයේ දී ඕස්ට්‍රේලියාවේ Nick Kyrgiosව (නික් කිර්ගියොස්) පරාජය කරමින් සර්බියාවේ ජොකොවිච් මේ ශූරතාවය දිනා ගත්තා. ඒ 4-6, 6-3, 6-4, 7-6 (7-3)ක් වශයෙන්.

ඉකුත් ජනවාරි මාසයේ දී පැවති ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය සඳහා සහභාගී වීමට ඕස්ට්‍රේලියාවට ගිය අවස්ථාවේ ඕස්ට්‍රේලියානු ආගමන විගමන නිලධාරීන් විසින් ඔහුට ඕස්ට්‍රේලියාවට ඇතුල් වීම තහනම් කළා. ඒ ඔහුගේ කොවිඩ් එන්නත් සටහන ඕස්ට්‍රේලියානු නීති රීති වලට පටහැනි වූ නිසයි.

මේ අවුරුද්ද පටන් ගත්තේ ඒ විදිහට. ඒක පළවෙනි මාස කිහිපයේ දී මට අනිවාර්යයෙන්ම බලපෑවා”, ජොකොවිච් පැවසුවා.

සාමාන්‍යයෙන් මම මානසිකව, හැඟීම් වලින් හිටියේ හොඳ තැනක නෙමෙයි.”

ඒක නිදහස් වීමක්. මම මේ අවුරුද්දේ මුහුණ දීපු දේවල් සලකද්දී. ඒක ලොකු වටිනාකමක්, විශේෂත්වයක් සහ හැඟීම් ගොඩක් එකතු කරනවා ඇත්තෙන්ම”, ඔහු වැඩිදුරටත් පැවසුවා.

මෙතෙක් ග්‍රෑන්ඩ් ස්ලෑම් ජයග්‍රහණ 21ක් දිනාගෙන සිටින ජොකොවිච් ඉන් 7කම දිනාගෙන ඇත්තේ විම්බල්ඩන් තරගාවලියේ දීයි. ඔහුට ඉදිරියෙන් සිටින්නේ සුපිරි ටෙනිස් ක්‍රීඩක රොජර් ෆෙඩරර් පමණයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<