තර්ස්ටන් ලුම්බිණි අවසන් තරගයට උසාවි නියෝගයක්!

2088

2019 මයිලෝ ප්‍රිමියර් කුසලාන තරගාවලියේ අද (19) පැවැත්වීමට නියමිතව තිබූ තර්ස්ටන් විදුහල හා ලුම්බිණි විදුහල අතර අවසන් මහා තරගය දින 14කින් කල් දැමීමට ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සම්මේලනය තීරණය කර තිබේ. ඒ ආනන්ද විද්‍යාලය විසින් ගෙන එන ආ වාරණ නියෝගයක් හේතුවෙනි.

ආනන්දයට වැඩ වරදී!

2019 මයිලෝ ප්‍රිමියර් කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ අවසන් පූර්ව වටයේ දී ලුම්බිණි විද්‍යාලය…

පසුගිය සතියේ ආනන්ද විදුහල හා ලුම්බිණි විදුහල අතර පැවති අවසන් පූර්ව තරගයේ දී ආනන්ද රග්බි කණ්ඩායමේ අ.පො.ස සාමාන්‍ය පෙළ අසමත් ක්‍රීඩකයෙකු ක්‍රීඩා කළේ යැයි සඳහන් කරමින් ලුම්බිණි විදුහල විසින් ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමයට පැමිණිලි කර තිබූ අතර පැමිණිල්ල විභාග කිරීමෙන් අනතුරුව උක්ත තරගයේ ජයග්‍රහණය ලුම්බිණි විදුහලට ලබා දීමට ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය තීරණය කළේය.

නමුත් අද (19) ලුම්බිණි විදුහල හා තර්ස්ටන් විදුහල අතර පැවැත්වීමට නියමිතව තිබූ අවසන් මහා තරගය ආරම්භ කිරීමට මොහොතකට පෙර ආනන්ද විද්‍යාලය විසින් ඉදිරිපත් කරන ලද වාරණ නියෝගයක් හේතුවෙන් මෙම තරගය දින 14කින් කල් දැමීමට ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය තීරණය කළේය.

මේ පිළිබඳව ThePapare.com වෙත අදහස් දැක්වූ ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමයේ සභාපති රන්ජිත් චන්ද්‍රසේකර මහතා, 

“ආනන්ද විද්‍යාලය හා ලුම්බිණි විද්‍යාලය අතර පැවති තරගයේ දී ආනන්ද විදුහල වෙත ලුම්බිණි විදුහල විරෝධතාවයක් ඉදිරිපත් කළා. එම විරෝධතාවය තුලින් ඔවුන් පවසා සිටියේ අ.පො.ස සාමාන්‍ය පෙළ අසමත් ක්‍රීඩකයෙකු එම කණ්ඩායමට ක්‍රීඩා කළ බවත් ඔහු මෙම තරගය ක්‍රීඩා කරන්නට සුදුසුකම් ලබා නැති බවයි.”

“අපි ඒ පැමිණිල්ල විභාග කළා, අපි වාර තුනක දී ආනන්ද විදුහල විනය පරීක්ෂණයකට කැඳෙව්වා, අප ඉල්ලා සිටියා ඔවුන්ගෙන් එම ක්‍රීඩකයා අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් නම් එම විභාග ප්‍රතිඵල ඉදිරිපත් කරන ලෙස, ඔවුන් කියා සිටියා ඔවුන්ගේ විද්‍යාලය වෘත්තීය විෂය මාලාවන් සඳහා තෝරා ගත් විද්‍යාලයක් ලෙස, අපි ඉල්ලා සිටියා ආනන්ද විද්‍යාලයෙන් එසේ නම් අධ්‍යාපන අමාත්‍යංශයෙන් එම ස්ථීර ලිපිය අප වෙත ඉදිරිපත් කරන ලෙස, නමුත් ආනන්ද විදුහල වාර තුනේ දීම අපොහොසත් වුනා එම සහතික ඉදිරිපත් කරන්නට. ඉන්පසුව අපේ විනය මණ්ඩලය තීරණය කළා ආනන්ද විදුහලට එරෙහිව තිබූ පැමිණිල්ලට එරෙහිව පැහැදිලි සාක්ෂි ඉදිරිපත් නොකළ නිසා ඔවුන් විසින් ලබා ගත් එම ජයග්‍රහණය ලුම්බිණි විදුහලට පිරිනමන්න.”

ඩින්කා රග්බිවලට සමුදෙයි!

රග්බි තරග 800කට වැඩි ප්‍රමාණයකට විනිසුරුකරණයෙන් දායකත්වය දැක්වූ ශ්‍රී ලංකාවේ…

තවදුරටත් තම අදහස් දක්වමින් ඔහු පැවසුවේ “එම නිසා ලුම්බිණි විදුහල හා තර්ස්ටන් විදුහල අතර අවසන් තරගය අද පැවැත්වීමට නියමිතව තිබුණා, එම අවසන් තරගය වළක්වාලමින් ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයින් කිහිප දෙනෙකු විසින් මට වාරණ නියෝගයක් ගෙනත් දුන්නා. ඒ අනුව අධිකරණයට ගරු කිරීමක් වශයෙන් දින 14කින් තරගය කල් දැමීමට තීරණය කළා” යනුවෙනි.

“පාසල් රග්බි තරගවලට බාධාවක් නෑ!” – රංජිත් චන්ද්‍රසේකර

පාසල් රග්බි තරග සඳහා විනිසුරුවන් ලබා දීම තාවකාලිකව අත්හීටුවීම පිළිබඳව ශ්‍රී ලංකා රග්බි…

රන්ජිත් චන්ද්‍රසේකර මහතා පැවසූ ආකාරයට ඉදිරි දින 14ක් තුළ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයින් ඉදිරිපත් කළ කරුණුවලට ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමයෙන් නීත්‍යනුකූල කරුණු ඉදිරිපත් කර එය නිරාකරණය කිරීමෙන් අනතුරුව මෙම අවසන් තරගය පවත්වන බවයි. එසේම මෙම ගැටලුව නිරාකරණය කිරීමෙන් අනතුරුව තරගය නැවත පැවැත්වීමට නොහැකි වූවහොත් කණ්ඩායම් දෙකම සම ශූරයින් ලෙස නම් කරන බවත් පවසා සිටියේය.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<