උපුල් තරංග ලකුණු 7000 බලාපොරොත්තු අතහැර නැහැ

291

ශ්‍රී ලංකා ආරම්භ පිතිකරු උපුල් තරංග එක්දින ජාත්‍යන්තර තරගවල ශ්‍රී ලංකාවේ 8 වැනි වැඩිම ලකුණු ලාභියා වන බව ඔබගේ මතකයෙන් ගිලිහී ගොස් තිබෙන්නට ඇත.

එහි දී ඔහු මේ වන විට එක්දින ජාත්‍යන්තර ලකුණු 6951ක් වාර්තා කරගෙන සිටින බව ද ඔබගේ අවධානයට යොමුනොවන්නට ඇත. කෙසේ නමුත් ඔහු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් අවසන් වරට එක්දින ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කර මේ වන විට වසරකටත් වැඩි කාලයක් ගතවී තිබීමත් සමඟ එක්දින ලකුණු 7000 සීමාව කරා ළඟා වීමේ ඔහුගේ බලාපොරොත්තු මේ වන විට කෙමෙන් කෙමෙන් පහව යමින් පවතී. 

DRS වලින් හොඳම විනිසුරු කවුද? කුමාර් ධර්මසේන ඒ අතරින් ඉදිරියෙන් ද?

මීට වසර කීපයකට පෙර ක්‍රිකට් ක්‍රීඩාවේ විනිසුරුවරයාගේ ……..

එවන් පසුබිමක් තුළ වුවද ඔහු තවමත් ඔහුගේ එම බලාපොරොත්තුව අත්හැර දමා නැත. ඒ තවමත් ඔහු සුපුරුදු පරිදි ඔහුගේ NCC ක්‍රීඩා සමාජය වෙනුවෙන් ඉහළ දස්කම් දක්වමින්, තවදුරටත් ඉහළ ශාරීරික යෝග්‍යතාවයක් පවත්වා ගනිමින් වරින් වර ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ අවධානය තමන් වෙත නතුකර ගනිමිනි. 

තරංග 20 වැනි වියේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් වරම් දිනා ගන්නේ Tom Moody කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර වගකීම් බාර ගත් මුල් අවධියේ දී ය. Moody ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්වීමෙන් අනතුරුව තරුණ ක්‍රීඩකයින්ට කණ්ඩායම තුළ අවස්ථාවක් ලබා දීමට ඔහු දැඩි උනන්දුවක් දැක්වූ අතර තරංග ඉන් ප්‍රයෝජන ලැබූ ක්‍රීඩකයින් අතරින් කෙනෙකි. 

එහි දී Moodyගේ තීරණය නිවැරදි බව වහාම තහවුරු කළ ඔහු ජාත්‍යන්තර එක්දින පිටියට පිවිස සිය පළමු වසරේ දී ම ශතක 6ක් වාර්තා කරගනිමින් විශිෂ්ට දස්කම් දක්වන්නට සමත් විය. ඔහුගේ මෙම පළමු ශතක කිහිපය ඔහුට සුපුරුදු කොළඹ සහ දඹුල්ල වැනි ක්‍රීඩාංගණවල දී නොව Leeds, Lord’s, Christchurch, Ahmedabad සහ Mohali වැනි විදේශ ක්‍රීඩාංගණවල නුපුරුදු තත්වයන් යටතේ වාර්තා වීම හරහා ඔහුගේ දක්‍ෂතාවන් තවදුරටත් විදහා දැක්වෙන්නට විය.   

ඒ අතරින් සමහරක් ලෝක වාර්තා අතරට ද එක්වීම තවදුරටත් මෙහි දී කැපී පෙනෙන්නට විය. 2006 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරය යටතේ පැවති එක්දින තරගාවලියේ 5 වැනි සහ අවසන් එක්දින තරගයේ ජයග්‍රහණය වාර්තා කරගැනීමට නම් ශ්‍රී ලංකාවට ලකුණු 322ක දැවැන්ත ඉලක්කයක් හිමි වන්නට විය. 

අදට වසර 15කට පමණ පෙර ඒ කාලය තුළ මෙවන් ඉලක්කයක් සාර්ථකව හඹා යාම ඉතා අසීරු කාර්යයක් ලෙස සැලකුනත්, මෙහි දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් එම ඉලක්කය පන්දුවාර 38ක දී සාර්ථකව හඹා යාමට සමත් වූයේ පිතිකරුවන් එහි දී ඉතා ප්‍රබල ක්‍රීඩා විලාශයක් දියත් කිරීමත් සමඟයි.  

මැච් දිනවන චන්දන

සංඛ්‍යා දත්තවලින් වැඩ පෙන්වීමට වඩා ක්‍රිකට් තරග දිනවීම …….

මෙම තරගයේ දී ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි තරංග සහ සනත් ජයසූරිය පිළිවෙළින් ලකුණු 109 සහ 152 බැගින් වාර්තා කරගනිමින් පළමු කඩුල්ලට පන්දු 191ක් තුළ ලකුණු 286ක වාර්තාගත සබඳතාවයක් එක්කරන්නට සමත් විය. 

එහි දී ඔවුන් දෙදෙනාගේම ප්‍රහාරාත්මක පිතිහරඹය කැපී පෙනෙන්නට වූ අතර එම තරගයේ දී එංගලන්ත කණ්ඩායමේ ආරම්භක පන්දු යවන්නා ලෙස කටයුතු කළ Kabir Ali හට මෙන්ම තවදුරටත් Vikram Solanki හට ද ඉන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ එංගලන්තය නියෝජනය කිරීමට අවස්ථාවක් ලැබුණේ නැත. එහි දී මෙම එක්දින තරගාවලිය පුරාවට සිය අණසක පතුරුවා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහි දී 5-0ක පූර්ණ ජයග්‍රහණයක් වාර්තා කර ගනු ලැබීය. 

කෙසේ නමුත් මෙම තරගාවලියට අදාළව තරංගගේ මතකයේ රැඳී ඇති සුවිශේෂීම සිදුවීම වන්නේ එහි පළමු තරගයේ දී ක්‍රිකට් ක්‍රීඩාවේ මහගෙදර ලෙස සැලකෙන Lord’s ක්‍රීඩාංගණයේ දී ලකුණු 120ක් වාර්තා කරගනිමින් ඔහු ක්‍රීඩා කරනු ලැබූ විශිෂ්ට ඉනිම යි. එහි දී පිතිකරණයට තරමක් අසීරු තණතිල්ලක් තුළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 257ක ඉලක්කයක් දක්වා රැගෙන යන්නට ඔහු සමත් විය. 

අනතුරුව පසුකාලීනව තරංග හට ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකත්වය ද කෙටි කාලයක් සඳහා දැරීමේ අවස්ථාව හිමි විය. ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ අසීරු ම කාල වකවානුවක් තුළ ඔහුට ලැබුණු ඒ නායකත්වය හරහා  අවශ්‍ය ජයග්‍රහණ හා ප්‍රතිඵල වෙත කණ්ඩායම රැගෙන යන්නට ඔහුට හැකියාවක් නොලැබුනත් එහි දී ඔහු සටන අත්හැරියේ නැත.

ගුරාට අකුරු වැරැද්දූ “වාසි”

ඔබ වැඩි කල් ශ්‍රී ලංකාවට සෙල්ලම් කරන්නේ නැහැ”……..

එමෙන්ම ඔහු නිතරම කණ්ඩායම වෙනුවෙන්ම ක්‍රීඩා කළ ක්‍රීඩකයෙකි. සිය ක්‍රිකට් ජීවිතය පුරාවටම ඔහු ආරම්භක පිතිකරුවෙක් ලෙස ක්‍රීඩා කර තිබුනත් නවක ආරම්භක පිතිකරුවන් කණ්ඩායමට හඳුන්වා දීමේ අවශ්‍යතාවයක් මතු වූ ඕනෑම අවස්ථාවක දී ඔහු කිසිදු පැකිළීමකින් තොරව ඔහුගේ ආරම්භක පිතිකරු ස්ථානය කැපකොට මැදපෙළ ක්‍රීඩා කරමින් එහි දී ද දස්කම් දක්වන්නට ඔහු සමත් වූ අවස්ථාවන් රැසකි. 

සමස්තයක් ලෙස ගත් කල ඔහු ඉතා අගනා පුද්ගලයෙක් වන අතර ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ සිදුවූවා යැයි සැලකුණු දූෂණ වංචා වලට අදාළව පරීක්‍ෂණ කිහිපයක්ම සිදු වූ අභියෝගාත්මක කාල වකවානු තුළ අඛණ්ඩව ඉහළ දක්‍ෂතා අතර සිටීම ඔහුගේ ක්‍රීඩා දිවිය පුරාවට කැපී පෙනෙනු ඇති බව නොඅනුමාන ය. 

The Island වෙනුවෙන් රෙක්ස් ක්ලෙමන්ටයින් විසින් ලියූ Upul Tharanga not giving up hope on 7000 mark ලිපියේ සිංහල පරිවර්තනයකි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<