DRS වලින් හොඳම විනිසුරු කවුද?

87

මීට වසර කීපයකට පෙර ක්‍රිකට් ක්‍රීඩාවේ විනිසුරුවරයාගේ තීරණය අභියෝගයට ලක් කළ හැකි කිසිවෙක් සිටියේ නැත. තමන් නොදැවුණු ක්‍රීඩකයෙක් ලෙස පිතිකරුවාට කෙතරම් විශ්වාස වුවද ක්‍රීඩාගාරය වෙත යාම හැර වෙනත් කිසිදු විකල්පයක් නොතිබුණි. කෙසේ වෙතත් මෑත කාලීන ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුම අංගය වූයේ විනිසුරු තීරණය අභියෝගයට ලක් කිරීමේ හැකියාවයි. 

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ කණ්ඩායම් සහ ක්‍රීඩකයින් විනිසුරු තීරණය සමාලෝචන ක්‍රමය හෙවත් DRS භාවිතා කරන ආකාරය පිළිබඳ රසවත් සොයා ගැනීම් කිහිපයක් පසුගිය දා ESPNcricinfo  වෙබ් අඩවිය විසින් වාර්තා කර තිබුණි.

ගෞරව පදක්කමත් සමඟින් ටේලර්ගෙන් ප්‍රතිඥාවක්

ප්‍රවීණ පිතිකරු රෝස් ටේලර් නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩකයෙකුට ලබා ගත හැකි උපරිම ……………………

ආරම්භයේ දී ප්‍රවේසම් සහගත වචනයක් පැවසිය යුතුය. පහත දැක්වෙන විශ්ලේෂණය ඕනෑම විනිසුරුවරයෙකු කෙතරම් හොඳ හෝ නරක ද යන්න පිළිබඳ අවසාන වචනය නොවේ. මෙහි විශ්ලේෂණය කරන ලද දත්ත විනිසුරුවන් විසින් විනිශ්චය කරනු ලබන සියලු තීරණවල උප කුලකයක් පමණි. 

මෙම විශ්ලේෂණය ක්ෂේත්‍රයේ නිල වශයෙන් සමාලෝචනය කර නොමැති තීරණ සැලකිල්ලට ගෙන නොමැත. එම හේතුව නිසා, විනිසුරුවන්ගේ තීරණවල සත්‍ය නිරවද්‍යතාව මෙහි ඉදිරිපත් කර ඇති තීරණවලට වඩා වෙනස් වනු ඇත.

මෙය නිදර්ශනය කිරීම සඳහා විනිසුරුවරයා පිටියේ දී තීරණ 20ක් ලබා දී ඇති බව පවසන්න. එම තීරණ 20න් 10ක්ම සමාලෝචනය නොකළ තීරණ නම් එම තීරණ දහයම නිවැරදි යැයි සලකා ඇත. එයින් අදහස් වන්නේ මෙම තීරණ පාලනය කිරීමේ දී විනිසුරුගේ නිරවද්‍යතාවය 100%ක් බවයි. සමාලෝචනය කරන ලද අනෙක් තීරණ 10න් අටක් වෙනස් වූ බවත්, තීරණ දෙකක් පමණක් විනිසුරුගේ තීරණය නිවැරදි බව තහවුරු කළේ යැයි උපකල්පනය කරන්න. 

දැන් පවතින DRS දත්තවලට අනුව මෙම සමාලෝචනය කරන ලද තීරණවලින් විනිසුරුගේ නිරවද්‍යතාවය 20%ක් පමණි. කෙසේ වෙතත්, විනිසුරුවන් සැබවින්ම අවස්ථා 20න් 12ක්ම නිවැරදිව පාලනය කර ඇති අතර එහි නිරවද්‍යතාව 60%කි.  

යථාර්ථවාදීව වුවද, සමාලෝචනය කරන ලද තීරණ සහ නොවන තීරණ අතර නිරවද්‍යතාවයේ එතරම් විශාල වෙනසක් ඇතිවීමට ඉඩක් නැත. එම සංඛ්‍යා වෙනත් ආකාරයකින් වඩා එකිනෙකට සමීප වීමට වැඩි ඉඩක් ඇත.

පහත දැක්වෙන්නේ මෙම දත්ත සඳහා සලකා බලන කාල පරිච්ඡේදය තුළ විනිසුරුවන්ගේ තීරණ සමාලෝචනය කළ විට එම තීරණ විසඳුණු ආකාරය පිළිබඳ සටහනකි. 

2017 සැප්තැම්බර් 28 දින සිට වසර දෙකහමාරක කාලය තුළ විනිසුරුවන් 18 දෙනෙකු ටෙස්ට් ක්‍රිකට් පිටියේ විනිසුරුවන් ලෙස කටයුතු කර ඇත. කෙසේ වෙතත්, ටෙස්ට් තරග දහයක් හෝ වැඩි ගණනකට දායකත්වය ලබා දී ඇත්තේ 14 දෙනෙකු පමණි. ඒ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ හි වත්මන් Elite Panel හෙවත් උත්තරීතර මණ්ඩලයේ විනිසුරුවන් 12 දෙනා හා 2019 එක්දින ලෝක කුසලානයෙන් පසු විශ්‍රාම ගිය ඉයන් ගුල්ඩ් සහ සුන්දරම් රවී ය. 

මෙම විනිසුරුවන් 14 දෙනා ගත් තීරණ පිළිබඳ සමාලෝචන දත්තවලින් පහත සටහනෙන් ඉදිරිපත් කෙරේ.

විනිසුරු තීරණ නැවත සමාලෝචනය කිරීමේ දී ජොයෙල් විල්සන් සහ සුන්දරම් රවී බොහෝ විට සමාලෝචනයට ලක්වූ විනිසුරුවන් වේ. ඒ එක් ටෙස්ට් තරගයක ගත් තීරණවලට එරෙහිව ගනු ලබන සාමාන්‍ය සමාලෝචන අනුව ය. විල්සන් සාමාන්‍යයෙන් එක් තරගයකට 6.6 වතාවක් සමාලෝචනයට ලක්ව ඇති අතර රවී 6.2 වතාවක් සමාලෝචනයට ලක්ව ඇත. 

ඇත්ත වශයෙන්ම වඩාත් නිවැරදි දර්ශකයක් වනුයේ විනිසුරුවරයෙකු විසින් ගනු ලැබූ මුළු තීරණ ගණනට සාධකයක් ලෙස සමාලෝචන ලබා ගැනීමයි. නමුත් විනිසුරුවරයා පිළිබඳ දත්ත නොමැතිකම නිසා එක් තරගයකට සාමාන්‍ය සමාලෝචන සංඛ්‍යාවක් සලකා බැලිය යුතුය.

ලංකාවේ සිර වී සිටි පාකිස්තානුවන් 5ක් නැවත සිය නිවෙස්වලට

Covid-19 වසංගතය මෙරට තුල පැතිර යාම වළක්වාලීමේ අරමුණින් මේ වන විට ……….

මයිකල් ගොග් සහ රොඩ් ටකර් ලබා දුන් තීරණවලින් පිළිවෙළින් ටෙස්ට් තරගයක දී සමාලෝචන 4.1 සහ 3.8 බැගින් ලබාගෙන ඇත. ඔවුන් දෙදෙනා අවම සමාලෝචන සාමාන්‍යයට හිමිකම් කියයි. 

ගොග්ගේ තීරණ පිළිබඳව සැලකීමේ දී ඔහුගේ තීරණ තරමක් හොඳ නිසා බොහෝ විට කණ්ඩායම් එම තීරණ සමාලෝචනය කර නැත. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ උත්තරීතර මණ්ඩලයට අලුතින් ඇතුළු වූ දෙදෙනාගෙන් එක් අයෙකු වන මයිකල් ගෝෆ් මෙම සටහන සඳහා සලකා බැලූ කාලය තුළ ඔහුගේ පිටියේ තීන්දු 41ක් අතරින් අවලංගු කර ඇත්තේ තීරණ දෙකක් පමණි. එනම් ඔහුගේ නිවැරදි ප්‍රතිශතය 95.1%ක් ලෙස සටහන් වේ.

අවම වශයෙන් තීරණ දහයක්වත් සමාලෝචනයට ලක් කර ඇති විනිසුරුවන් අතර කුමාර් ධර්මසේන දෙවන ස්ථානය ලබාගෙන ඇත්තේ 78.7%ක නිවැරදි ප්‍රතිශතයක් ලබා ගනිමිනි. ඉයන් ගෝල්ඩ්ගේ නිවැරදි ප්‍රතිශතය 77.2% ක් ලෙස සටහන් වේ.

විනිසුරුවන්ගේ උත්තරීතර මණ්ඩලයට ඇතුළත් වූ අනෙක් නවක විනිසුරුවරයාට මෙම කාලය එතරම් හොඳ කාලයක් වූයේ නැත. ජොඑල් විල්සන් ලබා දුන් තීන්දු 93ක් නැවත සමාලෝචනය කර ඇති අතර එහි දී ඔහුගේ තීරණ නිවැරදි ලෙස සටහන්ව ඇත්තේ එම අවස්ථාවන්ගෙන් 64.5%ක දී පමණි. මෑතක දී පාකිස්තානය සහ බංග්ලාදේශය අතර රාවල්පින්ඩි ටෙස්ට් තරගයේ දී දැඩි බලපෑමකට ලක්වූ නයිජල් ලොන්ග් පමණක් ඔහුට වඩා අඩු ප්‍රතිශතයක් ලබාගෙන ඇත.

නයිජල් විසින් සමාලෝචනය කරන ලද තීරණවලින් 63.75%ක් පමණක් නිවැරදි ලෙස සටහන්ව ඇත. ඔහුගේ රාවල්පින්ඩි සහකරු ක්‍රිස් ගැෆනිගේ නිවැරදි ප්‍රතිශතය 64.6%ක් වන අතර ඔහු විල්සන්ට වඩා තරමක් හොඳ ප්‍රතිශතයක් ලබාගෙන ඇත. කෙසේ වෙතත් විනිසුරු තීරණ වෙනස් කිරීමේ දී අවසන් ස්ථාන ලබාගෙන ඇත්තේ නයිජල් ලොන්ග්, ජොඑල් විල්සන් හා ක්‍රිස් ගැෆනි විසිනි. 

DRS තාක්ශණයේ දී විනිසුරුවන්ට ඔවුන්ගේ පිටියේ තීරණ නිශ්චිතවම අවලංගු කළ නොහැකි අවස්ථාවන්හිදී “Umpire’s call” ලබා දෙයි. එය අවිනිශ්චිතතාවය අනුව තීරණය වන අතර එය විනිසුරුවරයාගේ වැරැද්දක් ලෙස නොසැලකේ. එවැනි තීරණයක දී කණ්ඩායමට තීරණ සමාලෝචනය කිරීම සඳහා ඇති අවස්ථාව අහිමි වන්නේ නැත. 

මෙම “අවිනිශ්චිත” තීරණ නොසලකා හරින්නේ නම්, අවම වශයෙන් DRS යාන්ත්‍රණයට අනුව විනිසුරුවරයා කිසිදු සැකයකින් තොරව නිවැරදි වූ තීරණ පමණක් සැලකිල්ලට ගන්නා නිරවද්‍යතා සංඛ්‍යා ලබා ගත හැක. අපි මෙය සකස් කළ නිරවද්‍යතාවය ලෙස හඳුන්වමු. එය විනිසුරුවන්ගේ හැකියාව සලකා බැලීමට සුදුසුම මිනුමක් වනු ඇත. 

මෙලෙස සැලකූ විට ද ගොෆ් ඉහළට එයි. එහි දී ඔහු යම් දුරකින් ප්‍රථම ස්ථානයට පත්ව ඇත. ඔහු විසින් ලබා දුන් තීරණවලට අනුව සකස් කරන ලද නිරවද්‍යතාවය 82.9%ක් වන අතර, දෙවන ස්ථානයේ සිටින ඉයන් ගුල්ඩ්ට වඩා 22%ක වැඩි වීමක් ඔහු ලබාගෙන ඇත. පැහැදිලි ය. ඉයන් ගුල්ඩ්ගේ තීරණවලින් 59.6%ක් නිවැරදි ලෙස සටහන්ව ඇත. මාරයිස් ඉරැස්මස් මෙම සටහනේ තුන්වැනි ස්ථානය ලබාගෙන ඇත්තේ 58.9%ක නිරවද්‍යතාව සමඟිනි.

සමස්ත නිරවද්‍යතාවයට අනුව අවම නිරවද්‍ය ප්‍රතිශතය ලබාගෙන ඇති ගෆානි, ඔහුගේ ගැලපුම් නිරවද්‍යතාවය 42.4%ක් ලෙස සටහන් කරගෙන ඇත. ඔහු සියලු විනිසුරුවන් අතරින් අවසන් ස්ථානය ලබාගෙන ඇත. ඔහුගේ තීරණ සමාලෝචනයට භාජනය කළ විට ඔහු ලබා දුන් තීරණ 64න් 22ක්ම (34.38%) අවිනිශ්චිත භාවය නිසා ඔහුව ගලවා ගෙන ඇත.

මෙම සටහනේ 47.2%ක් සහිත රිචඩ් ඉලින්ග්වර්ත් සහ 49.2%ක් සහිත රොඩ් ටකර් පහළ තුන්වැනි ස්ථානය සම්පූර්ණ කරයි. ඇත්ත වශයෙන්ම, ටකර් යනු ගෆානිට පසුව umpire’s call රීතියෙන් උපරිම ප්‍රයෝජන ලබා ගන්නා විනිසුරු ය. ටකර්ගේ තීරණවලට එරෙහිව සමාලෝචනවලින් තුනෙන් එකක් පමණ (31.8%) එලෙස අවිනිශ්චිතතාවය මත පදනම් වේ.

සමස්ත මට්ටමින් ගත් කල, විනිසුරුවන් කොතරම් නිවැරදිව වේගපන්දු ‍යවන්නන් හා දඟපන්දු යවන්නන් සඳහා තීරණ ලබා දෙන්නේ දැයි සැලකූ විය එහි විශාල වෙනසක් නැත. කෙසේ වෙතත් ඔවුන් වේගපන්දු යවන්නන්ට වඩා තරමක් හොඳ තීරණ දඟපන්දු ‍යවන්නන් හට ලබා දේ. වේගපන්දු යවන්නන් ක්‍රියාත්මක වන විට, විනිසුරුවන්ගේ තීරණවලින් 70.8%ක් නිවැරදි වන අතර දඟපන්දු යවන්නන් පන්දු යැවීමේ දී එය 72.2%ක් ලෙස සටහන් වේ. 

සකස් කරන ලද නිරවද්‍යතාව අනුව, දඟපන්දු යවන්නන් හමුවේ ලබා දුන් තීරණ 51.7%ක් නිවැරදි වන අතර වේගපන්දු ‍යවන්නන්ගේ එම ප්‍රතිශතය 55.7%කි. මෙයට හේතුව විනිසුරුවන්ට දඟපන්දු යවන්නන්ගේ මන්දගාමී වේගය නිසා පන්දුව හොඳින් දැක ගත හැකි වීමයි.

බොහෝ විනිසුරුවන්ට වේගපන්දු යවන්නන්ට වඩා හොඳ නිරවද්‍යතාවයක් දඟපන්දු ‍යවන්නන් හමුවේ ඇත. අනපේක්ෂිත ලෙස ආසියානු විනිසුරුවන් දෙදෙනා වන රවී සහ කුමාර ධර්මසේන මෙම තත්ත්වයන්ගෙන් අපගමනය වී ඇත. 

රවීගේ ගැලපුම් නිරවද්‍යතාවය වේගපන්දු ‍යවන්නන් හා සසඳන විට දඟපන්දු ‍යවන්නන්ට වඩා 19.4%කින් පහත වැටේ. කුමාර් ධර්මසේනගේ එම වෙනස 1%කින් සුළු වශයෙන් පහත වැටේ. දඟපන්දු යවන්නන් සමාලෝචනය කළ තීරණ 13ක් පමණක් ඇති ගෝග් හැර අනෙක් සියලුම විනිසුරුවන් 11 දෙනා වේගපන්දු යවන්නන්ට වඩා දඟපන්දු යවන්නන් හමුවේ සාර්ථක වී ඇත. 

මම ඔහුට ගරු කළා; ගේල් අපේ නම්වලට කැළලක් ඇති කළා

හිටපු බටහිර ඉන්දීය කොදෙව් පිතිකරු සහ කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ ජැමෙයිකා ……

දඟපන්දු යවන්නන් හමුවේ ගෝග් ගත් තීරණ 13න් 10ක්ම සැකයෙන් තොරව නිවැරදි වූ අතර එහි දී ඔහුගේ දඟපන්දු නිරවද්‍යතාව 82.9%ක් විය. සියලුම විනිසුරුවන් අතර ඉහළම අගය මෙයයි. අනෙක් සියලුම විනිසුරුවන් දඟපන්දු යවන්නන්ගෙන් අවම වශයෙන් තීරණ 20ක් සමාලෝචනය කර ඇත. ඒ අතර, 59.6%ක නිරවද්‍යතාවයක් සහිත ඉයන් ගුල්ඩ් ඉහළින්ම සිටී. වේගපන්දු යවන්නන්ට වඩා හොඳ නිරවද්‍යතාවයක් ගොෆ් සතුව ඇත.

ඔහුගේ තීන්දු 28න් 24ක්ම අවිනිශ්චිතතාවයකින් තොරව නිවැරදි වී ඇති අතර එමඟින් ඔහුගේ ගැලපුම් නිරවද්‍යතාවය 85.7%ක් වේ. 68%ක නිරවද්‍යතාවයක් සහිත එස්. රවී දෙවන ස්ථානය ලබාගෙන ඇත. 

මෙම අභ්‍යාසය තුළ බොහෝ පරාමිතීන් මත ගොෆ් සහ ගුල්ඩ් ඉහළට පැමිණ ඇත. ලොන්ග් සහ විල්සන් බොහෝ දෙනාට වඩා අවම නිරවද්‍ය මට්ටමක සිටී. කෙසේ වෙතත්, මෙම සංඛ්‍යා පසුගිය වසර කිහිපය තුළ ටෙස්ට් ක්‍රිකට් පිටියේ දී දවා ගැනීම් විනිශ්චය කිරීමේ කාර්යය පිළිබඳව විනිසුරුවන් කටයුතු කර ඇති ආකාරය පෙන්නුම් කරන බව නැවත අවධාරණය කළ යුතුය.

පිතිකරුවෙකු දැවී යාමක් ලෙස සටහන් කිරීම හෝ නොදැවුනු ලෙස සටහන් කිරීම විනිසුරුවන් පිටියේ දී ඉටු කරන වැදගත්ම කාර්යයන් වේ. නමුත් එය ඔවුන්ගේ බොහෝ වගකීම්වලින් එකක් පමණක් වන අතර එය පිටියේ ක්‍රියාකාරිත්වය ක්‍රීඩාවේ නීති පිළිපැදීම සහතික කරයි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<