ගෙවුනු දවස ජුලි 31 – ප්‍රථම වතාවට කිරුල ලංකාවට

332
Sri Lanka Sports News last day summary july 31

ගෙවුනු දවස ලිපි මාලාවත් සමඟ එකතු වන ඔබට ස්තුතියි! ගෙවුනු දවස ලිපි මාලාවේ අරමුණ මඟහැරුනු පුවත් ඔබට සමීප කිරීමයි. එහිදි අප සෑම සඳුදා දිනකම ඔබට පසු දින ඉරිදා සිදු වු පුවත් වලට අමතරව එම සතියේ පල වු විශේෂ පුවත් ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු.

  රග්බි  

යෞවනයෝ ශුරතාවය ජය ගනි

ඉතිහාසයේ පළමු වරට වයස අවුරුදු 20න් පහල ආසියානු සත් සාමාජික රග්බි ශූරතාවක් දිනා ගනිමින් මෙරට රග්බි වංශ කතාවට රන් අකුරින් ලියැවුණු නව පිටුවක් එක් කරන්නට කෙවින් ඩික්සන් ගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා 20න් පහල රග්බි කණ්ඩායම අද සමත් විය.

ඒ මැලේසියාවේ පැවති, ආසියානු අවුරුදු 20න් පහළ සත් සාමාජික තරග මාලාවේ පළමු අදියරේ ශූරතාවට හිමිකම් කියමිනුයි.

අවසන් මහා තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිවාදීන් වූයේ ප්‍රභල දකුණු කොරියානු කණ්ඩායමයි. ඊයේ පැවති පළමු වටයේ තරගයකදී ශ්‍රී ලංකාව පරදවන්නට සමත් වූ ජපාන කණ්ඩායම අවසන් පූර්ව තරගයේදී පරාජය වුණේත් දකුණු කොරියාව හමුවේයි. කෙසේ වෙතත් ජපානය සමග තරගයේදී සිදුවුනාක් මෙන් තරගයේ ග්‍රහණය ගිලිහෙන්නට ඉඩ නොදුන් ශ්‍රී ලංකා යෞවනයින් දකුණු කොරියානුවන්ට ලකුණු 38 – 00ක අමතක නොවන පාඩමක් ඉගැන්වීමට සමත් විය.

සම්පූර්ණ ලිපිය: ඉතිහාසයේ නව පිටුවක් පෙරලු ශ්‍රී ලංකා යොවුන් රග්බි ක්‍රීඩකයෝ


  පාපන්දු  

නාවිකයෝ පරදවා ගුවන් භටයෝ ඉදිරියට

ඩයලොග් ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ සත්වැනි සතියේ දෙවැනි දිනය වු ඊයේ තරග කිහිපයක් ප්‍රධාන පාපන්දු ක්‍රීඩාංණ කිහිපයකදි පැවැති අතර වැලිසර නාවික හමුදා ක්‍රීඩා පිටියේ පැවති තරගයෙන් ගුවන් හමුදාව ජය ගත් අතර සහ සිටි පාපන්දු සංකීර්ණයේදි පැවති තරගයෙන් කොළඹ පාපන්දු සමාජය ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය. මාතර සිටි කණ්ඩායම සහ බ්ලු ස්ටාර් සමාජ අතර තරගය ඊයේ දිනයේදි පැවැත්වූයේ නැත.

  • ගුවන් හමුදාව 04 : 01 නාවික හමුදාව
  • කොළඹ පාපන්දු සමාජය 01 : 00 අප් කන්ට්‍රි ලයන්ස් 

  ක්‍රිකට්  

මැක්ස්වෙල් ODI වලට නැහැ

ඔස්ට්‍රේලියානු දක්ෂ පිතිකරුවෙකු වන ග්ලෙන් මැක්ස්වෙල්, ඉදිරියේදි ශ්‍රී ලංකාව සමඟ පැවැත්වීමට නියමිත  එක් දින තරගවලදි ඔස්ට්‍රේලියානු සංචිතයට අැතුලත් කර නොගන්නා බව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් අායතනය පවසයි. ඔහු සහභාගී වූ අවසන් එක්දන තරග 10දී ඔහුගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 10ට අඩුවෙන් පැවැතීම මීට හේතුව ලෙස සඳහන් කරයි.

ODI සංචිතය 
ස්ටීවන් ස්මිත්,  ඩේවිඩ් වෝනර්, ජොර්ජ් බේලි, නේතන් කෙල්ටර් නයිල්, ජේම්ස් ෆෝල්ක්නර්, ආරෝන් ෆින්ච්, ජෝස් හැසෙල්වුඩ්, මොයිසස් හෙන්රික්ස්, ෂෝන් මාෂ්, මිචෙල් මාෂ්, උස්මාන් කවාජා, නෙතන් ලයන්, මිචෙල් ස්ටාක්, මැතිව් වේඩ්, ඇඩම් සැම්පා.

සම්පූර්ණ ලිපිය: මැක්ස්වෙල් ශ්‍රී ලංකා සංචාරයෙන් ඉවත්කරයි

දවසේ නිමාව

අද දිනයේ පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට

පසුගිය සතියෙන්

කලකට පසු ටෙස්ට් ජයක්

ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් හි පළමු ස්ථානයේ සිටින ඕස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන වොන් – මුරලි ටෙස්ට්  ක්‍රිකට් තරගාවලියේ, මහනුවර පල්ලේකැලේ හිදී පැවැත්වෙන පළමු තරගයේ අවසන් දිනය ඊයේ (30) ක්‍රියාත්මක විය.

එහිදි ශ්‍රී ලංකාව ඔ්ස්ට්‍රේලියාව ලකුණු 106කින් පරාජය කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා පළමු ඉණිම –117 -10 (34.2) ධනංජය ද සිල්වා 24, කුසල් පෙරේරා 20, ලක්ෂාන් සඳකැන් 19*, නේතන් ලයන් 3/12, ජෝස් හෙසේල්වූඩ් 3/21

ඕස්ට්‍රේලියානු පළමු ඉණිම – 203 -10 (79.2) ඇඩම් චාල්ස් වොග්ස් 47, මිචෙල් මාෂ් 31, ස්ටීව් ස්මිත් 30, රංගන හේරත් 4/49, ලක්ෂාන් සඳකැන් 4/58

ශ්‍රී ලංකා දෙවන ඉණිම – 353 -10 (93.4) කුසල් මෙන්ඩිස් 176, දිනේෂ් චන්දිමාල් 42, ධනංජය ද සිල්වා 36, රංගන හේරත් 35, මිචෙල් ස්ටාක් 4/84, ජෝස් හෙසේල්වූඩ් 2/59

ඕස්ට්‍රේලියානු දෙවන ඉණිම – 161 -10 (88.3) ස්ටීව් ස්මිත් 55, ජෝශප් ඇන්තනී බර්න්ස් 29, රංගන හේරත් 5/54, ලක්ෂාන් සඳකැන් 3/49

තරගයේ වීරයා – කුසල් මෙන්ඩිස්

සම්පූර්ණ ලිපිය: පළමු මෙහෙයුමෙන්, සිංහ පුතුන් ජය ගනියි


මුරලි විශිෂ්ඨයින්ගේ නාමාවලියට

මේ දිනවල දැඩි කතා බහකට ලක්ව සිටින ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දැවැන්ත මෙහෙවරක් ඉටුකල ක්‍රීඩකයෙකු වන මුත්තයියා මුරලිදරන්, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සියලය විසින් ක්‍රිකට් විශිෂ්ඨයින්ගේ නාමාවලියට (Hall of Fame) නම් කර ඇත. මෙලෙස ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු නම් කිරීම සිදුවුයේ ප්‍ර‍ථම වතාවට වීම සුවිශේෂි කරුණකි.

ටෙස්ට් තරගවලදී සහ එක්දින තරගවලදි  පන්දු වැඩිම කඩුලු ප්‍රමාණයක් දවා ගන්නා ලද ක්‍රීඩකයා ලෙසත් මුරලිදරන් සැලකෙන අතර ඔහුත් සමග එංගලන්තයේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ජෝර්ජ් ලේහ්මාන්, හිටපු ඔස්ට්‍රේලියා ක්‍රිකට් නායිකා කේ. රෝල්ටන් සහ හිටපු ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරුවෙකු වු ආතර් මෝරිස් ද මේ වසර අවසානයේ මෙම ගෞරව නාමයෙන් නම් කිරීමට නියමිතව ඇත.