ඛෙත්තාරාමයට නැවතත් ටෙස්ට් ක්‍රිකට් තරගයක්

190

සත්කාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක්, ලබන වසරේ මාර්තු  මස 19 වැනිදා සිට මාර්තු මස 31 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිතයි.

ලබන වසර ආරම්භයේ දී ම ශ්‍රී ලංකාව ඉන්දියාවට

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම හා සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි විස්ස තරග…

මේ තරගාවලිය සඳහා පුහුණු තරග දෙකක් හා ටෙස්ට් තරග 2ක් ඇතුළත් වේ. ටෙස්ට් තරග 2 ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් පවත්වන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලියට  ඇතුලත්ය. ප්‍රසාද ලකුණු 60ක් දිනා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන එම ටෙස්ට් තරගාවලිය ජය ගැනීම කණ්ඩායම් දෙකටම ඉතාමත් වැදගත් වේ.

2020 වසරේ එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ පළමු පුහුණු තරගය තෙදින පුහුණු තරගයක් වන අතර දෙවන පුහුණු තරගය සිව්දින පුහුණු තරගයක් වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම සමඟ පැවැත්වෙන එම තරග දෙක පිළිවෙළින් කටුනායක දී හා පී. සරා ඕවල් ක්‍රිකට් පිටියේ දී පැවැත්වේ.

ඉන් අනතුරුව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ ආරම්භක තරගය සුපුරුදු පරිදි ගාල්ලේ පැවැත්වෙන අතර දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් පිටියේ පැවැත්වීමට දෙරටේ ක්‍රිකට් බලධාරීන් දැනට තීරණය කර තිබේ.

එංගලන්ත කණ්ඩායමක් අවසන් වරට ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණ ඇත්තේ 2018 දී වන අතර එම තරගාවලියේ පැවති ටෙස්ට් තරග 3ම පහසුවෙන්ම ජය ගැනීමට එංගලන්තය සමත් විය. තවද 2014 වසරේ ලීඩ්ස් හිදී එංගලන්තයට එරෙහිව ශ්‍රී ලංකාව ලබා ගත් ටෙස්ට් තරග ජයට පසුව එංගලන්තයට එරෙහිව ටෙස්ට් තරගයක් ජය ගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව උදාවී නොමැත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩගන්න පුහුණුකරුවන් රැසක් ආනයනයට?

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරයෙන් පසුව මේ වන විට පුරප්පාඩු වී තිබෙන…

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට මෙම වසර අවසන් වීමට පෙර තවත් තරගාවලි දෙකක් ක්‍රීඩා කිරීමට නියමිතව තිබේ. ඕස්ට්‍රේලියාවට එරෙහි පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය නොවැම්බර් මස පළමු සතියේ දී අවසන් වන අතර ඉන්පසුව දෙසැම්බර් මාසයේ දී ICC ටෙස්ට් ලෝක ශූරතා තරගාවලියේ තරග දෙකක් සඳහා පාකිස්තානය සමඟ තරග වැදීමට නියමිතය. 

එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2020 – තරග කාලසටහන

  • තෙදින පුහුණු තරගය – මාර්තු 7 – 9 – ශ්‍රී ලංකා සභාපතිගේ ක්‍රිකට් කණ්ඩායම සමඟ කටුනායක දී
  • සිව්දින පුහුණු තරගය – මාර්තු 12 – 15 – ශ්‍රී ලංකා සභාපතිගේ ක්‍රිකට් කණ්ඩායම සමඟ පී. සරා ඕවල් ක්‍රිකට් පිටියේ දී
  • පළමු ටෙස්ට් තරගය – මාර්තු 19-23 – ගාල්ලේ දී
  • දෙවන ටෙස්ට් තරගය – මාර්තු 27-31 – කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දී

තරගාවලියේ සියලුම උණුසුම් තතු, තරග සේයා රූ, ලකුණු  සටහන්, තරග වාර්තා ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. තවත් උණුසුම් පුවත් හා තොරතුරු දැන ගැනීමට ThePapare.com සමඟින් රැඳී සිටින්න‍.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<