‘මුරලි’ නම් විඩාපත් නොවූ ශ්‍රී ලාංකේය තරග දිනවන්නා

215
Getty Images

“අනුව දශකයේ, මුත්තයියා මුරලිදරන් සිය ක්‍රිකට් දිවිය ආරම්භ කළ දවසේ පටන් නොයෙකුත් වාද විවාදවලට බඳුන් වූ අයෙක්. තරග දිවිය ආරම්භයේ දී නොයෙකුත් වැරදි කරුණු කාරණා වෙනුවෙන් මුරලිගේ නම විවාදයට ඈඳා ගැනුනත්, පසුව එය ලොව බිහිවූ හොඳම දඟපන්දු යවන්නා මුරලි ද, ෂේන් වෝන් ද යන තැනට පැමිණ තිබුණා.

මුරලි ඔහුගේ ක්‍රිකට් දිවිය අවසානයේ ටෙස්ට් කඩුලු 800ක් දවාගෙන තිබුණා. මුරලි සතුව තිබෙන ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ක්‍රීඩකයෙකු දවා ගත් වැඩිම කඩුලු වාර්තාව කෙදිනකවත් බිඳී නොයනු ඇති බවයි මගේ හැඟීම.

මට මුරලි මුලින්ම හමුවන්නේ මට වයස අවුරුදු 13ක් පමණ වෙද්දී. ඔහුගේ පාසල වූ කටුගස්තොට සාන්ත අන්තෝනි විදුහලේ පුහුණුකාරතුමා තමයි කුඩා කාලේ මගේ පිතිකරණ පුහුණුකරුවා වුණේත්.

“ඔබට පන්දු යැවීමට කෙනෙක් සිටිනවා” 

දිනක් මගේ පුහුණුකරුවා මට පැවසුවා. මට පන්දු යැවීමට නියමිතව සිටියේ මුරලි. මුරලි මා වෙත පන්දු කිහිපයක් යොමු කළා. මට තවමත් මතකයි ඒ දිනවලත් මුරලිට විශාල වශයෙන් පන්දුව දඟකැවීමේ හැකියාවක් තිබුණා. කුඩා දරුවෙකු වශයෙන් ලෝකයේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයෙකු නියමිත ක්‍රීඩකයෙකුට මුහුණ දීමට ලැබීම කෙතරම් වාසනාවක්ද. 

මට මතකයි වරක් මුරලි, ඕස්ට්‍රේලියානු නායක ඇලන් බෝඩර් වෙත යැවූ පන්දුවාරයක්. මුරලි යැවූ සෑම පන්දුවක්ම බෝඩර්ගේ පිත්ත පරයා ගොස් ඔහු පරාජයට පත්ව තිබුණා. 

අනතුරුව ක්‍රීඩක විවේකාගරයට පැමිණි බෝඩර් “ඔහු ඉතාම දක්ෂ පා දඟපන්දු යවන්නෙක්. නමුත් ඔහු ගුග්ලි පන්දුව නම් සෑහෙන භාවිතා කරනවා” යැයි පවසා තිබුණා. ඒ ආකාරයෙන් මුරලිගේ ක්‍රිකට් දිවිය ආරම්භයේ දී ම ඇලන් බෝඩර් වැන්නෙකු පවා මුලාවට පත් කරන්නට සමත් වීම අතිවිශේෂයි.

1996 ලෝක කුසලාන ජය අරවින්දගේ ඇසින්!

1996 විල්ස් ලෝක කුසලාන ජයග්‍රහණය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ හැරවුම් ලක්ෂ්‍යය ලෙස හඳුන්වන්න පුළුවන්…

ඔහුගේ ක්‍රිකට් දිවියේ මුල්ම කඩුලු සියය පැමිණියේ තරමක් මන්දගාමීව. මුරලිගේ ක්‍රිකට් දිවියේ සුවිශේෂීම සංධිස්ථානයක් ලෙස 1998 එංගලන්තයට එරෙහිව ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවති ටෙස්ට් තරගය හඳුන්වන්න පුළුවන්. එම තරගයේ එංගලන්ත දෙවන ඉනිමේ කඩුලු දහයම දවා ගැනීමේ අවස්ථාවක් පවා මුරලිට තිබුණා, අතිරේක ක්‍රීඩකයෙකු (උපුල් චන්දන) දුවද්දී දැවී යෑමක් ලබා නොගන්නට. මා හිතන්නේ ශ්‍රී ලංකාවේ දී මෙන්ම ඉන් පිටතදීත් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා ගෙන ගිය මුරලි නම් පුරාවෘත්තයේ ඇරඹුම එතැන.

මුරලිගේ ආරම්භයේ සිටම ඔහු ගැන අවධානයෙන් සිටින්නෙකුට වුවද මග හැරෙන තැනක් ඔහු මේ තැනට එන්නට කෙතරම් දහඩිය හෙළුවා ද යන කාරණාව.

මට මතකයි ඔහු ක්‍රීඩාව ආරම්භ කළ කාලයේ පුහුණු දැල් තුළ කෙතරම් පැය ගණනක් පුහුණු වූවාද යන්න. සමහර විට පුහුණුකරුවාට බලෙන් ඔහුව පන්දු යැවීමෙන් ඉවත් කරගන්න සිදු වුනා. මුරලිගේ ක්‍රීඩා දිවිය අවසන් වන තෙක්ම එහි වෙනසක් තිබුණේ නැහැ.

අවසානයේ මම ඔහුගෙන් ඇහුවා. මොකක්ද මේ කරන වැඩේ තේරුම කියා.

“ඔබ දන්නවා ද සංගා, මගේ උත්සාහය තරගයකට ගියාම ඇස් වහගෙන හෝ මා බලාපොරොත්තු වන ස්ථානයටම පන්දුව පතිත කිරීමට හැකියාවක් ලබා ගැනීමටයි.”

මුරලිගේ පිළිතුර වුනා.

ඇත්තටම එය හොඳ පාඩමක්. ඔහු කලින් තරගයේ දී කඩුලු දහයක් දවා ගත්තා ද කියා අදාළ නැහැ මුරලිගේ පෙර සූදානම අතිවිශිෂ්ටයි. එමඟින් මුරලි ඔහු කෙරෙහිම තිබූ විශ්වාසය තවදුරටත් වර්ධනය කර ගත්තා.

කඩුලු හත්සීයක් දවාගෙන සිටින මුරලිගෙන් පවා තරගයකට පෙර මා දුටුවේ තමන්ගේ පළවෙනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන නවක ක්‍රීඩකයෙකුගේ තිබෙන නොඉවසිලිමත් බවක් සහ නොසන්සුන් ගතියක්. ඒ වගේම උද්‍යෝගිමත් බවක්. 

මුරලි ටෙස්ට් කඩුලු 800 සීමාවට ළඟා වෙමින් සිටියේ. ඇත්තටම ඔහු සිටියේ කඩුලු අටසීයේ සීමාවට කඩුලු අටක් මෑතින්. එවකට කණ්ඩායමේ නායකයා ලෙස මගේත්, ක්‍රිකට් පාලක මණ්ඩලයේ මෙන්ම සියලුම දෙනාගේ මතය වුනේ මුරලිට ටෙස්ට් කඩුලු 800 සීමාව පසු කර යෑමට ඇති තරම් අවස්ථාවක් ඔහුට ලැබිය යුතු බව. 

මේ බව අපි ඔහුට දන්වා සිටියත් ඉන්දියාව සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයෙන් අනතුරුව ක්‍රීඩාවට සමුදෙන්නට ඔහු තීරණය කර තිබුණා. අපි ඔහු සමඟ සාකච්ඡාවක් කැඳවා කඩුලු අටසීයේ කඩඉම පසු කිරීමට ඇති තරම් ටෙස්ට් තරග ගණනක් ඔහුට ලබාගත හැකි බව මුරලිට දැන්වූ විට ඔහුගෙන් ලැබුණේ මෙවන් ප්‍රතිචාරයක්.

වීර කාව්‍යයක් නොගැයුණු ලාංකේය ක්‍රිකට් මහානාමය

ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වර්ණමය රාත්‍රිය එය බවට කිසිම සැකයක් නැත. 1996 මාර්තුවේ යම් දිනක…

“ස්තූතියි. මම හිතනවා මට එක් ටෙස්ට් තරගයකින් කඩුලු අටක් දවා ගන්න පුළුවන් වෙයි කියා. එක දිගට ටෙස්ට් තරග දෙකක් ක්‍රීඩා කරන්නට තරම් ශරීර යෝග්‍යතාවක් මට තිබෙන බවකුත් මට හැඟෙන්නේ නැහැ. මා එය කණ්ඩායමට කරන අසාධාරණයක්.”

මුරලි අතිදක්ෂ ක්‍රීඩකයෙකු බව කියන්නට මෙන්ම ඔහුගේ තිබූ කණ්ඩායම් හැඟීම ගැන කියන්නට ඊට වඩා උදාහරණ අවශ්‍ය නැහැ. ඒ සැමටම වඩා ඔහු ඉතාම උසස් මනුෂ්‍ය ගති ඇත්තෙක්.

එක වතාවක් සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවති තරගයක දී මුරලි උඩපන්දුවක් රැකගන්නට ගොස් ඇඟිල්ලේ ආබාධයකට ලක්වුණා. ඒ වන විටත් සිම්බාබ්වේ ඉනිමේ වැඩිම කඩුලු දවාගෙන තිබුනේත් මුරලි. 

දිනය අවසානයේ අපි සියලුම දෙනා ඉතා කනස්සල්ලට පත්ව සිටියේ මුරලිගේ තත්ත්වය ගැන. මුරලිගේ සුව දුක් බලන්නට ඔහුගේ කාමරයට ගියා. මුරලිගේ කාමරයෙන් නොයෙක් ශබ්ද ඇසෙමින් තිබුණා. කාමරයට ඇතුළු වූ විට අප දුටුවේ ඇඟිලිවලට පැලැස්තර දමාගෙන කාමරයේ බිත්තියට පන්දු යවන මුරලි. 

ඔහු ඇත්තටම ඔහුගේ ඇඟිල්ල පන්දු යැවීමට සුදුසු මට්ටමේ තිබෙනවා දැයි පරීක්ෂා කරමින් සිටියේ. එමෙන්ම පසුදා නැවත තරගයට අවතීර්ණ වී සිම්බාබ්වේ ඉනිමේ කඩුලු නමයකට වගකියන්නට ද ඔහු සමත් වුනා.

ටගා පන්නරය ලැබූ හැටි

1965 වසරේ ජුනි මස 02 වැනිදා ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කැන්ටබරි රෝහලේ දී…

මුරලි කියන්නේ කෙදිනකවත් විඩාවට පත් නොවූ ශ්‍රී ලාංකික තරග දිනවන්නා කිව්වොත් වැරැද්දක් නැහැ. ඔහු කිසිම දිනක වාග් ප්‍රහාරවලට සම්බන්ධ වූයේ නැහැ. සෑමවිටම පීඩනය දරාගනිමින් සිනහවෙන් අභියෝගවලට මුහුණ දුන්නා.

එක්වරක් බ්‍රිස්බේන් නුවර දී පන්දු රකින්නට ගොස් මුරලි පාදයේ ආබාධයකට ලක්වුනා. නරඹන්නන්ගේ උසුළු විසුළු මැද දිගින් දිගටම පන්දු යවන්නට ඔහු තීරණය කර තිබුණා. එකතැන සිට පන්දු යවමින් ෂේන් වොට්සන්ගේ කඩුල්ල දවා ගැනීමටත් තමාට නියමිත පන්දුවාර සංඛ්‍යාව නිමා කිරීමටත් මුරලි සමත් වුනා.

සමහර අවස්ථාවන්වල ක්‍රීඩකයෙකු පුරාවෘත්තයක් බවට පත්වන්නේ ක්‍රීඩා පිටිය තුළ දී කරන දෙයින්. නමුත් මුරලි නම් පුරාවෘත්තය ක්‍රීඩා පිටියෙන් එහා ගිය එකක්. ශ්‍රී ලංකාවේ ගම සහ නගරය එක් කරන්නට, බොහෝ දෙනෙකුට පිහිටවන්නට පෞද්ගලිකව, කැමරාවෙන් පිටත, බොහෝ දෙනෙකු නොදන්නා ලෙසින් මුරලි කළ කාර්‍යභාරය ඉතා ඉහළයි.”

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර විස්ඩන් වෙත ලියූ Kumar Sangakkara’s titans of cricket: Muttiah Muralitharan ලිපිය ඇසුරෙනි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<