​කරට කර සටනකින් පසු DS – සාන්ත ජෝසප් තරගය විසඳුමකින් තොරයි!

1089

වයස අවුරුදු 18න් පහළ සත් සාමාජික තරගාවලියේ පළමු දිනය අද (17) කොළඹ තුරග තරග පිටියේ දී හා රාජකීය ක්‍රීඩා සංකීර්ණයේ දී සාර්ථකව නිමාවට පත්විය.

කණ්ඩායම් 33ක් ශූරතාව වෙනුවෙන් තරග වැදීමට නියමිතව තිබුනත් කණ්ඩායම් 30ක් පමණක් සහභාගීත්වය තහවුරු කර තිබුණි. කටුගස්තොට රාහුල විද්‍යාලය සහ වේල්ස් කුමාර විදුහල අද තරගාවලිය සඳහා සහභාගී නොවූ නිසාවෙන් ඔවුන් අද සහභාගී වීමට නියමිතව තිබූ තරගවල ප්‍රතිවාදීන්ට නිතරග ජයග්‍රහණ හිමි විය.

18න් පහළ ශූරතාවයට කණ්ඩායම් 33ක්!

සමස්ත ලංකා අන්තර් පාසල් වයස අවුරුදු 18න් පහළ සත් සාමාජික රග්බි තරගාවලිය එළඹෙන සති අන්තයේ දී පැවැත්වීමට නියමිතය.

තරගාවලිය සඳහා සහභාගී වන පාසල් සියල්ලම කාණ්ඩ 8කට බෙදා තිබුණි.

A B C D
සාන්ත පීතර විද්‍යාලය  ඉසිපතන විද්‍යාලය   වෙස්ලි විද්‍යාලය   ත්‍රිත්ව විද්‍යාලය  
ධර්මරාජ විද්‍යාලය   සාන්ත තෝමස් විද්‍යාලය   සාන්ත අන්තෝනි විද්‍යාලය   ලුම්බිණි විද්‍යාලය  
සාන්ත සිල්වෙස්තර විද්‍යාලය  පිළියන්දල මධ්‍ය විද්‍යාලය   සාන්ත ඇලෝසියස් විද්‍යාලය  රිච්මන්ඩ් විද්‍යාලය 
කටුගස්තොට රාහුල විද්‍යාලය   වේල්ස් කුමර විද්‍යාලය  සාන්ත ජෝන් විද්‍යාලය  නාලන්ද විද්‍යාලය 
E F G H
කිංග්ස්වුඩ් විද්‍යාලය   රාජකීය විද්‍යාලය  සාන්ත ජෝසප් විද්‍යාලය   මොරටු විද්‍යාලය  
විද්‍යා විද්‍යාලය   මලියදේව විද්‍යාලය   ඩී. එස්. සේනානායක විද්‍යාලය  සහිරා විද්‍යාලය  
තර්ස්ටන් විද්‍යාලය   වාරියපොළ ශ්‍රී සුමංගල විද්‍යාලය   මහානාම විද්‍යාලය   සී. ඩබ්. ඩබ්. කන්නංගර විද්‍යාලය  
ආනන්ද විද්‍යාලය   පියරතන විද්‍යාලය   ඇහැලියගොඩ මධ්‍ය විද්‍යාලය  ලලිත් ඇතුලත්මුදලි විද්‍යාලය  

අද දින පැවැත්වුණු තරග වල ප්‍රතිඵල පහතින්.

කණ්ඩායම කණ්ඩායම
සාන්ත පීතර විද්‍යාලය V කටුගස්තොට රාහුල විද්‍යාලය
ධර්මරාජ විද්‍යාලය 14 V 19 සාන්ත සිල්වෙස්තර විද්‍යාලය
ඉසිපතන විද්‍යාලය V වේල්ස් කුමර විද්‍යාලය
සාන්ත තෝමස් විද්‍යාලය 21 V 05 පිළියන්දල මධ්‍ය විද්‍යාලය
වෙස්ලි විද්‍යාලය 52 V 00 සාන්ත ජෝන් විද්‍යාලය
සාන්ත අන්තෝනි විද්‍යාලය 43 V 10 සාන්ත ඇලෝසියස් විද්‍යාලය
ත්‍රිත්ව විද්‍යාලය  66 V 00 නාලන්දා විද්‍යාලය 
ලුම්බිණි විද්‍යාලය  14 V 00 රිච්මන්ඩ් විද්‍යාලය
සාන්ත පීතර විද්‍යාලය 31 V 00 සාන්ත සිල්වෙස්තර විද්‍යාලය 
ධර්මරාජ විද්‍යාලය V කටුගස්තොට රාහුල විද්‍යාලය 
ඉසිපතන විද්‍යාලය 19 V 12 පිළියන්දල මධ්‍ය විද්‍යාලය 
සාන්ත තෝමස් විද්‍යාලය  V වේල්ස් කුමර විද්‍යාලය 
වෙස්ලි විද්‍යාලය 36 V 00 සාන්ත ඇලෝසියස් විද්‍යාලය 
සාන්ත අන්තෝනි විද්‍යාලය 40 V 00 සාන්ත ජෝන් විද්‍යාලය 
ත්‍රිත්ව විද්‍යාලය 43 V 00 රිච්මන්ඩ් විද්‍යාලය 
ලුම්බිණි විද්‍යාලය  15 V 07 නාලන්දා විද්‍යාලය 
සාන්ත පීතර විද්‍යාලය 20 V 07 ධර්මරාජ විද්‍යාලය 
සාන්ත සිල්වෙස්තර විද්‍යාලය V කටුගස්තොට රාහුල විද්‍යාලය 
ඉසිපතන විද්‍යාලය 12 V 17 සාන්ත තෝමස් විද්‍යාලය 
පිළියන්දල මධ්‍ය විද්‍යාලය V වේල්ස් කුමර විද්‍යාලය 
වෙස්ලි විද්‍යාලය 19 V 12 සාන්ත අන්තෝනි විද්‍යාලය 
සාන්ත ඇලෝසියස් විද්‍යාලය 40 V 00 සාන්ත ජෝන් විද්‍යාලය 
ත්‍රිත්ව විද්‍යාලය 38 V 00 ලුම්බිණි විද්‍යාලය  
රිච්මන්ඩ් විද්‍යාලය  31 V 00 නාලන්දා විද්‍යාලය  
කිංග්ස්වුඩ් විද්‍යාලය   27 V 00 ආනන්ද විද්‍යාලය
විද්‍යා විද්‍යාලය  12 V 00 තර්ස්ටන් විද්‍යාලය
රාජකීය විද්‍යාලය 21 V 14 පියරතන විද්‍යාලය
මලියදේව විද්‍යාලය  12 V 14 ශ්‍රී සුමංගල විද්‍යාලය
සාන්ත ජෝසප් විද්‍යාලය  59 V 00 ඇහැලියගොඩ මධ්‍ය විද්‍යාලය
ඩී. එස්. සේනානායක විද්‍යාලය  24 V 00 මහානාම විද්‍යාලය
මොරටු විද්‍යාලය 07 V 22 සහිරා විද්‍යාලය
තර්ස්ටන් විද්‍යාලය 15 V 05 කිංග්ස්වුඩ් විද්‍යාලය
සී. ඩබ්. ඩබ්. කන්නංගර විද්‍යාලය 33 V 00 ලලිත් ඇතුලත්මුදලි විද්‍යාලය
ආනන්ද විද්‍යාලය 07 V 39 විද්‍යා විද්‍යාලය
රාජකීය විද්‍යාලය 07 V 21 සුමංගල විද්‍යාලය 
මලියදේව විද්‍යාලය 21 V 05 පියරතන විද්‍යාලය
සාන්ත ජෝසප් විද්‍යාලය 26 V 00 මහානාම විද්‍යාලය
ඩී. එස්. සේනානායක විද්‍යාලය 33 V 00 ඇහැලියගොඩ මධ්‍ය විද්‍යාලය
සහිරා විද්‍යාලය 33 V 00 ලලිත් ඇතුලත්මුදලි විද්‍යාලය
සී. ඩබ්. ඩබ්. කන්නංගර විද්‍යාලය 07 V 24 මොරටු විද්‍යාලය
කිංග්ස්වුඩ් විද්‍යාලය 12 V 14 විද්‍යා විද්‍යාලය
තර්ස්ටන් විද්‍යාලය 24 V 05 ආනන්ද විද්‍යාලය
රාජකීය විද්‍යාලය 22 V 14 මලියදේව විද්‍යාලය
ශ්‍රී සුමංගල විද්‍යාලය 26 V 05 පියරතන විද්‍යාලය
සාන්ත ජෝසප් විද්‍යාලය 05 V 05 ඩී. එස්. සේනානායක විද්‍යාලය
මහානාම විද්‍යාලය 33 V 07 ඇහැලියගොඩ මධ්‍ය විද්‍යාලය
සී. ඩබ්. ඩබ්. කන්නංගර විද්‍යාලය 00 V 31 සහිරා විද්‍යාලය
මොරටු විද්‍යාලය 39 V 00 ලලිත් ඇතුලත්මුදලි විද්‍යාලය

හෙට (18) පැවැත්වීමට නියමිත අර්ධ අවසන් පූර්ව තරග සඳහා මෙම කාණ්ඩ 8න් කණ්ඩායම් තුන බැගින් සුදුසුකම් ලබා ඇත. වෙස්ලි, ත්‍රිත්ව, සාන්ත තෝමස්, සාන්ත ජෝසප්, සාන්ත පීතර, විද්‍යා, මහනුවර සුමංගල සහ සහිරා යන විදුහල් අද දිනයේ විශේෂ දක්ෂතා දැක්වීමට සමත් වූ අතර ඔවුන් හෙට (18) කුසලාන කාණ්ඩයේ අර්ධ අවසන් පූර්ව තරග සඳහා ක්‍රීඩා කරනු ඇති. 

එසේම කිංග්ස්වුඩ්, රාජකීය, DS සේනානායක, මොරටු විදුහල, සාන්ත සිල්වෙස්තර, ඉසිපතන, සාන්ත අන්තෝනි සහ ලුම්බිණි විදුහල් හෙට බඳුන ශූරතා කාණ්ඩයේ ක්‍රීඩා කරනු ඇති.

අර්ධ අවසන් පූර්ව තරග කාල සටහන පහතින්.

වේලාව කණ්ඩායම කණ්ඩායම
කුසලාන කාණ්ඩයේ අර්ධ අවසන් පූර්ව තරග
9.00 සාන්ත පීතර විද්‍යාලය V සාන්ත තෝමස් විද්‍යාලය  
9.20 වෙස්ලි විද්‍යාලය   V ත්‍රිත්ව විද්‍යාලය 
9.40 ශ්‍රී සුමංගල විද්‍යාලය   V විද්‍යා විද්‍යාලය  
10.00 සාන්ත ජෝසප් විද්‍යාලය   V සහිරා විද්‍යාලය  
බඳුන ශූරතා කාණ්ඩයේ අර්ධ අවසන් පූර්ව තරග
10.20 සාන්ත සිල්වෙස්තර විද්‍යාලය V ඉසිපතන විද්‍යාලය
10.40 සාන්ත අන්තෝනි විද්‍යාලය V ලුම්බිණි විද්‍යාලය 
11.00 කිංග්ස්වුඩ් විද්‍යාලය   V රාජකීය විද්‍යාලය 
11.20 ඩී. එස්. සේනානායක විද්‍යාලය V මොරටු විද්‍යාලය
පලිහ ශූරතා කාණ්ඩයේ අර්ධ අවසන් පූර්ව තරග
11.40 ධර්මරාජ විද්‍යාලය V පිළියන්දල මධ්‍ය විද්‍යාලය 
12.00 ධර්මරාජ විද්‍යාලය V කටුගස්තොට රාහුල විද්‍යාලය 
12.20 සාන්ත ඇලෝසියස් විද්‍යාලය  V රිච්මන්ඩ් විද්‍යාලය 
12.40 මහානාම විද්‍යාලය   V සී. ඩබ්. ඩබ්. කන්නංගර විද්‍යාලය  

හෙට රාජකීය ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වෙන මේ තරග සියල්ලම සජීවීව උදෑසන 8.30 සිට ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<