කොරෝනා සුව වීමෙන් පසුව භට්ටී පාකිස්තාන කණ්ඩායම සමඟ එක්වෙයි

237
Bhatti joins

පාකිස්තාන දඟපන්දු යවන ක්‍රීඩක කාශිෆ් භට්ටී හට එංගලන්තයේ සිටින පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම හා එක්වීමට අවසර ලබා දී තිබේ. එංගලන්තයට පැමිණීමෙන් අනතුරුව භට්ටී හට COVID-19 වැළඳී ඇතැයි හඳුනා ගත් අතර පසුව ඔහුට වෝචෙස්ටර් හිදී ස්වයං නිරෝධායනයේ රඳවන්නට බලධාරීන් පියවර ගත්තේය. පසුව භට්ටීට කළ PCR පරීක්ෂණ දෙකකින් ඔහුගේ ශරීරයෙන් වෛරසය ඉවත්ව ගොස් ඇති බව අනාවරණය වූ අතර ඒ සමඟම ඔහුට නැවතත් කණ්ඩායම සමඟ එක්වීමට අවසර හිමි විය. 

>> බංග්ලාදේශ ක්‍රීඩකයන් තිදෙනෙක් CPL ප්‍රතික්ෂේප කරයි

පාකිස්තාන ක්‍රීඩකයින් කාණ්ඩ වශයෙන් පාකිස්තානයෙන් එංගලන්තය කරා පිටව ගිය අතර භට්ටී ජූලි මස 08 වනදා පිටත්ව ගිය තුන්වන කාණ්ඩයට අයත් විය. පාකිස්තානයේ දී පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය කළ පරීක්ෂණ දෙකකින් ඔහුට COVID-19 වැළඳී නැතැයි වෛද්‍යවරුන් පැවසූ නිසාවෙන් ඔහුට එංගලන්තයට පිටව යන්නට අවසර ලැබුනි. කෙසේ වෙතත් එංගලන්තයට පැමිණීමෙන් පසුව ඔහුට සිදුකළ පරීක්ෂණයේ දී නැවත වතාවක් ඔහුට COVID-19 වැළඳී ඇතැයි හඳුනා ගෙන ඇත. 

“ස්වයං නිරෝධායනයේ සිටීමෙන් අනතුරුව පාකිස්තාන ක්‍රීඩකයෙක් හට නැවතත් සිය කණ්ඩායම හා එක්වන්නට අවසර ලැබුනා.” එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය නිකුත් කළ නිල නිවේදනයක සඳහන් විය. 

“මේ ක්‍රීඩකයාට පෙර පැවති කොවිඩ් ආසාදනයක දිගුවක් ඇතැයි COVID-19 පරීක්ෂණයකින් හඳුනා ගත්තා. එංගලන්තයේ මහජන සෞඛ්‍ය ආයතන හා වයිරස විශේෂඥයෙකුගේ උපදෙස් මත අපි මේ ක්‍රීඩකයාව හුදෙකලා කරන්නට පියවර ගත්තා.” 

>> තරගය පෙනී පෙනී ආචර්ට වැඩ වරදියි

“නිරෝධායනයෙන් පසුව මෙම ක්‍රීඩකයා හට නැවතත් පරීක්ෂණ දෙකක් සිදුකර ඇති  අතර දැන් ඔහුට COVID-19 වැළඳී නැති බවට තහවුරු වී තිබෙනවා.” යයි එම නිල නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වී තිබිනි. 

Cricbuzz ඇසුරින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<