ප්‍රථම දිනය නිමාවෙද්දී ආනන්ද, ඩී. එස්. හා සත්කාරක නාලන්දීයයන් පෙරමුණේ

552
U20 All Island Baseball Tournament 2018

ශ්‍රී ලංකා පාසල් බේස්බෝල් සංගමයේ අනුදැනුම මත කොළඹ නාලන්දා විද්‍යාලය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 20න් පහළ අන්තර් පාසල් බේස්බෝල් තරගාවලියේ ප්‍රථම දිනය ඊයේ (10) දින නිමාවට පත්විය. දිනයේ මුල් භාගයේ දී වර්ෂාවෙන් බාධා ඇතිවුවත් තරග සාර්ථකව නිමාවට පත්කිරීමට සංවිධායක මඩුල්ලට හැකි විය. දියගම අන්තර්ජාතික බේස්බෝල් ක්‍රීඩාංගණයේ දී හා කොළඹ විශ්ව විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී තරග පැවැත්විය.

වැස්සත් සමඟින් 20න් පහළ බේස්බෝල් තරගාවලිය ඇරඹේ

ශ්‍රී ලංකා පාසල් බේස්බෝල් සංගමයේ අනුදැනුම මත කොළඹ නාලන්දා විද්‍යාලය විසින්..

දිනය ආරම්භ කරමින් ප්‍රථම තරගය ලෙස වෑවල ජාතික පාසල හා වටරැක සාන්ත අන්තෝනි විද්‍යාලය තරග වැදුණි. කොළඹ විශ්ව විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවැත්වූ එම තරගයෙන් ලකුණු 23-00ක් ලෙස විශිෂ්ට ජයක් අත්කර ගැනීමට වෑවල ජාතික පාසලේ ක්‍රීඩකයින්ට හැකි විය.

දෙවන තරගය දියගම අන්තර්ජාතික බේස්බෝල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වූයේ රණබිම රාජකීය විද්‍යාලය හා මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය අතරයි. එහි දී ලකුණු 20-05ක් ලෙස ජයග්‍රහණය තමන් සතුකර ගැනීමට රණබිම රාජකීය විද්‍යාලයීය ක්‍රීඩකයන් සමත් විය.

තරගාවලියේ තෙවැනි තරගය ලෙස හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලය හා කොළඹ ආනන්ද විද්‍යාලය තරග වැදුණේ කොළඹ විශ්ව විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දීයි. එහි දී ලකුණු 29-02ක් ලෙස විශිෂ්ට ජයක් ලැබීමට කොළඹ ආනන්ද විද්‍යාලයීය ක්‍රීඩකයින්ට හැකි විය.

ශ්‍රී ලංකාව ලෝක ශ්‍රේණිගත කිරීම්වල තවත් ඉදිරියට

ඉකුත් වසරේ පෙබරවාරි මාසයේ පාකිස්තානයේ දී පැවති බටහිර-ආසියානු කුසලාන බේස්බෝල්..

දියගම අන්තර්ජාතික බේස්බෝල් ක්‍රීඩාංගණයේ දී සත්කාරක කොළඹ නාලන්දා විද්‍යාලය තරගාවලියේ සිව්වැනි තරගය ලෙස රණබිම රාජකීය විද්‍යාලය සමඟ තරග වැදුණි. තරගයේ 8 වැනි ඉනිමේ දී ලකුණු 13-03ක් ලෙස ඉදිරියෙන් සිටීමට සත්කාරක නාලන්දා විද්‍යාල කණ්ඩායම සමත් විය. එහි දී තරගාවලියේ නීතිරීති වලට අනුව ලකුණු 10ක පරතරයක් (10 Lead Gap) තිබීම හේතුවෙන් ප්‍රධාන විනිසුරු විසින් නාලන්දා කණ්ඩායමට ජයග්‍රහණය පිරිනමන ලදි.

දිනයේ පස්වැනි හා අවසාන තරගය ලෙස කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය හා මැදිරිගිරිය ජාතික පාසල යන පාසල් ද්විත්වය කොළඹ විශ්ව විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී තරග වැදුණි. නියමිත කාලය තුළ ඉනිම් 9ම ක්‍රීඩා කළ අතර එහි දී ලකුණු 06-05ක් ලෙස තියුණු ජයක් ලබා තරගාවලියේ ඉදිරියට යාමට කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයීය ක්‍රීඩකයින් සමත් විය.

තරගාවලියේ දෙවන දිනය වන අද (11) ද දියගම අන්තර්ජාතික බේස්බෝල් ක්‍රීඩාංගණයේ දී හා කොළඹ විශ්ව විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී තරග පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ ඡායාරූප හා සියලුම තරග විස්තර සඳහා රැඳී සිටින්න, ක්‍රීඩාවේ ප්‍රමුඛයා වන ThePapare.com සමඟ.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<