පළමු පුහුණු තරගයෙන් ශ්‍රී ලංකාවට හොඳ පුහුණුවක්

626
@ICC/Getty Images

යොවුන් ක්‍රිකට් කිරුළ සොයා නවසීලන්තයේ සංචාරයේ යෙදෙන ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් ක්‍රීඩකයෝ ඕස්ට්‍රේලියාව සමඟ අද (09) ක්‍රයිස්චර්ච් හි දී නිමා වූ පුහුණු තරගයෙන් ලකුණු 53ක පරාජයක් ලැබූහ.

පළමුවෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 251ක් ලබා ගත් අතර පිළිතුරු ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 198ක් පමණි.

ශ්‍රී ලංකා සංචිතයේ සුක්කානම නැවතත් මැතිව්ස්ට

ලබන සතියේ දී ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරය සඳහා..

කාසියේ වාසිය දිනා ගනිමින් පිටියට පිවිසි ඕස්ට්‍රේලියා යොවුන් ක්‍රීඩකයන්ගේ පළමු කඩුල්ල ලකුණු 10ක්ව තිබිය දී දවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූවද, එතැන් සිට දැවී ගිය සෑම කඩුල්ලක දී ම යම් පමණකින් ලකුණු සබඳතා එක් කිරීමට ඔවුන් සමත් වූහ. ඉනිමේ හොඳම ලකුණු සබඳතාව වූයේ දෙවැනි කඩුල්ල සඳහා ජැක් එඩ්වඩ්ස් (50) සහ නායක ජේසන් සංගා (27) එක් කළ ලකුණු 70යි.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ජොනතන් මෙර්ලෝ ය. ඔහු පන්දු 114කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 78ක් ලබා ගත්තේය.

පුහුණු තරගයක උපරිම වාසි ගනිමින් පන්දු යැවීම සඳහා ක්‍රීඩකයන් 8 දෙනෙක්ම යොදා ගැනීමට ශ්‍රී ලංකා නායකයා කටයුතු කළේය. එහි දී තිසරු රශ්මික, නිපුන් මාලිංග සහ ප්‍රවීන් ජයවික්‍රම කඩුලු 2 බැගින් දවා ගැනීමට සමත් වූහ. ඉතිරි කඩුල්ලේ හිමිකාරීත්වය නායක කමිඳු මෙන්ඩිස් සතු විය.

පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ඉදිරි පෙළ පිතිකරුවෝ හය දෙනාම අසාර්ථක ලැයිස්තු ගත වෙමින් ක්‍රීඩා විවේකාගාරයේ නැවත අසුන් ගැන්වූයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 6කට ලකුණු 64ක් සේ කියැවෙද්දීය. එම හය දෙනා අතුරින් යම් තරමකට හෝ සාර්ථක වූයේ ආරම්භක පිතිකරුවන් වූ ධනංජය ලක්ෂාන් සහ නිශාන් මධුශ්ක පමණි. ඔවුන් දෙදෙනා ලකුණු 12 බැගින් රැස් කළහ.

ප්‍රවීණයෝ හිඟ Tier A පිටිය අංකුර ක්‍රීඩකයෝ වටලති

ශ්‍රී ලංකා ක්‍රිකට් නව පුහුණුකරු චන්දික හතුරුසිංහ සමඟ ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් එක්ව..

ශ්‍රී ලංකා ඉනිමේ ගෞරවය බේරූ පිතිකරුවන් වූයේ හසිත බෝයගොඩ සහ අශේන් බණ්ඩාර ය. 7 වැනි කඩුල්ලට එක් වූ ඔවුන් දෙදෙනා ලකුණු 84ක සබඳතාවක් පැවැත්වූහ. බෝයගොඩ පන්දු 78ක දී හතරේ පහර 10ක් සමඟින් ලකුණු 69ක් ලබා සිටිය දී දැවී යමින් එම සබඳතාව බිඳ දැමුවේය. අනතුරුව ජෙහාන් ඩැනියෙල් සමඟ එක් වූ අශේන් ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 8කට 183ක් දක්වා ඔසවා තැබුවේය.

පන්දු 72ක් තුළ හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 51ක් ලබා සිටිය දී ඔහුගේ ඉනිම අවසන් වූයේ ශ්‍රී ලංකා ඉනිමට ද අවාසනාව කැඳවමිනි. ඉනිම නිමා වන විට ඩැනියෙල් පන්දු 18කට මුහුණ දී හතරේ සහ හයේ පහර බැගින් ඉනිමට එකතු කරමින් නොදැවී ලකුණු 20ක් ලබා සිටියේය.

පන්දු යැවීමේ දී ජේසන් රල්ස්ටන් සහ ඔස්ටින් වෝග් සහ විල් සදර්ලන්ඩ් කඩුලු 3 බැගින් දවා ගත්හ.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහභාගී වන මීළඟ පුහුණු තරගය මේ මස 11දා එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සමඟින් ක්‍රයිස්චර්ච් පිටියේ දී ම පැවැත්වීමට නියමිතයි.

ඕස්ට්‍රේලියා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම; කඩුලු 7ක් දැවී 251 (50.0) ජැක් එඩ්වඩ්ස් 50, ජේසන් සංගා 27, ජොනතන් මෙර්ලෝ 78, පාරල් උප්පාල් 22, නේතන් මැක්ස්වෙනී 31, නිපුන් මාලිංග 2/41, තිසරු රශ්මික 2/59, ප්‍රවීන් ජයවික්‍රම 2/18

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම; සියලුම දෙනා දැවී 198 (42.5) හසිත බෝයගොඩ 69, අශේන් බන්ඩාර 51, ජෙහාන් ඩැනියෙල් නොදැවී 20, විල් සදර්ලන්ඩ් 3/25, ජේසන් රල්ස්ටන් 3/36, ඔස්ටින් වෝග් 2/27

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<