ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා යොවුන් එක්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරග ද්විත්වයක් අද (16) පැවැති අතර එහි දී මහනුවර සහ ගාල්ල කණ්ඩායම් ජයග්‍රහණය කිරීමට සමත් වුණා.
- මහනුවර සහ දඹුල්ලකණ්ඩායම් අතර තරගය කොළඹ NCCක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – දඹුල්ල වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
දඹුල්ල වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
රජිත් නවෝද්‍ය (නායක), ජනිඳු රණසිංහ, දිනුග අබේසේකර, කුශාන් සුබසිංහ, මහීෂ සිතුම්, සුතර්සන් සුබර්නන්, සනුජ නිඳුවර, විග්නේශ්වරන් ආකාශ්, දිමත් අබේසිංහ, මෙනුර නිරෝෂණ සහ නඳුන් බණ්ඩාර.
මහනුවර වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
දිමන්ත මහවිතාන (නායක), ආදිල් ෆෙරීෆ්, මහේන්ද්‍ර අබේසිංහ, කෞෂික කුමාරසිංහ, චනිරු සේනාරත්න, ප්‍රවීන් රුකුනායක (කඩුලු රකින්නා), රයන් ග්‍රෙගරි, කෝලිත සුගත්, කනිල්ක ඇන්තනී, සෙත්මික සෙනෙවිරත්න සහ සුමේධ ප්‍රසාද්.
පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි දඹුල්ල ක්‍රීඩකයෝ තම ඉනිමට ලබා ගන්නේ සියලුම දෙනා දැවී ලකුණු 140ක් පමණයි.
එම ඉනිමේ වැඩි ම ලකුණුලාභියා වූයේ සුතර්සන් සුබර්නන්. ඔහු පන්දු 61කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 35ක් ලබා ගන්නවා. ඊට අමතර ව කුෂාන් සුබසිංහ ද පන්දු 65කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 32ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී කනිල්ක ඇන්තනී, සුමේධ ප්‍රසාද් සහ චනිරු සෙනෙවිරත්න කඩුලු ද්විත්වය බැගින් දවා ගන්නවා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි මහනුවර ක්‍රීඩකයෝ කඩුලු 5ක් පමණක් දැවී තවත් පන්දු 107ක් ද ඉතිරි කර ගනිමින් ප්‍රතිවාදී ඉලක්කය සපුරා ගන්නවා.
එහිදී නායක දිමන්ත මහවිතානගේ පන්දු 80කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 83ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කරා රැගෙන යනවා. ඔහුගේ ඉනිමට හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් ඇතුලත් වුණා.
ඊට අමතර ව ආදිල් ෆෙරීෆ් පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 22ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී දිමත් අබේසිංහ ලකුණු 34කට කඩුලු 2ක් දවා ගන්නවා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- දඹුල්ල වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 140 (40.5)ජනිරු රණසිංහ22, කුශාන් සුබසිංහ 32, සුතර්සන් සුබර්නන් 35, චනිරු සේනාරත්න 2/20, සුමේධ ප්‍රසාද් 2/23, කනිල්ක ඇන්තනී 2/14
- මහනුවරවයස අවුරුදු 19න් පහළ කණ්ඩායම– කඩුලු 5ක් දැවී 143 (32.1) දිමන්ත මහවිතාන නොදැවී 83, ආදිල් ශෙරිෆ් 22, දිමත් අබේසිංහ 2/34
මහනුවර වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට කඩුලු 5ක ජයක්.
- නේක්ෂ, කනිල්ක සහ දුල්සිත් දක්ෂතා දක්වයි
- උඩපන්දු සමඟ ශ්‍රී ලංකාවෙන් තරගාවලි ජයත් ගිලිහී යයි
- Colombo Kaps නව මුහුණුවරකින් LPL තරගාවලියට පිවිසෙයි
- ශ්‍රී ලංකා, ඉන්දියා සහ ඇෆ්ගනිස්තාන A කණ්ඩායම් අතර තුන්කොන් තරගාවලියේ තොරතුරු
- Deepti Sharma ඉන්දීය T20 ඉතිහාසය අලුත් කරයි
- ගාල්ල සහ කොළඹ උතුරකණ්ඩායම් අතර තරගය කොළඹ Coltsක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – කොළඹ උතුර වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
ගාල්ල වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
චමරිඳු නෙත්සර (නායක සහ කඩුලු රකින්නා), අරෝෂ සිතුමිණ, අබ්දුල් මාජිඩ්, දුල්සිත් දර්ශන, පුල්ජිත් වත්සුක, ගිම්හාන් රසාංජන, ලිඳුල නෙත්මිණ, සඳරු මල්ශාන්, ටෙනුශ නිම්සර, එස්. ඒ. ඉඳුවර සහ ලතීන්ද්‍ර ආකාශ්.
කොළඹ උතුර වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම –
රිශ්ම අමරසිංහ (නායක), අවීෂ සමාස්, දුල්නිත් සිගේරා, සෙනුජ වැකුණුගොඩ, කිත්ම විතානපතිරණ, ලිත්ම පෙරේරා (කඩුලු රකින්නා), ශවීන් පෙරේරා, ලහිරු ලක්මාල්, තරුෂ නවෝද්‍ය, ශ්‍රීරාම් ජීවහන් සහ තිශාන් නිපුන්.
කාසියේ වාසිය ජයග්‍රහණය කළ කොළඹ උතුර කණ්ඩායමේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ගාල්ල ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 244ක් ලබා ගන්නවා.
එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ආරම්භක පිතිකරු අරෝෂ සිතුමිණ. ඔහු පන්දු 69කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 64ක් ලබා ගත්තා.
ඊට අමතර ව පුල්ජිත් වත්සුක පන්දු 44ක දී ලකුණු 30ක් ද සහ නායක චමිරිඳු නෙත්සර පන්දු 35ක දී ලකුණු 30ක් ද ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී තරුෂ නවෝද්‍ය ලකුණු 37කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව තිශාන් නිපුන් කඩුලු ද්විත්වයක් ලබා ගත්තා.
පිළිතුරු ඉනිමට පිටියට පිවිසි කොළඹ උතුර ක්‍රීඩකයන්ට ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 146ක් පමණයි. එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත් වෙන්නේ සෙනුජ වැකුණුගොඩ. ඔහු පන්දු 64කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 48ක් ලබා ගන්නවා.
ඊට අමතර ව නායක රිශ්ම අමරසිංහ පන්දු 52කට මුහුණ දෙමින් හයේ පහරක් සමඟින් ලකුණු 28ක් ලබා ගත්තා. ඔවුන් දෙදෙනා සිව් වැනි කඩුල්ලට පන්දු 87ක දී ලකුණු 54ක සබඳතාවක් එක් කරනවා.
කඩුලු දවා ගැනීමේ දී සඳරු මල්ශාන්, ටෙනුෂ නිම්සර සහ ගිම්හාන් රසාංජන කඩුලු ද්විත්වය බැගින් දවා ගන්නවා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- ගාල්ල වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 244 (49.4) අරෝෂ සිතුමිණ 64, පුල්ජිත් වත්සුක 30, චමිරිඳු නෙත්සර 30, ලිදුල නෙත්මිණ 20, තිශාන් නිපුන් 2/35, තරුෂ නවෝද්‍ය 3/37
- කොළඹ උතුර වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 146 (34.1)සෙනුජ වැකුණුගොඩ 48, රිශ්ම අමරසිංහ 28, සඳරු මල්ශාන් 2/17, ටෙනුෂ නිම්සර 2/20, ගිම්හාන් රසාංජන 2/28
ගාල්ල වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට ලකුණු 98ක ජයක්.
හෙට (17) තරගාවලියේ තවත් තරග ද්විත්වයක් පැවැත්වෙන අතර ඒ අනුව ගාල්ල සහ මහනුවර අතර තරගය කොළඹ Colts ක්‍රීඩාංගණයේ දී ද කොළඹ උතුර සහ කොළඹ දකුණ අතර තරගය කොළඹ P. Sara Oval ක්‍රීඩාංගණයේ දී ද පැවැත්වීමට නියමිතයි.
වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා යොවුන් එක්දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<





















