දුනිත්ගේ තුන් ඉරියව් දස්කම් නිසා සාන්ත ජෝසප් විද්‍යාලයට දැවැන්ත ජයක්

19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2022

5697

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් එක්දින තරගාවලියේ තරග කිහිපයක් අද (7) පැවැත්වුනා.

එම තරගවල දී මරදාන සාන්ත ජෝසප්, ලුම්බිණි, නාලන්දා, සාන්ත බෙනඩික්ට්, කටුගස්තොට සාන්ත අන්තෝනි, වේල්ස් කුමර සහ දේවපතිරාජ විද්‍යාල ක්‍රීඩකයින් ජයග්‍රහණ වාර්තා කරන්නට සමත් වුනා.

ශ්‍රී ලංකා නැගී එන යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ සාන්ත ජෝසප් විද්‍යාලය වෙනුවෙන් තුන් ඉරියව්වෙන් කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වුනා. සාන්ත සෙබස්තියන් විද්‍යාලයට එරෙහිව පැවති මේ තරගයේ පන්දු 45ක දී නොදැවී ලකුණු 55*ක් ලබා ගැනීමට සමත් වූ දුනිත් පන්දු යැවීමෙන් කඩුලු දෙකක් ද දවා ගන්නට සමත් වුනා.

මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය සහ මාතර සාන්ත තෝමස් විද්‍යාලය අතර පැවති තරගයේ දී ලහිරු අබේසිංහ (ලකුණු 78) සහ යසිරු ගමාරච්චි ලබා ගත් අර්ධ ශතක සහ ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රීඩක ට්‍රෙවින් මැතිව් (4/12) පන්දු යැවීමෙන් දැක්වූ දස්කම් කැපී පෙනුණා.

2022 ශ්‍රී ලංකා 19න් පහළ ලෝක කුසලාන කණ්ඩායමේ උපනායකයා වූ රවීන් ද සිල්වා වෙස්ලි විද්‍යාලයට එරෙහිව පැවති තරගයේ දී අර්ධ ශතකයක් සහ කඩුලු 2ක් ලබාගෙන නාලන්දා විද්‍යාලය වෙනුවෙන් තුන් ඉරියව් දස්කම් දැක්වූවා.

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයට එරෙහිව පැවති තරගයේ දී සාන්ත බෙනඩික්ට් විද්‍යාල නායක සහ ආරම්භක පිතිකරු සුවහස් අගනා ලකුණු 150ක් ලබාගෙන නායකත්වයේ පිතිකරණයක නිරත වුනා.

පන්දු 141ක් තුල වාර්තා වුනු එම ලකුණු 150 සුපිරි ඉනිමට 4 පහර 16ක් සහ 6 පහර 4ක් ඇතුළත් වුනා. ඊට අමතරව දේවපතිරාජ විද්‍යාලයේ ඉරුෂික තිමිර ඉසිපතන විද්‍යාලයට එරෙහිව සිය තුන් ඉරියව් දස්කම් දක්වමින් ඔවුන්ගේ ජයග්‍රහණය තහවුරු කළා.

Tier A

කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය සහ මාතර සාන්ත තෝමස් විද්‍යාලය – X කාණ්ඩය

  • කාසියේ වාසිය – සාන්ත අන්තෝනි විද්‍යාලය
  • ක්‍රීඩාංගණය – සාන්ත අන්තෝනි විද්‍යාල ක්‍රීඩාංගණය

සාන්ත අන්තෝනි විද්‍යාලය – 291/8 (50): ලහිරු අබේසිංහ 78, යසිරු ගමාරච්චි 63, චන්දිමාල් හේරත් 49, හරිඳු ජයසේකර 2/39, නවිජ ද සේරම් 2/55.

මාතර සාන්ත තෝමස් විද්‍යාලය – 87 (25): හරිඳු ජයසේකර 31, ට්‍රෙවින් මැතිව් 4/12, චමිඳු වික්‍රමසිංහ 2/28.

සාන්ත අන්තෝනි විද්‍යාලයට ලකුණු 204ක ජයක්

මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය – X කාණ්ඩය

  • කාසියේ වාසිය – සාන්ත සෙබස්තියන් විද්‍යාලය
  • ක්‍රීඩාංගණය – සාන්ත සෙබස්තියන් විද්‍යාල ක්‍රීඩාංගණය

සාන්ත සෙබස්තියන් විද්‍යාලය – 131 (47.2): සන්දේශ් ප්‍රනාන්දු 49, සනේෂ් ප්‍රනාන්දු 17, ශෙවෝන් ඩැනියල් 3/12, දේශාන් සෙනෙවිරත්න 3/20, දුනිත් වෙල්ලාලගේ 2/20.

සාන්ත ජෝසප් විද්‍යාලය – 132/3 (24.3): දුනිත් වෙල්ලාල්ගේ 55*, හිරාන් ජයසුන්දර 37, හිරුන් කපුරුබණ්ඩාර 22, කුෂාන් හේරත් 2/22.

සාන්ත ජෝසප් විද්‍යාලයට කඩුලු 7ක ජයක්

කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය – X කාණ්ඩය

  • කාසියේ වාසිය –  සාන්ත බෙනඩික්ට් විද්‍යාලය
  • ක්‍රීඩාංගණය –  සාන්ත බෙනඩික්ට් විද්‍යාල ක්‍රීඩාංගණය

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය – 309/9 (50): පසන් සුවහස් 150, ශරුජන් ශන්මුගනාතන් 58, කොජිත හිම්සර 34, කැනිස්ටන් ගුණරත්නම් 3/56, මහිත් පෙරේරා 2/32, ආකාශ් පෙරේරා 2/35.

සාන්ත තෝමස් විද්‍යාලය – 221 (44.3) කැනිස්ටන් ගුණරත්නම් 60, සේනාධි බුලන්කුලම 57, මහිත් පෙරේරා 34, චමත් චාතුර්ය 4/27, සචින් සේනානායක 2/37.

සාන්ත බෙනඩික්ට් විද්‍යාලයට ලකුණු 88ක ජයක්

මොරටුව වේල්ස් කුමර විද්‍යාලය සහ කැලණිය ගුරුකුල විද්‍යාලය – Z කාණ්ඩය

  • කාසියේ වාසිය – ගුරුකුල විද්‍යාලය
  • ක්‍රීඩාංගණය – වේල්ස් කුමර විද්‍යාල ක්‍රීඩාංගණය

ගුරුකුල විද්‍යාලය – 163 (41.5): සිතිජ චමෝද් 57, තත්සර එශාන් 30, ජනිත ශෙහාන් 25, සුමල්ක ප්‍රනාන්දු 3/18, මෙසිත් ද සිල්වා 3/19.

වේල්ස් කුමර විද්‍යාලය – 165/3 (32.2) ඔමේෂ් මෙන්ඩිස් 47*, තරිඳු අමරසිංහ 40, සුමල්ක ප්‍රනාන්දු 38*, රිවිත් ජයසූරිය 30, පූර්ණ කල්හාර 2/39.

වේල්ස් කුමර විද්‍යාලයට කඩුලු 7ක ජයක්

කොළඹ නාලන්දා විද්‍යාලය සහ වෙස්ලි විද්‍යාලය – Y කාණ්ඩය

  • කාසියේ වාසිය – වෙස්ලි විද්‍යාලය
  • ක්‍රීඩාංගණය – නාලන්දා විද්‍යාල ක්‍රීඩාංගණය

නාලන්දා විද්‍යාලය – 266/9 (50): රවීන් ද සිල්වා 66, දිනෙත් සමරවීර 57, කුශ්මිත සිල්වා 36, චමත් ගෝමස් 2/40, ලිනාල් සුබසිංහ 2/47, සෙමිල ලියනගේ 2/54.

වෙස්ලි විද්‍යාලය – 233 (48.1): උවින් පෙරේරා 36, ටිල්ශාන් සේනානායක 32, චමත් ගෝමස් 32, විනුජ රන්පුල්  3/48, මිනෝද් කල්දේරා 2/33, රවීන් ද සිල්වා 2/47

නාලන්දා විද්‍යායට ලකුණු 33ක ජයක්


Tier B

ඉසිපතන විද්‍යාලය සහ රත්ගම දේවපතිරාජ විද්‍යාලය – Y කාණ්ඩය

  • කාසියේ වාසිය – දේවපතිරාජ
  • ක්‍රීඩාංගණය – කෝල්ට්ස්

දේවපතිරාජ විද්‍යාලය – 198 (48.5): ඉරුෂික තිමිර 50, ජීවක ශෂීන් 45, තරිඳු රුක්ෂාන් 31, කවිඳු ආමන්ත 3/24, රන්දුනු ගගනාත් 3/40.

ඉසිපතන විද්‍යාලය – 170 (45.3): තරුෂ නෙත්සර 62, නවීන් කනිෂ්ක 32, යෙසිත් කළුපහන 25, යුනෙත් සෙනෙවිරත්න 24, චවිඳු අචින්ත 3/18, සසංක නිර්මාල්  3/24,ඉරුෂික තිමිර 2/31

දේවපතිරාජ විද්‍යාලයට ලකුණු 28ක ජයක් 

ලුම්බිණි විද්‍යාලය සහ මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය – Y කාණ්ඩය

  • කාසියේ වාසිය – සාන්ත සර්වේසස් විද්‍යාලය
  • ක්‍රීඩාංගණය – BRC

සාන්ත සර්වේසස් විද්‍යාලය – 113 (41.3): හසිත අමරසිංහ 30, භාතිය ද සිල්වා 25, නබීල් රාජුඩීන් 4/14, සසංක නෙත්මිණ 2/27.

ලුම්බිණි විද්‍යාලය – 114/7 (31.2): තමුදිත රසාංජන 26, සකුණ ලියනගේ 20, ධනිත සංදේශ් 20, හසිත අමරසිංහ 4/16, දමිමිදු සංකල්ප 2/31.

ලුම්බිණි විද්‍යාලයට කඩුලු 3ක ජයක්

තරගාවලියේ තවත් පාසල් තරග රැසක් හෙට (8) දිනයේ දී ද පැවැත්වීමට නියමිත අතර එහි තොරතුරු ද ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com  සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<