මහානාම විද්‍යාලයත් අපරාජිතව පළමු වටයට තිත තබයි

19න් පහළ පාසල් එක්දින ක්‍රිකට් තරගාවලිය 2022

304

ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය සවි බලගන්වන තරු සොයා යන ගමනේ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 7ක් (23) අද නිමාව දුටුවා.

එම තරගවල දී මහනුවර සාන්ත අන්තෝනි, මහානාම, වෙස්ලි, ද මැසනොඩ්, ත්‍රිත්ව, ලුම්බිණි සහ සාන්ත සිල්වෙස්ටර් කණ්ඩායම් ජයග්‍රාහීව දිනය නිමා කිරීමට සමත් වුනා. එහි දී කුරුණෑගල මලියදේව විද්‍යාලය පරාජය කළ කොළඹ මහානාම විද්‍යාලය අපරාජිතව Tier A කොටසේ Z කාණ්ඩයේ පළමු ස්ථානය දිනා ගැනීම විශේෂත්වයක්.

දිනයේ පැවැත්වුණු තරගවල දී ශතක කිසිවක් වාර්තා නොවුණු නමුත්, මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ නායක බිහඟ මෙන්ඩිස් (50), වෙස්ලි නායක සාහිල් ඩයස් (63), වේල්ස් කුමර විද්‍යාලයේ නායක තරිඳු අමරසිංහ (69), සුමල්ක ප්‍රනාන්දු (62) සහ මහනුවර සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලයේ මලීෂ සිල්වා (63*) යන ක්‍රීඩකයින් අර්ධ ශතක ලබාගෙන දිනයේ කැපී පෙනුණ පිතිකරුවන් බවට පත් වුනා.

ඊට අමතරව පන්දු යවන්නන්ගේ දස්කම් සලකා බැලීමේ දී මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලයේ අසිත වන්නිනායක (42 සහ 4/36) සහ මහානාම විද්‍යාලයේ නායක දෙවිඳු කැකිරිදෙණිය (4/29) කඩුලු 4 බැගින් ලබාගෙන දස්කම් දැක්වූ අතර අසිත සාන්ත අන්තෝනි විද්‍යාලයේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් කැපී පෙනෙන තුන් ඉරියව් දස්කම් දැක්වූවා.

මේ වන විට 19න් පහළ පළමු පෙළ Tier A කොටසේ X, Z කාණ්ඩයේ මූලික වටයේ තරග සහ Y කාණ්ඩයේ බොහෝමයක් තරග අවසන් වී තිබෙනවා. ඒ අනුව මරදාන සාන්ත ජෝසප්, මහනුවර සාන්ත අන්තෝනි, නාලන්දා, රිච්මන්ඩ්, මහානාම, කඳාන ද මැසනොඩ් යන කණ්ඩායම් 6 ඉදිරි වටය සඳහා සුදුසුකම් ලබාගෙන තිබෙන අතර එම කොටසේ තෙවැනි ස්ථාන ලබා ගන්නා හොඳම කණ්ඩායම් දෙක ඉදිරි දින කිහිපය තුල නිල වශයෙන් තහවුරු වනු ඇත.

එසේම Tier B කොටසේ තවත් තරග කිහිපයක් ඉදිරි දින දෙකක කාලය තුල ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා. නමුත් බම්බලපිටිය සාන්ත පීතර සහ ඉසිපතන විද්‍යාල එම කොටසේ දෙවැනි වටයේ තරග සඳහා දැනටමත් සුදුසුකම් ලබාගෙන අවසන් වන අතර ඊට අමතරව තවත් කණ්ඩායම් 6ක් එම කොටසේ දෙවැනි වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට අපේක්ෂාවෙන් පසුවෙනවා.

Tier A

සාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ සාන්ත අන්තෝනි විද්‍යාලය – X කාණ්ඩය

  • කාසියේ වාසිය – සාන්ත සෙබස්තියන් විද්‍යාලය
  • ක්‍රීඩාංගණය – සාන්ත සෙබස්තියන් විද්‍යාල ක්‍රීඩාංගණය

සාන්ත අන්තෝනි විද්‍යාලය – 209/8 (48.1): අසිත වන්නිනායක 42, චමිඳු වික්‍රමසිංහ 38, මොහොමඩ් ආකිල් 32, ට්‍රෙවින් මැතිව් 32, චන්දිමාල් හේරත් 21, සන්දීෂ් ප්‍රනාන්දු 2/36, ශෙනිත් ප්‍රනාන්දු 2/44, කුෂාන් හේරත් 2/47.

සාන්ත සෙබස්තියන් විද්‍යාලය – 176 (41.3): බිහඟ මෙන්ඩිස් 50, සනේෂ් ප්‍රනාන්දු 35, ශෙනිත් ප්‍රනාන්දු 24, අසිත වන්නිනායක 4/36, ලහිරු අබේසිංහ 3/37.

සාන්ත අන්තෝනි විද්‍යාලයට ලකුණු 46ක ජයක්

මලියදේව විද්‍යාලය සහ මහානාම විද්‍යාලය – Z කාණ්ඩය

  • කාසියේ වාසිය – මලියදේව විද්‍යාලය
  • ක්‍රීඩාංගණය – මලියදේව විද්‍යාල ක්‍රීඩාංගණය

මලියදේව විද්‍යාලය – 195/9 (50): චාරුක හේරත් 35, අමේෂ් තෙන්නකෝන් 29, තිමිර විරාජ් 27, මතීෂ වීරසිංහ 23, ජයමිණ මුතුකුමාරණ 20, දෙවිඳු කැකිරිදෙනිය 4/29, ඉනුක කරන්නාගොඩ 3/44.

මහානාම විද්‍යාල – 196/6 (47.2): සචිර වැලිවත්ත 37, නිහිඳු පෙරේරා 31, කවිඳු අමාමෙත් 30, ඉනුක කරන්නාගොඩ 25, අංජල බණ්ඩාර 25, කූජන පෙරේරා 21, සකිඳු විජේරත්න 2/30.

මහානාම විද්‍යාලයට කඩුලු 4ක ජයක්

කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය සහ වෙස්ලි විද්‍යාලය – Y කාණ්ඩය

  • කාසියේ වාසිය – සාන්ත ආනා විද්‍යාලය
  • ක්‍රීඩාංගණය – වෙස්ලි විද්‍යාල ක්‍රීඩාංගණය

සාන්ත ආනා විද්‍යාලය – 120 (33): මනාන් මුසම්මිල් 28, සෙමිල ලියනගේ 3/22, මනාන් මුසම්මිල් 2/11, රවිඳු සිගේරා 2/12, උවින් පෙරේරා 2/21.

වෙස්ලි විද්‍යාලය – 123/6 (26.4): සාහිල් ඩයස් 63, ලිනාල් සුබසිංහ 20*, මනාන් මුසම්මිල් 3/33, රිෂිත පෙරේරා 2/09.

වෙස්ලි විද්‍යාලයට කඩුලු 4ක ජයක්

වේල්ස් කුමර විද්‍යාලය සහ ද මැසනොඩ් විද්‍යාලය – Z කාණ්ඩය

  • කාසියේ වාසිය – ද මැසනොඩ් විද්‍යාලය
  • ක්‍රීඩාංගණය – ද මැසනොඩ් ක්‍රීඩාංගණය

වේල්ස් කුමර විද්‍යාලය – 204/9 (48.4): තරිඳු අමරසිංහ 69, සුමල්ක ප්‍රනාන්දු 62, සලිඳු පතිරණ 2/08, සෙනාෂ් ප්‍රනාන්දු 2/21, තුෂාන් උදයංග 2/27.

ද මැසනොඩ් විද්‍යාලය – 210/8 (32.5): රුවින් ෆොන්සේකා 43, ලෙස්ටර් ජයවීර 41, සලිඳු පතිරණ 39, අශේන් සිල්වා 23, තරිඳු අමරසිංහ 3/29, සුමල්ක ප්‍රනාන්දු 2/30.

ද මැසනොඩ් විද්‍යාලයට කඩුලු 2ක ජයක්

ත්‍රිත්ව විද්‍යාලය සහ ගුරුකුල විද්‍යාලය – Z කාණ්ඩය

  • කාසියේ වාසිය – ත්‍රිත්ව විද්‍යාලය
  • ක්‍රීඩාංගණය – අස්ගිරිය ක්‍රීඩාංගණය

ගුරුකුල විද්‍යාලය – 204 (50): තත්සර එශාන් 42, සිතිජ චමෝද් 26, දෙනුර දෙමන්සිත් 24, බිම්සර හිරුෂාන් 22, පූර්ණ කල්හාර 20, විභාවිත් ඇහැලේපොල 3/41, මතීෂ පතිරණ 2/35, පවන් පතිරාජ 2/31.

ත්‍රිත්ව විද්‍යාලය – 207/6 (37.5): රහල් අමරසිංහ 44, පවන් පතිරාජ 41, විදුක ධම්මගේ 36, විභාවිත් ඇහැලේපොල 29, තත්සර එශාන් 2/52.

ත්‍රිත්ව විද්‍යාලයට කඩුලු 7ක ජයක්


Tier B

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය සහ ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය – Z කාණ්ඩය

  • කාසියේ වාසිය – සාන්ත ඇලෝසියස් විද්‍යාලය
  • ක්‍රීඩාංගණය – ධර්මරාජ විද්‍යාල ක්‍රීඩාංගණය

සාන්ත ඇලෝසියස් විද්‍යාලය – 152 (41.4): කලන පැතුම් 22, හසිත සුරංග 21, අකිල වික්‍රමසිංහ 3/14, මලිත් ලක්ෂාන් 2/24.

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය – 157/4 (29.4): මලීෂ සිල්වා 63*, මලිත් ලක්ෂාන් 25, ඉඳුවර උදාන 2/36.

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලයට කඩුලු 6ක ජයක්

ලුම්බිණි විද්‍යාලය සහ දේවපතිරාජ විද්‍යාලය – Y කාණ්ඩය

  • කාසියේ වාසිය – ලුම්බිණි විද්‍යාලය
  • ක්‍රීඩාංගණය – වරාය ක්‍රීඩාංගණය

දේවපතිරාජ විද්‍යාලය – 123 (38.3): මතීෂ සාරංග 30, යසිරු යුගාත් 3/21, දුමිඳු සෙව්මිණ 2/21,සකුණ ලියනගේ 2/18, බසික සෙත්මින 2/26.

ලුම්බිණි විද්‍යාලය – 125/4 (27.1): දෙනෙත් අංජන 45, සකුණ ලියනගේ 26*, නබීල් රාජුඩීන් 20, පැතුම් ශාමින්ද 3/31.

ලුම්බිණි විද්‍යාලයට කඩුලු 6ක ජයක්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<