මහිත්, තරුෂ්ක සහ චන්දිමාල් ශතක අතරට

වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2022

602

19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (1) දිනයේ දී ක්‍රියාත්මක වුනා. එහි දී දෙවැනි දිනට පැවති තරග සියල්ලම ජය පරාජයෙන් තොරව නිමා වුනත්, ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය, මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය සහ මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය පළමු ඉනිමේ වැඩි ගෞරවය දිනා ගැනීමට සමත් වුනා.

එම තරගවල දී සාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් මහිත් පෙරේරා (ලකුණු 101*), කොළඹ ඉසිපතන විද්‍යාලයේ තරුෂ්ක අශෙල් (ලකුණු 124) සහ මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලයේ චන්දිමාල් හේරත් (ලකුණු 116) ශතක ලබා ගනිද්දී, සාන්ත තෝමස් විද්‍යාලයේ ආතිෆ් සිද්දික් සහ සාන්ත සර්වේසස් විද්‍යාලයේ තරුෂ් සංකල්ප කඩුලු 5 දස්කම් දක්වමින් පන්දු යැවීමෙන් වැඩි දස්කම් අතරට පැමිණියා.

සාන්ත තෝමස් – සාන්ත ජෝන් තරගයේ දෙවැනි දිනය ආරම්භ කරන විට සාන්ත තෝමස් විද්‍යාල පළමු ඉනිම 75/5ක් ලෙස සටහන් වුනත් මහිත් ලබා ගත් නොදැවුණු ශතකය සහ රොමේෂ් මෙන්ඩිස් (ලකුණු 92) දැක්වූ දස්කම් නිසාවෙන් පළමු ඉනිමේ ජයග්‍රහණයට අමතරව ලකුණු 147ක පළමු ඉනිමේ වාසියක් ලබා ගැනීමට ඔවුන්ට හැකි වුනා.

ලකුණු 285ක් ලබා ගත් ඉසිපතන ඉනිමට එරෙහිව සිය පළමු ඉනිම දියත් කළ සාන්ත සර්වේසස් විද්‍යාලය වෙනුවෙන් විශ්ව සුපුන්, කුෂාන් විජේරාම සහ දෙනුවන් ප්‍රමෝද් අර්ධ ශතක ලබාගෙන දස්කම් දැක්වූවා.

මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලයට වැඩි ගෞරවය හිමිකර දෙමින් කිංග්ස්වුඩ් විද්‍යාලයට එරෙහිව පැවති දෙදින සුහද තරගය නිමාවට පත්වුනා. ජයෝද්‍ය අමරසේන (කඩුලු 7) සහ ලහිරු අබේසිංහ (කඩුලු 6) තරගයට පුරාවට සාන්ත අන්තෝනි විද්‍යාලය වෙනුවෙන් පන්දු යැවීමෙන් දස්කම් දැක්වූවා.

කිංග්ස්වුඩ් විද්‍යාලය වෙනුවෙන් ඔෂාන් විරංජන (ලකුණු 54 සහ 44) ඉනිම් දෙකේ දී ම ලකුණු අතරට පැමිණෙමින් දස්කම් දැක්වීමට සමත් වුනා.

ලකුණු සාරාංශ,

යාපනය සාන්ත ජෝන් විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය

  • කාසියේ වාසිය – සාන්ත තෝමස් විද්‍යාලය
  • ක්‍රීඩාංගණය – සාන්ත ජෝන් විද්‍යාල ක්‍රීඩාංගණය

සාන්ත ජෝන් පළමු ඉනිම – 132 (58.1): සචින් කනපති 25, ප්‍රේමචන්ද්‍රන් සජීපන් 24, ආතිෆ් සිද්දික් 5/44.

සාන්ත තෝමස් පළමු ඉනිම – 279/7d (64.1): මහිත් පෙරේරා 101*, රොමේෂ් මෙන්ඩිස් 92, රයන් ප්‍රනාන්දු 27, ඇන්ටන් අභිෂේක් 2/27, ජේන්ද්‍රන් අශ්නාත් 2/64.

සාන්ත ජෝන් දෙවැනි ඉනිම – 241 (55.1): ඇන්ටන් අභිෂේක් 77, රයන් ප්‍රනාන්දු 4/08.

සාන්ත තෝමස් දෙවැනි ඉනිම – 17/2 (6):

තරගය ජය පරාජයෙන් තොරව අවසන්

මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය සහ කොළඹ ඉසිපතන විද්‍යාලය

  • කාසියේ වාසිය – සාන්ත සර්වේසස් විද්‍යාලය
  • ක්‍රීඩාංගණය – මාතර උයන්වත්ත

ඉසිපතන පළමු ඉනිම – 285 (78.4): තරුෂ්ක අශෙල් 124, යුනෙත් සෙනෙවිරත්න 78, තරුෂ් සංකල්ප 5/82

සාන්ත සර්වේසස් පළමු ඉනිම – 316/8d (92): විශ්ව සුපුන් 61*, දෙනුවන් ප්‍රමෝද් 58, කුෂාන් විජේරාම 58, සිතුක ගුණවර්ධන 4/97.

තරගය ජය පරාජයෙන් තොරව අවසන්

කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය සහ මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය

  • කාසියේ වාසිය – සාන්ත අන්තෝනි විද්‍යාලය
  • ක්‍රීඩාංගණය – සාන්ත අන්තෝනි විද්‍යාල ක්‍රීඩාංගණය

සාන්ත අන්තෝනි පළමු ඉනිම – 359/7d (67): චන්දිමාල් හේරත් 116, රයන් ඇන්තෝනි 50, මයුරංග රාජපක්ෂ 2/56, හසින්ත පොල්කොටුව 2/93.

කිංග්ස්වුඩ් විද්‍යාල පළමු ඉනිම – 99 (27.5): ඔෂාන් විරංජන 54, ජයෝද්‍ය අමරසේන 3/15, ලහිරු අබේසිංහ 3/35.

සාන්ත අන්තෝනි විද්‍යාල දෙවැනි ඉනිම – 49/5d (9): චමුදික අබේරත්න 2/20, කවිජ ගමගේ 2/23.

කිංග්ස්වුඩ් විද්‍යාල දෙවැනි ඉනිම – 134/8 (36): ඔෂාන් විරංජන 44, කවිජ ගමගේ 37, ජයෝද්‍ය අමරසේන 4/35, ලහිරු අබේසිංහ 3/31.

තරගය ජය පරාජයෙන් තොරව අවසන්

පළමු දිනයට ක්‍රියාත්මක වූ තරග

අද දිනයේ ආරම්භ වූ තරග දෙක අතරින් පළමු දිනය නිමා වන විට එහි වැඩි ගෞරවය දිනා ගැනීමට මහින්ද විද්‍යාලය සහ දේවපතිරාජ විද්‍යාලය සමත් වුනා.

එහි දී සසංක නිර්මාල් දේවපතිරාජ විද්‍යාලය වෙනුවෙන් පන්දු 132ක් තුල අගනා ලකුණු 105ක් ලබා ගත් අතර ඔහුගේ එම ශතක ඉනිමට 4 පහර 9ක් සහ 6 පහර 2ක් ඇතුළත් වුනා.

ඊට අමතරව මන්ස ද සිල්වා, ප්‍රමේෂ් මදුභාෂණ, දිනුර කළුපහන, ඉරුෂික තිමිර සහ පවන් සංදේශ් යන ක්‍රීඩකයින් අර්ධ ශතක ලබාගෙන පළමු දිනයට ක්‍රියාත්මක වූ මේ තරග වර්ණවත් කළා.

ගාල්ල මහින්ද විද්‍යාලය සහ අම්බලන්ගොඩ ධර්මාසෝක විද්‍යාලය

  • කාසියේ වාසිය – මහින්ද විද්‍යාලය
  • ක්‍රීඩාංගණය – ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය

ධර්මාසෝක විද්‍යාල පළමු ඉනිම – 210 (59.3): මන්ස ද සිල්වා 86, හසිත රාජපක්ෂ 30, කුෂාන් මධූෂ 3/61

මහින්ද විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 146/1 (25): ප්‍රමේෂ් මදුභාෂණ 78*, දිනුර කළුපහන 52*.

රත්ගම දේවපතිරාජ විද්‍යාලය සහ කැළණිය ගුරුකුල විද්‍යාලය

  • කාසියේ වාසිය – දේවපතිරාජ විද්‍යාලය
  • ක්‍රීඩාංගණය – හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය

දේවපතිරාජ විද්‍යාල පළමු ඉනිම – 337 (87.4): සසංක නිර්මාල් 105, ඉරුෂික තිමිර 66, පවන් සංදේශ් 51, ජනිත ශෙහාන් 2/45, යුවන්ත මදුසංක 2/51, හිරුන ප්‍රනාන්දු 2/55.

ගුරුකුල විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ)  – 17/0 (5):

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<