අවිශ්ක සහ මොවින් ද්විත්ව ශතක අතරට

1582

රාගම ක්‍රිකට් සමාජයේ අවිශ්ක තරිඳු සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ මොවින් සුබසිංහගේ ද්විත්ව ශතකවලින් හැඩ වුන ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ තුන්දින නැගී එන තරගාවලියේ දෙවැනි සතියේ දෙවැනි දිනය අද (26) නිමා වුනා.

රාගම ක්‍රිකට් සමාජයේ 20 හැවිරිදි දකුණත් පිතිකරු අවිශ්ක තරිඳු පන්දු 285කට මුහුණ දෙමින් හතරේ පහර 22ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 215ක් ලබා ගත්තේ පානදුර ක්‍රීඩා සමාජයට එරෙහිවයි.

පෙර දිනයේ නොදැවී ලකුණු 133ක් ලබා සිටි ගුවන් හමුදාවේ 21 හැවිරිදි දකුණත් පිතිකරු  මොවින් සුබසිංහ SSC කණ්ඩායමට එරෙහිව නොදැවී ලකුණු 203ක් ලබා ගත්තා. ඔහුගේ ඉනිම පන්දු 183කින් සමන්විත වූ අතර ඊට හතරේ පහර 14ක් සහ හයේ පහර 13ක් ඇතුළත් වුනා.

මේ අතර අද ශතක ලැබූවන් අතරට නුගේගොඩ කණ්ඩායමේ නිමේෂ් ගුණසිංහ (180), CCC කණ්ඩායමේ මිනෝද් භානුක (180) සහ හලාවත මේරියන්ස් කණ්ඩායමේ රවීන් යසස් (100) ද ඇතුළත් වුනා.

මේ අතර පැවති තරගවල දී තවත් දිනක් ඉතිරිව තිබිය දී ම පොලිස් කණ්ඩායමට එරෙහිව කඩුලු 10ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට Tamil Union ක්‍රීඩකයෝ සමත් වීම කැපී පෙනුණා.

Group A

Lankan CC V Moors SC @ Moors

  • Lankan – පළමු ඉනිම සියලුම දෙනා දැවී 165 (43.3) ඉසිවර දිසානායක 23, ලහිරු ඩිල්ශාන් 43, රවිඳු රත්නායක 40, දමිත සිල්වා 20, තීසාන් විතුශාන් 2/48, අයන සිරිවර්ධන 3/50, අදීශ තිලංචන 5/06
  • Moors – පළමු ඉනිම සියලුම දෙනා දැවී 236 (65) දිනුක ඩිල්ශාන් 26, පසිඳු සූරියබණ්ඩාර 42, අදීෂ තිලංචන 39, රුසිරු වීරසූරිය 72, යසිරු රොද්‍රිගෝ 6/56, සඳුන් සත්සර 2/19
  • Lankan – දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 85 (32) ඉසිවර දිසානායක නොදැවී 33, ලහිරු ඩිල්ශාන් 22

SL Navy SC V CCC @ CCC

  • Navy – පළමු ඉනිම සියලුම දෙනා දැවී 170 (66) සුහඟ විජේවර්ධන 35, සුලක්ෂණ ශ්‍රීශාන් 37, අම්ෂි ද සිල්වා 2/43, චමිඳු විජේසිංහ 3/40, මාලිංග අමරසිංහ 2/31, බී. ජී. එස්. මෙන්ඩිස් 2/13
  • CCC – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 389 (77) මිනෝද් භානුක 180, සොනාල් දිනූෂ 68, මාලිංග අමරසිංහ 69, පවන් රත්නායක 36, පූර්ණ චාරුක 2/71, සුදාර දක්ෂිණ 2/67
  • Navy – දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 01 (2)

SL Air Force SC V SSC & Katunayake

  • Air Force – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 412 (106.1) කෙමිර විජේනායක 40, ශෝන් පේෂල 28, මොවින්සුබසිංහ නොදැවී 203, නදීර ඉෂාන් 66, කේෂාන් විජේරත්න 2/77, ට්‍රෙවීන් මැතිව් 4/107, චමිඳු වික්‍රමසිංහ 2/26
  • SSC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 88 (36.5) සිනෙත් ජයවර්ධන 22, මොවින් සුබසිංහ 3/18, නදීර ඉෂාන් 3/28, කෙමිර විජේනායක 2/04
  • SSC – දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 56 (16) චමිඳු වික්‍රමසිංහ 30 නදීර ඉෂාන් 4/31

Group B

NCC V Kurunegala YCC @ Welagedara

  • NCC – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 434 (104.1) ජොහාන් ද සිල්වා 144, හසිත බෝයගොඩ 59, දිනෙත් ජයකොඩි 20, යුගීෂ ඩිශාන් 71, අශේන් ඩැනියෙල් 85, මධුරංග නවීන් 7/119
  • Kurunegala – පළමු ඉනිම සියලුම දෙනා දැවී 147 (52.1) දුලාජ් රණතුංග 35, අසිත වන්නිනායක 34, ලහිරු අබේසිංහ 25, අශේන් ඩැනියෙල් 4/39, ජොහාන් ද සිල්වා 2/24
  • Kurunegala – දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 42 (15) මුදිත ප්‍රේමදාස 27, ජොහාන් ද සිල්වා 2/10, කාවින්ද ඊෂ්වර 2/04

Bloomfield C & AC V Negombo CC @ Bloomfield

  • Bloomfield – පළමු ඉනිම සියලුම දෙනා දැවී 141 (59.1) Kavian Naress 51, සනෝජ් දර්ශික 22, නඳුන් ඩිල්ශාන් 20, නිශාන් පීරිස් 2/29, අවීෂ කේශාන් 2/12, සුධීර වීරරත්න 4/07
  • Negombo – පළමු ඉනිම සියලුම දෙනා දැවී 196 (55.1) මිහිසල් අමෝද 61, පසිඳු ලක්ශංක 50, ෂෙශාන් ප්‍රනාන්දු 29, දිලීප ජයලත් 5/62, රාජේන්ද්‍රන් අරවින්ත් 5/71
  • Bloomfield – දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 134 (42) Kavian Naress 56, දක්ෂිත ප්‍රනාන්දු නොදැවී 26,

Chilaw Marians CC V Saracens SC @ Moratuwa

  • Marians – පළමු ඉනිම සියලුම දෙනා දැවී 351 (101.5) අයොන් ප්‍රනාන්දු 80, රවීන් යසස් 100, අභිෂේක් ආනන්ද 36, ඩිලේෂ් ශෙනෝන් 28, ශාලුක තරිඳු 20, ශෙශාන් සිල්වා නොදැවී 20, හේෂාන් රාමනායක 3/52, සසංක නිර්මාල් 2/51
  • Saracens – පළමු ඉනිම කඩුලු 4ක් දැවී 165 (66) තවීෂ කහදූවආරච්චි 24, සසිත පල්ලියගුරුගේ 39, නවිඳු විතානගේ නොදැවී 62, චාරුක තරිඳු 2/17, රවීන් යසස් 2/17

Group C

Baduraliya SC V Nugegoda S & WC @ Maggona

  • Baduraliya – පළමු ඉනිම සියලුම දෙනා දැවී 137 (34.2) අක්‍රම් මුතාලිබ් 32, කොවිඳු වික්‍රමසිංහ 27, නවීන් ප්‍රනාන්දු 6/41, කළණ මධුශංක 2/21
  • Nugegoda – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 499 (101.1) අභිශේක් ලියනාරච්චි 99, නිමේෂ් ගුණසිංහ 180, කළණ මධුශංක 38, රාහුල් ගුණසේකර 88, කෙවින් කොත්තිගොඩ 27, නවීන් ප්‍රනාන්දු 42, සෙනාල් ද සිල්වා 2/57, සහන් විජේසිංහ 2/92, තමිඳු වික්‍රමාරච්චි 4/153
  • Baduraliya – දෙවැනි ඉනිම කිසිවෙක් නොදැවි 74 (18) අශේන් ගුණවර්ධන නොදැවී 36, කේ. වික්‍රමසිංහ නොදැවී 35

Tamil Union C & AC V Police SC @ NCC

  • Police– පළමු ඉනිම සියලුම දෙනා දැවී 129 (57.5) චාරුක ජයතිලක නොදැවී 50, සුපුන් කාවින්ද 2/14, රවිඳු ප්‍රනාන්දු 5/10
  • Tamil Union – පළමු ඉනිම සියලුම දෙනා දැවී 221 (57.1) යොහාන් මෙන්ඩිස් 22, දමිත් පෙරේරා 39, රන්මිත් ජයසේන 36, රවිඳු ප්‍රනාන්දු 24, සිතාර හපුහින්න 37, ලසිඳු අරෝෂ 28, අසේල් සිගේරා 4/35, කේ. කරුණාතිලක 2/68, ආර්. වෙල්ගමගේ 2/43, ඩී. වන්නිආරචිච් 2/28
  • Police– දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 133 (53.3) දිල්හාර පොල්ගම්පොළ 45, ජී. කොටුවේගොඩ 24, ආර්. වෙල්ගමගේ 22, රවිඳු ප්‍රනාන්දු 4/42, දිලුම් සුධීර 4/45
  • Tamil Union – දෙවැනි ඉනිම කිසිවෙක් නොදැවී 42 (8.3) සුපුන් කාවින්ද නොදැවී 27

Ragama CC V Panadura SC @ Thurstan Ground

  • Ragama – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 500 (135) දිනෙත් තිමෝද්‍ය 33, ටී. දික්වැල්ල 38, මනීෂ රූපසිංහ 28, ඩී. බණ්ඩාර 74, අවිශ්ක තරිඳු 215, සංජුල බණ්ඩාර 55, ඩෙලොන් පීරිස් නොදැවී 24, දුලාජ් අශේන් නොදැවී 25, සසංක නිර්මාල් 3/207, යොමේෂ් රණසිංහ 3/113
  • Panadura – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 83 (20) දුනිත් ජයතුංග 29, කෝසල රවිඳු 33, හරීන් රත්නමුදලි 3/34

Group D

Colts CC V Galle CC @ Colts

  • Galle – පළමු ඉනිම සියලුම දෙනා දැවී 137 (46.3) ඩිල්ශාන් කාංචන 46, ප්‍රභාත් ද සොයිසා 40, ඩිල්ශාන් මධුශංක 3/39, හර්ෂණ වික්‍රමසිංහ 2/14, ජෙහාන් ඩැනියෙල් 2/30, රුවින් සෙනෙවිරත්න 3/32
  • Colts – පළමු ඉනිම සියලුම දෙනා දැවී 313 (69.4) ශලින් ද මෙල් 35, අවිශ්ක පෙරේරා 32, රවිඳු රසාන්ත 20, ජෙහාන් ඩැනියෙල් 48, හර්ෂ රාජපක්ෂ 46, රුවින් සෙනෙවිරත්න 23, රොහාන් සංජය 32, ඩිල්ශාන් මධුශංක නොදැවී 27, කවිඳු දිල්හාර 4/94, සුභානු රාජපක්ෂ 4/80, සඳුන් මධුශංක 2/27
  • Galle – දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 114 (26.5) තරිඳු අමරසිංහ 38, සුභානු රාජපක්ෂ 34, ඩිල්ශාන් මධුශංක 3/42

BRC V Kandy Customs CC @ BRC

  • BRC – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 308 (84) ශෂීන් ප්‍රනාන්දු 23, විනුර දුල්සර 77, හිරන්ත ජයසිංහ 33, චමොද් සඳරු 51, මෝදිත රණතුංග 61, නිසල ආකාශ් 3/63, මර්වින් අබිනාශ් 2/68, අනුක ජයසිංහ 3/102
  • Kandy Customs – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 292 (82) නදීෂ බණ්ඩාර 55, රශ්මික මධුශංක 91, සසිත් මනුරංග 62, සජිත් ද සිල්වා නොදැවී 59, දුවිඳු තිලකරත්න 2/71, සවිරු බණ්ඩාර 2/60, කවිඳු එදිරිවීර 2/48

Ace Capital CC V SL Army SC @ Panagoda

  • Ace Capital – පළමු ඉනිම සියලුම දෙනා දැවී 93 (31.5) තනුක දාබරේ 22, සවිඳු පීරිස් නොදැවී 24, ලක්ශාන් ගමගේ 3/39, කෞමාල් නානායක්කාර 6/16
  • Army – පළමු ඉනිම සියලුම දෙනා දැවී 172 (56) තුලින ඩිල්ශාන් 30, පැතුම් බොතේජු 30, ලක්ෂාන් ගමගේ 24, සිතුම් දිසානායක 5/24, මෙතූශන් තිළිණ 5/59
  • Ace Capital – දෙවැනි ඉනිම කඩුලු 8ක් දැවී 164 (47) පී. ඒ. බී. දාබරේ 28, නිපුන් ලක්ෂාන් 25, වයි. අවිශ්ක 47, කෞමාල් නානායක්කාර 5/58, අශේන් දිල්හාර 2/24

මෙම තරග හෙට (27) තෙවැනි දිනයට ක්‍රියාත්මක වීමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<