විශාර සහ තරින්දගේ සබඳතාවයෙන් රිච්මන්ඩ් විද්‍යාලයට දැවැන්ත ජයක්

19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2022

1288

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් එක්දින තරගාවලියේ තරග 3ක් අද (11) පැවැත්වුනා. එම තරගවල දී ආනන්ද, රිච්මන්ඩ් සහ වත්තල සාන්ත අන්තෝනි විද්‍යාල යන පාසල් කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කරගන්නට සමත් වුනා.

රිච්මන්ඩ් සහ ඩී. එස්. සේනානායක විද්‍යාල අතර පැවති තරගයේ දී කඩුලු 10ක දැවැන්ත ජයක් ලබා ගැනීමට රිචමන්ඩ් විද්‍යාලය සමත් වුනේ අමතර ප්‍රසාද ලකුණක් ද සමඟිනුයි. ලකුණු 150ක ඉලක්කයක් හඹා ගිය රිච්මන්ඩ් විද්‍යාල වමත් සහ දකුණත් ආරම්භක පිතිකරුවන් වුනු තරින්ද නිර්මාල් (ලකුණු 50*) සහ විශාර ප්‍රනාන්දු (ලකුණු 87*) අර්ධ ශතක ලබා ගනිමින් සුපිරි පිතිකරණයක් දියත් කළා.

ආනන්ද සහ මහනුවර සාන්ත සිල්වෙස්ටර් විද්‍යාල අතර පැවති තරගයේ දී හංසජ ජයසිංහ ලකුණු 23කට කඩුලු 5ක් දවා ගනිමින් ලකුණු 219ක ඉලක්කයක් හඹා යමින් සිටි සාන්ත සිල්වෙස්ටර් ඉනිම ලකුණු 190කට සීමා කිරීමට සහය වුනා.

එම තරගයේ දී කණ්ඩායම් දෙකම ක්‍රීඩකයින් දෙදෙනා බැගින් ක්‍රීඩකයින් සිව්දෙනෙක් (මිනෙත් ප්‍රේමරත්න, නෙත්ම කරුණාරත්න, මලිත් ලක්ෂාන්, කවිෂ්ක ඩිල්ශාන්) අර්ධ ශතක ලබා ගැනීම කැපී පෙනුණා.

දකුණතින් පිට දඟපන්දු යවන නායක තිසර ශිශාර ලකුණු 24කට කඩුලු 5ක් දවාගෙන දැක්වූ දස්කම් නිසා වත්තල සාන්ත අන්තෝනි විද්‍යාල ලකුණු සටහන ලකුණු 145කට සීමා කිරීමට ධර්මාපල ක්‍රීඩකයින්ට හැකියාව ලැබුණා. කෙසේ නමුත් ධර්මපාල ක්‍රීඩකයින් අවාසනාවන්ත ලෙස ලකුණු 11කින් තරගය පරාජයට පත් වුනා.

Tier A

කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය – Y කාණ්ඩය

  • කාසියේ වාසිය – රිච්මන්ඩ් විද්‍යාලය
  • ක්‍රීඩාංගණය  – ඩී. එස්. සේනානායක විද්‍යාල ක්‍රීඩාංගණය

ඩී. එස්. සේනානායක විද්‍යාලය – 149 (45.5): අභිෂේක් ලියනාරච්චි 45, ගවිරු සෙනහස් 24, ශාරෝන් අභිශේක් 3/32.

රිච්මන්ඩ් විද්‍යාලය – 150/0 (22.2): විශාර ප්‍රනාන්දු 87*, තරින්ද නිර්මාල් 50*.

රිච්මන්ඩ් විද්‍යාලයට කඩුලු 10ක ජයක්

Tier B

වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය සහ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය – X කාණ්ඩය

  • කාසියේ වාසිය – ධර්මපාල විද්‍යාලය
  • ක්‍රීඩාංගණය  – ධර්මපාල විද්‍යාල ක්‍රීඩාංගණය

වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය – 145 (42): දිලිප් ප්‍රනාන්දු 29, තීරක ආකාශ් 21, තිසර ශිශාර 5/24, මෙනුෂ පබසර 2/13

ධර්මපාල විද්‍යාලය – 134 (37.4): පසිඳු තීක්ෂණ 40, ශාන් අනිකෙත් 3/20, කවිඳු ගමගේ 3/30

වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලයට ලකුණු 11ක ජයක්


ආනන්ද විද්‍යාලය සහ මහනුවර සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය – Z කාණ්ඩය

  • කාසියේ වාසිය – ආනන්ද විද්‍යාලය
  • ක්‍රීඩාංගණය  – ආනන්ද විද්‍යාල ක්‍රීඩාංගණය

ආනන්ද විද්‍යාලය – 218/9 (50): මිනෙත් ප්‍රේමරත්න 64, නෙත්ම කරුණාරත්න 64, හංසජ ජයසිංහ 22, ශසික බස්නායක 3/54,

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය – 190 (47.4): මලිත් ලක්ෂාන් 64, කවිෂ්ක ඩිල්ශාන් 60*, මලීෂ සිල්වා 21, හංසජ ජයසිංහ 5/23, ශක්ති උදාර 2/25, ඉසුරු අයේෂ් 2/50.

ආනන්ද විද්‍යාලයට ලකුණු 28ක ජයක්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<