මාරිස් ස්ටෙල්ලා හමුවේ ගියවර ශූරයෝ පරාජයට

19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2022

1858
U19 Schools Cricket Tournament 2022

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් එක්දින තරගාවලියේ තරග 4ක් අද (10) පැවැත්වුනා.

එම තරගවල දී මහානාම, ද මැසනොඩ්, මාරිස් ස්ටෙල්ලා සහ මොරටු මහා විද්‍යාල කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කරන්නට සමත් වුනා. ඒ අතරින් මීගමුව මාරිස් ස්ටෙල්ලා හමුවේ ගියවර Tier B ශූරතාවය දිනා ගත් ගාල්ල මහින්ද ක්‍රීඩකයින් පරාජයට පත්වීම කැපී පෙනුණා.

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයේ එවින් කල්හාර ලකුණු 9කට කඩුලු 5ක් දවා ගනිද්දී, ඔහුට අනගි සහයක් වූ හංසජ හිරුණ ලකුණු 27කට කඩුලු 4ක් දවා ගත්තා. එහි ප්‍රතිඵලයක් ලෙස ලකුණු 182ක ඉලක්කයක් හඹා යමින් සිටි මහින්ද විද්‍යාලයට සියල්ලන්ම දැවී ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 62ක් පමණයි. මාරිස් ස්ටෙල්ලා වෙනුවෙන් මහිඳු මලිත් අර්ධ ශතකයක් රැස් කළා.

මහානාම නායක වමතින් දඟපන්දු යවන දෙවිඳු කැකිරිදෙනිය ලකුණු 15කට කඩුලු 4ක් දවාගෙන වේල්ස් කුමර විද්‍යාලයට එරෙහිව පැවති තරගයේ දී පන්දු යැවීමෙන් කැපී පෙනෙන දස්කම් දැක්වූවා. ඊට අමතරව කූජන පෙරේරා (84) සහ කවිඳු අමමෙත් (59) අර්ධ ශතක වාර්තා කරගනිමින් මහානාම විද්‍යාලයේ අපරාජිකත්වය තවදුරටත් රැකගැනීම වෙනුවෙන් දායකත්වය ලබා දුන්නා.

දේවපතිරාජ විද්‍යාලයේ ජීවක ශෂීන්ගේ නොදැවුණු ලකුණු 92* ඉනිම අභිබවා යමින්, මොරටු මහා විද්‍යාලයේ දෙනෙත් සිතුමිණ (89*) දියත් කළ දක්ෂ පිතිකරණය නිසා මොරටු මහා විද්‍යාලය හමුවේ කඩුලු 7කින් පරාජයට වීමට දේවපතිරාජ විද්‍යාලයට සිදු වුනා.

ඊට අමතරව ගුරුකුල විද්‍යාලයට එරෙහිව පහසු ජයක් ලබා ගත් ද මැසනොඩ් විද්‍යාලය වෙනුවෙන් රුවින් ෆොන්සේකා සහ සලිඳු පතිරණ අර්ධ ශතක ලබාගෙන දස්කම් අතරට පැමිණියා.

Tier A

වේල්ස් කුමර විද්‍යාලය සහ මහානාම විද්‍යාලය – Z කාණ්ඩය

මහානාම විද්‍යාලය – 277/9 (50): කූජන පෙරේරා 84, කවිඳු අමමෙත් 59, විරංග යෙශාන් 31, අනුක විජේවර්ධන 25*, ඉනුක කරන්නාගොඩ 22, තරිඳු අමරසිංහ 3/42, රිවිත් ජයසූරිය 2/50, චෙනුල මන්දිව් 2/38.

වේල්ස් කුමර විද්‍යාලය – 157/8 (50): සුමල්ක ප්‍රනාන්දු 57*, ඔමේෂ් මෙන්ඩිස් 37, දෙවිඳු කැකිරිදෙනිය 4/15, කූජන පෙරේරා 2/15

මහානාම විද්‍යාලයට ලකුණු 120ක ජයක්

ගුරුකුල විද්‍යාලය සහ කඳාන ද මැසනොඩ් විද්‍යාලය – Z කාණ්ඩය

ගුරුකුල විද්‍යාලය – 187 (49): නෙලුක හේෂාන් 39, පූර්ණ කල්හාර 38, නවෝද්‍ය මෙන්ඩිස් 29*, සිතිජ චමෝද් 23, චානුක සිල්වා 2/23, සෙනාෂ් ප්‍රනාන්දු 2/27, සිතුම් ප්‍රනාන්දු 2/28, සිහින සිතුමිණ 2/36

ද මැසනොඩ් විද්‍යාලය – 189/3 (36.1) රුවින් ෆොන්සේකා 51, සලිඳු පතිරණ 50*, අශේන් සිල්වා 33*, මිතුල් සෙනරත් 21.

ද මැසනොඩ් විද්‍යාලයට කඩුලු 7ක ජයක්

Tier B

මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය සහ ගාල්ල මහින්ද විද්‍යාලය – X කාණ්ඩය

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය – 181/9 (36): මහිඳු මලිත් 54, සදෙව් රත්නායක 30, කවීන් රුක්ෂාන් 3/37, හිරුන මන්දිල 2/28, දිනුර කළුපහන 2/44.

මහින්ද විද්‍යාලය – 62 (14.1): ධනුජ ඉඳුවර 36, එවින් කල්හාර 5/09, හංසජ හිරුන 4/27.

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයට ලකුණු 119ක ජයක්

දේවපතිරාජ විද්‍යාලය සහ මොරටු මහා විද්‍යාලය – Y කාණ්ඩය

දේවපතිරාජ විද්‍යාලය – 205 (44.5): ජීවක ශෂීන් 91*, චවිඳු අචින්ත 27, ගිම්හාන් රසාංජන 24, ඉසුරු නිදර්ශන 3/27, ඔශද දනංජය 2/30.

මොරටු මහා විද්‍යාලය – 207/3 (48.5): දෙනෙත් සිතුමිණ 89*, සුකිත දෙව්තිලින 46*, ඉසුරු නිදර්ශන 44.

මොරටු මහා විද්‍යාලයට කඩුලු 7ක ජයක්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<