ආනන්ද – සාන්ත තෝමස් සටන ජය පැරදුමෙන් තොරයි

19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2023

257

අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ කොළඹ ආනන්ද විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර තරගය අද (21) අවසන් වුනේ ජය පරාජයෙන් තොරවයි.

පළමු දිනය වූ ඊයේ (20) දිනයට තරගය අවසන් කරන විට පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි සාන්ත තෝමස් ක්‍රීඩකයින් පළමු ඉනිම සඳහා කිසිවෙකු නොදැවී ලකුණු 27ක් ලබා සිටියා.

ආනන්ද විද්‍යාලයීය පන්දු යවන්නන්ට එරෙහිව සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කරමින් තිසේන් ඇහැලියගොඩ ලකුණු 69ක් ලබා ගැනීමට සමත් වූ අතර සේනාධි බුලන්කුලමේ ලකුණු 33ක් ලබා ගත්තා.

එම ක්‍රීඩකයින්ට අමතරව සාන්ත තෝමස් කණ්ඩායම වෙනුවෙන් චාරුක පීරිස් ලකුණු 28ක් සහ මහිත් පෙරේරා ලකුණු 24ක් ලබා ගැනීමට සමත් වුනා.

පන්දු යැවීමේ දී කැපී පෙනෙන දස්කම් දැක්වූ රුවිශාන් පෙරේරා ලකුණු 66කට කඩුලු හතරක් සහ කිත්ම සිත්මල් ලකුණු 81කට කඩුලු දෙකක් දවා ගත්තා.

ඒ අනුව සාන්ත තෝමස් ක්‍රීඩකයින් සියල්ලන් දැවී ලකුණු 226ක් ලබා ගත්තා.

දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ආනන්ද විද්‍යාලයීය ක්‍රීඩකයින් දිනය අවසන් වන විට කඩුලු 6ක් දැවී ලකුණු 102ක් ලබා සිටි අතර පළමු ඉනිමේ මෙන්ම මෙම ඉනිමේත් වැඩිම ලකුණු ලාභියා වෙමින් විඳුන විජයබණ්ඩාර ලකුණු 22ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී සාන්ත තෝමස් කණ්ඩායම වෙනුවෙන් අභීත පරණවිදාන සහ අකාශ් ප්‍රනාන්දු කඩුලු දෙක බැගින් දවා ගත්තා.

ආනන්ද විද්‍යාලය පළමු ඉනිම: 193 (65.1) – විඳුන විජයබණ්ඩාර 61, ඉරුත් ගිම්ශාන් 29, කිත්ම සිත්මල් 27, චාරුක පීරිස් 5/55, නේතන් කල්දේරා 3/24.

ආනන්ද විද්‍යාලය දෙවැනි ඉනිම: 102/6 (46.3) – විඳුන විජයබණ්ඩාර 22, ඉඳුවර විජයරත්න 20, අභීත පරණවිදාන 2/20, ආකාෂ් ප්‍රනාන්දු 2/31.

සාන්ත තෝමස් පළමු ඉනිම: 226 (71.2) – තිසේන් ඇහැලියගොඩ 69, සේනාදි බුලන්කුලමේ 33, චාරුක පීරිස් 28, රුවිශාන් පෙරේරා 4/66, කිත්ම සිත්මල් 4/81. 

තරගය ජය පැරදුමෙන් තොරයි.

2023 අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<