තරිඳුගේ ශතකය වේල්ස් කුමරුවන් ශක්තිමත් කරයි

19න් පහළ දෙදින පාසල් ක්‍රිකට් තරගාවලිය 2022/23

308

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ දෙදින පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (19) ක්‍රියාත්මක වුනා.

ඒ අතරින් ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සහ මොරටුව වේල්ස් කුමාර විද්‍යාලය අතර පැවති තරගයේ දී වේල්ස් කුමරුවන්ගේ වමත් ආරම්භක පිතිකරු තරිඳු අමරසිංහ ශතකයක් වාර්තා කරමින් දවසේ කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත් වුනා.

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සහ මොරටුව වේල්ස් කුමාර විද්‍යාලය අතර තරගය දොඹගොඩ යුද හමුදා පිටියේ දී.

කාසියේ වාසිය – රිච්මන්ඩ් විද්‍යාලය

පළමුවෙන් පන්දුවට පහර දුන් වේල්ස් කුමරුවන් වෙනුවෙන් තරිඳු අමරසිංහ පන්දු 152කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 123ක් ලබා ගනිමින් තරගයේ මෙන් ම දවසේ ද කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත් වුනා.

මෙම ශතකය වේල්ස් කුමරුවන් අසීරු අවස්ථාවක දී වාර්තා වීම වඩාත් කැපී පෙනුණු අතර ඔහු හා තෙවැනි කඩුල්ලට එක් වූ ඔමේෂ් මෙන්ඩිස් ද පන්දු 143කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 85ක් ලබා ගත්තා. ඔවුන් දෙදෙනා අතර තෙවැනි කඩුල්ලට එක් වූ සබඳතාව ලකුණු 169ක්.

  • වේල්ස් කුමාර විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 233 (67.1) තරිඳු අමරසිංහ 123, ඔමේෂ් මෙන්ඩිස් 85, සිහත් රාමනායක 2/44, තරින්ද නිර්මාල් 4/59, මල්ෂ තරුපති 4/47
  • රිච්මන්ඩ් විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 92 (32) චෙහාන් සුබසිංහ 49

 

බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය සහ ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය අතර තරගය බම්බලපිටියේ දී.

කාසියේ වාසිය – සාන්ත ඇලෝසියස් විද්‍යාලය

පළමුවෙන් පන්දුවට පහර දුන් සත්කාරක ක්‍රීඩකයෝ අඩු ලකුණු ප්‍රමාණයකට සීමා කිරීමට සංචාරක ක්‍රීඩකයෝ සමත් වූවද, පිළිතුරු ඉනිමේ දී ඔවුන්ට ද වැඩි ලකුණු ප්‍රමාණයකට යෑමට නොහැකි වීම කැපී පෙනුණා.

කෙසේ වෙතත් දිනය අවසන් වන විට තම දෙවැනි ඉනිමට ක්‍රීඩා කරන සත්කාරක සාන්ත පීතර ක්‍රීඩකයෝ කඩුල්ලක් පමණක් දැවී ලකුණු 61ක් ලබා සිටියා.

  • සාන්ත පීතර විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 102 (23.4) රුසඳ ගමගේ 26, ඩිලන දම්සරු නොදැවී 23, කලණ පැතුම් 2/22, දුමිඳු නවීන් 2/19, මෙනෙත් යෙරන් 2/18, ඉඳිවර උදේන 3/09
  • සාන්ත ඇලෝසියස් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 128 (47) චාර්ය යසාර 41, විදුර ලක්ෂාන් 23, දිනෙත් නිම්සර නොදැවී 28, ෂෙනන් රොද්‍රිගෝ 2/24, ලෂ්මික පෙරේරා 2/10, කවික ජයසුන්දර 2/12
  • සාන්ත පීතර විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 61 (21) චමිඳු පෙරේරා නොදැවී 28, රුසඳ ගමගේ නොදැවී 20

කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලය සහ කෝට්ටේ ජනාධිපති විද්‍යාලය අතර තරගය කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලයීය පිටියේ දී.

කාසියේ වාසිය – ජනාධිපති විද්‍යාලය

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ දෙවැනි පෙළ ක්‍රිකට් තරගාවලියේ තරගයක් වූ මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලය වෙනුවෙන් ජයඳු සංකල්ප පන්දු 139කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 80ක් ලබා ගත්තා.

  • ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 234 (93.1) චාමික නෙත්සර 27, ජයඳු සංකල්ප 80, හේෂාන් උදාර 26, තලීෂ සිල්වා 34, ඉෂාර කාංචන 2/09, නිශාන් නිර්මාල් 2/48, මලිඳු නුවින් 2/61, කවීෂ යශ්මික 3/40
  • ජනාධිපති විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 31 (17)

පාදුක්ක සිරි පියරතන විද්‍යාලය සහ කළුතර සිරිකුරුස විද්‍යාලය අතර තරගය පාදුක්කේ දී.

කාසියේ වාසිය – සිරි පියරතන විද්‍යාලය

පළමුවෙන් පන්දුවට පහර දුන් සිරි පියරතන විද්‍යාලයේ සෙනෙත් අක්මිත පන්දු 174කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් නොදැවී ලකුණු 81ක් වාර්තා කරද්දී සිරිකුරුස විද්‍යාලය වෙනුවෙන් පසිඳු විමංස ලකුණු 49කට කඩුලු 5ක් දවා ගනිමින් දක්ෂතා දැක්වූවා.

  • සිරි පියරතන විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 185 (76.3) සෙනෙත් අක්මිත නොදැවී 81, කදිරේශන් අගාස් 45, පසිඳු විමංස 5/49
  • සිරිකුරුස විද්‍යාලය – පළමු ඉනිම කිසිවෙක් නොදැවී 27 (9)

මෙම තරගය හෙට (20) දෙවැනි දිනයට ක්‍රියාත්මක වීමට නියමිතයි.

තරගාවලියේ තවත් උණුසුම් පුවත් සමඟින් රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<