විහාන් හා මදනායක අර්ධ ශතක අතරට

335
Vihan Gunasekara

සිංගර් අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ පළමු කාණ්ඩයේ තවත් තරග තුනක පළමු දිනය අද (07) සාර්ථකව නිමාව දිටීය.

යොවුන් ක්‍රීඩකයින් හට අත්දැකීම් රැසක් ලබා ගැනීමට හැකි මෙම තරගාවලියේ අද දිනය තුළ කැපී පෙනෙන ක්‍රීඩකයන් බවට පත්වීමට විහාන් ගුණසේකර, සිසිත මදනායක හා මෙතුශාන් කුමාර යන ක්‍රීඩකයින්ට හැකි විය.

ශතකයක් සමඟින් කඩුලු 4ක්; බෙනඩික්ට් ක්‍රීඩකයෙකුගෙන් විස්මිත දස්කම්!

සිංගර් ශ්‍රී ලංකා අනුග්‍රාහකත්වය යටතේ පැවැත්වෙන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ දෙදින..

වේල්ස් කුමර විද්‍යාලය හා මහින්ද විද්‍යාලය

වර්ෂාවෙන් එල්ල වූ බාධා නිසා තරමක් ප්‍රමාද වී ආරම්භ වූ මෙම තරගයේ පළමු දිනය අවසන් වන විට, සිය ප්‍රථම ඉනිම දියත් කරමින් සිටි වේල්ස් කුමර විද්‍යාලය කඩුලු 6ක් දැවී ලකුණු 116ක් ලබාගෙන සිටියි.

කාසියේ වාසිය ජයග්‍රහණය කළ මහින්ද විද්‍යාලය සත්කාරක වේල්ස් කුමර විද්‍යාලයට පළමුව පන්දුවට පහර දීමට ආරාධනා කළේය. සාර්ථක ආරම්භයක් ලබාගත් වේල්ස් කුමර විද්‍යාලයට අභියෝගයක් වෙමින් කේ. එස්. ඩී. එදිරිසිංහ හා කවිඳු එදිරිවීර කඩුලු 2ක බැගින් දවාලූ අතර, බිඳී යන මැදපෙළ සවිමත් කළ විශ්ව පීරිස් ලකුණු 42ක් ලබාගෙන සිටිය දී දැවී ගියේය. අවිඳු ප්‍රනාන්දු ලකුණු 38යි.

වේල්ස් කුමර විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 116/6 (27): විශ්ව චතුරංග 42, අවිඳු ප්‍රනාන්දු 38, කේ. එස්. ඩී. එදිරිසිංහ 2/11, කවිඳු එදිරිවීර 2/37.


ඩී. එස්. සේනානායක විද්‍යාලය හා ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය

A කාණ්ඩයේ තරගයක් ලෙස ක්‍රියාත්මක වූ මෙම තරගයේ දී විහාන් ගුණසේකර බණ්ඩාරනායක පිටිය සිසාරා පහර එල්ල කරමින් අලංකාරවත් පිතිකරණයක නිරත විය.

කාසියේ වාසිය දිනූ ඩී. එස්. සේනානායක විද්‍යාලය පළමුව පිතිකරණයේ නිරත වීමට තීරණය කළ අතර, එහි දී වමතින් පිත්ත හැසිර වූ ගුණසේකර ලකුණු 60ක් ලබාගෙන දස්කම් අතර පිවිසියේය. ඔහු හට සවියක් වූ ටුවින් නිලක්ශන නොදැවී ලකුණු 31*ක් ලබාගෙන ඉනිම අවසන් වන තුරු පිටියේ රැඳී සිටියේය.

කුසල් මෙන්ඩිස්ව සංචිතයෙන් ඉවත් කිරීම ගැන මහේලගේ විරෝධය

මෙම මස 16 වන දින ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකාවේ ඉන්දීය සංචාරයේ තරග 3කින් සමන්විත..

ලකුණු 172කට පිළිතුරු ලෙස සිය ප්‍රථම ඉනිම දියත් කළ බණ්ඩාරනායක විද්‍යාලය හට සියල්ලන්ම දැවී රැස්කර ගැනීමට හැකි වූයේ, ලකුණු 136ක් පමණි. එහි දී ඩී. එස්. සේනානායක පන්දු යවන්නන් හට යම්තාක් මට්ටමකට හෝ අභියෝගයක් වූ සිසිත මදනායක ඉවසිලිමත් පිතිකරණයක නිරත වෙමින් ලකුණු 63ක් රැස්කර ගන්නා ලදි. එහි දී වමතින් දඟපන්දු යවන යොවුන් ක්‍රීඩක මෙතුශාන් කුමාර ලකුණු 35ක් තුල කඩුලු 6ක් දවා ගනිමින් තරගයේ පළමු දිනය තුලම ඩී. එස්. සේනානායක විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට සහය විය.

ඩී. එස්. සේනානායක විද්‍යාලය පළමු ඉනිම – 172/10 (501.): විහාන් ගුණසේකර 60, ටුවින් නිලක්ශන 31*, පසිඳු ආධිත්‍යය 24, හචිත තිමාල් 4/30, ජනිඳු ජයවර්ධන 3/19.

බණ්ඩාරනායක විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 136/10 (35.4): සිසිත මදනායක 63, මෙතුශාන් කුමාර 6/35.

අවසන් ජය පානය කොදෙව්වන් උදුරා ගනියි

පරාජයකින් ආරම්භ වුවත් ජයග්‍රහණයේ මාවත සොයා ගැනීමට සමත් වූ ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රිකට්…

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය හා සාන්ත සර්වේසස් විද්‍යාලය

පළමු දිනයට තරගය නවතා දමන විට, සාන්ත සර්වේසස් විද්‍යාලය කිසිවෙක් නොදැවී ලකුණු 23ක් ලබාගෙන සිටින මෙම තරගය කදිරාන පිටියේ දී ක්‍රියාත්මක විය.

කාසියේ වාසිය ජයග්‍රහණය කළ මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය පෙර පැවැත්වූ තරගවල දී කදිරාන තණතීරුවේ හැසිරුණු ආකාරය සලකා බලා පළමුව පිතිකරණයේ නිරත වීමට තීරණය කළේය. ඔවුන්ගේ පළමු ඉනිම අවසානයේ ලකුණු 183කට සීමා විය.

මාරිස් ස්ටෙල්ලා පළමු ඉනිම ගොඩනැංවීමට සවියක් වූ මනීශ සිල්වා ලකුණු 48ක් ලබාගෙන සිටිය දී අවාසනාවන්ත ලෙස දැවී ගියේය. පන්දු යැවීමේ දී කේසර නුවන්ත කඩුලු 4ක් දවා ගන්නා ලදි.

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය පළමු ඉනිම – 180/10 (53.4): මනීශ සිල්වා 48, අශාන් ප්‍රනාන්දු 30, කේසර නුවන්ත 4/35, චරිත් හසන්ත 3/27.

සාන්ත සර්වේසස් විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 23/0 (7):

මෙම තරග සියල්ලම හෙට (8) දෙවන දිනයටත් ක්‍රියාත්මක වෙනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<