ශතකයක් සමඟින් කඩුලු 4ක්; බෙනඩික්ට් ක්‍රීඩකයෙකුගෙන් විස්මිත දස්කම්!

381

සිංගර් ශ්‍රී ලංකා අනුග්‍රාහකත්වය යටතේ පැවැත්වෙන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ පළමු කාණ්ඩයේ තවත් තරග දෙකක් අද (05) නිමාව දිටීය.

යොවුන් ක්‍රීඩකයින් කරට කර සටනක නිරත වුනු අද දිනයේ එම තරග දෙකම නිමාව දුටුවේ විසඳුමකින් තොරවයි. ඊයේ දිනයේ පිත්තෙන් සුපිරි දස්කම් දක්වා අද පන්දුවෙන් ද පෙරළියක් කළ කොළඹ සාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ මහේෂ් තීක්ෂණ මෙම තරග දෙකේම කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත්විය.

වේල්ස් කුමරුවන් පරදා සාන්ත තෝමස් විදුහලට තියුණු ජයක්!

වයස අවුරුදු 19න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු කාණ්ඩයේ තරග 6ක් අද (04) දිවයින පුරා ක්‍රීඩාංගණ කිහිපයක දී ක්‍රියාත්මක විය….

කොළඹ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සහ මරදාන සහිරා විද්‍යාලය

මරදාන සහිරා විද්‍යාලයීය ක්‍රීඩා පිටියේ දී පැවති මෙම තරගය අද නිමාවට පත්වූයේ ප්‍රථම ඉනිමේ ජයග්‍රාහකයෙකු පවා නොමැතිවයි. කෙසේ වෙතත් තම හුරුපුරුදු තණතිල්ල මත දී ම අසරණ වූ සහිරා විද්‍යාලය මෙම තරගයේ මුල් ඉනිමේ පරාජය වළක්වා ගත්තේ අනූ නමයෙනි. ඒ සාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ දැවැන්ත ලකුණු පුවරුව අසලකටවත් ළඟා වීමට නොහැකි වූ සහිරා විද්‍යාලයට දිනය නිමාවන තුරු අවසන් කඩුල්ලේ සබඳතාවය රැක ගැනීමට හැකි වූ බැවිනි.

ඊයේ දිනයේ කොළඹ සාන්ත බෙනඩික්ට් විද්‍යාලයට කාසියේ වාසිය හිමිකර දෙමින් ආරම්භ වූ තරගයේ මුලින් පන්දුවට පහර දුන්නේ ද බෙනඩික්ට් විද්‍යාලයයි. ඉතාමත් සාර්ථක අන්දමින් පිත්ත හැසිර වූ ඔවුන් ඊයේ දිනය නිමා වෙද්දී කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 200ක් රැස්කර ගැනීමට සමත් විය.

ඔවුන්ට දැඩි සවියක් ගෙන දෙමින් විශිෂ්ට ශතකයක් වාර්තා කළ දකුණත් පිතිකරු මහේෂ් තීක්ෂණ ඊයේ දිනය නිමාවන විටත් නොදැවී ලකුණු 107ක් ලබාගෙන පිටියේ රැඳී සිටියේය. අද ඔහු තවත් ලකුණු 10ක් එක්කාසු කර ගනිද්දී දැවී ගිය ද බෙනඩික්ට් විද්‍යාලයීය ප්‍රථම ඉනිම අද දිනයේ ලකුණු 242ක් දක්වා ඉහළට නැගුණි. පන්දු යැවීමේ දී මොහොමඩ් කලීඩ් සහ මොහොමඩ් ඩිල්හාන් කඩුලු 2 බැගින් දවා ගත්හ.

ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු තනතුර තිලාන් සමරවීරට

හිටපු ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරු තිලාන් සමරවීර ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරට පත් කර ඇති බව අතිශය විශ්වාස කටයුතු…

ඉන් අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සහිරා විද්‍යාලයීය පිතිකරුවන්ව තම විද්‍යාලය තුල දී ම අන්දමන්ද කරන්නට බෙනඩික්ට් පන්දු යවන්නන්ට හැකි විය. ඒ ඉතාමත් ඉක්මනින් සහිරා පිතිකරුවන් එකිනෙකා ක්‍රීඩාගාරයට හරවා යවමිනි. එහි දී පිත්තෙන් විද්‍යාලය වෙනුවෙන් දැක්වූ දායකත්වය මෙවර පන්දුවෙනුත් එකලෙස දැක්වූ මහේෂ් තීක්ෂණ තම දකුණත් පිට දඟපන්දුවෙන් හැකි උපරිම ඵල නෙලා ගනිමින් ලකුණු 44කට කඩුලු 4ක් දවා ගත්තේය. මීට අමතරව ජේසන් චාල්ස් කඩුලු 3කට හිමිකම් කීවේය.

බෙනඩික්ට් විද්‍යාලයේ මෙම සුපිරි දක්ෂතා මැද සහිරා විද්‍යාලයීය කිසිදු පිතිකරුවෙකුට ලකුණු 30 සීමාව ද ඉක්මවා යා හැකි නොවීය. කෙසේ වෙතත් ලකුණු 133කට කඩුලු 9ක් දැවී ගොස් බෙනඩික්ට් විද්‍යාලයේ ප්‍රථම ඉනිමට වඩා ලකුණු 109ක් පිටුපසින් සිටි සහිරා විද්‍යාලයට තරගය බේරා ගැනීමට අවස්ථාව උදාවූයේ බෙනඩික්ට් විද්‍යාලයේ ප්‍රථම ඉනිමේ ජයග්‍රහණ බලාපොරොත්තු බොඳකර දමමිනි.

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය – කඩුලු 7ක් දැවී ලකුණු 242 (පන්දුවාර 69): මහේෂ් තීක්ෂණ 117, විහඟ රුවන්‍හාර 33, මොහොමඩ් කලීඩ් 2/29, මොහොමඩ් ඩිල්හාන් 2/53.

සහිරා විද්‍යාලය – කඩුලු 9ක් දැවී ලකුණු 133 (පන්දුවාර 38.2): මොහොමඩ් ඩිල්හාන් 29, මොහොමඩ් ශහදුල්ලා 24, මහේෂ් තීක්ෂණ 4/44, ජේසන් චාල්ස් 3/37.


මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ මාතර සාන්ත තෝමස් විද්‍යාලය

අද ක්‍රියාත්මක වූ පළමු කාණ්ඩයේ අනෙක් තරගය වූ මෙහි අවසන් ජයග්‍රාහකයෙකු තීරණය කර ගැනීමට හැකි නොවිය. ඊයේ දිනයේ තරගයේ කාසියේ වාසිය දිනාගත් සාන්ත තෝමස් නායකයා මුලින් පන්දුවට පහර දීමේ අවස්ථාව සෙබස්තියන් පිළට ලබා දුන්නේය. ඊට ඉතාමත් සාර්ථක පිළිතුරක් සැපයූ සෙබස්තියන් පිතිකරුවෝ සියල්ලන්ම දැවී ලකුණු 260ක් ලකුණු පුවරුව මත සටහන් කළහ. ඒ වෙනුවෙන් මලින්ත පීරිස් ලකුණු 60ක් රැස් කරද්දී ගිහාන් සේනානායක නොදැවී අර්ධ ශතකයක් රැස්කර ගත්තේය. විනුජ රණසිංහ නොදැවී ලකුණු 41යි.

Binura Fernando talks about his injuries and Afridi celebrations

චමින්ද වාස්ගෙන් පසුව 2009 වසරේදී හිස්වූ ශ්‍රී ලංකා වමත් වේගපන්දු යවන්නාගේ ධූරය සඳහා නම් කිහිපයක්ම සලකා බැලුණු නමුත් දීර්ඝ කාලයක්…

මෙම ලකුණු සංඛ්‍යාව පසුපස හඹාගිය සාන්ත තෝමස් පිතිකරුවන් අද තරගය අවසන් කරන විට කඩුලු 3ක් දැවී ලකුණු 69ක් රැස් කරගෙන සිටියහ. එහි දී දිනය නිමාවන තුරුම තම කඩුල්ල ආරක්ෂා කරගත් ලහිරු ඩිල්ශාන් නොදැවී ලකුණු 36ක් රැස් කළේය. පන්දු යැවීමේ දී ජනිශ්ක පෙරේරා ලකුණු 14කට කඩුලු 2ක් දවා ගත්තේය. ඒ අනුව සෙබස්තියන් විද්‍යාලය තමන් සත්කාරකත්වය දැරූ තරගයේ දී තරමක් කැපී පෙනෙන දක්ෂතා දැක්වුවද දෙපාර්ශවයටම තරගයේ ප්‍රථම ඉනිමේ ජයක් හෝ අත්පත් කර ගැනීමට හැකි නොවීය.

සාන්ත සෙබස්තියන් විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 260 (පන්දුවාර 82.4): මලින්ත පීරිස් 60, ශානිල් ප්‍රනාන්දු 47, ගිහාන් සේනානායක 57*, විනුජ රණසිංහ 41*, සචිල රශ්මික 3/121, සිනෙත් සිතාර 2/45.

සාන්ත තෝමස් විද්‍යාලය – කඩුලු 3ක් දැවී ලකුණු 69 (පන්දුවාර 28): ලහිරු ඩිල්ශාන් 36*, ජනිශ්ක පෙරේරා 2/14.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න