පොඩි කුසල් පසුකරගෙන මැතිව්ස් ඉදිරියට

1108

අන්තර්ජාතික ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් හී සැලකිය යුතු වෙනසක් සිදු කරමින් එම ලැයිස්තුවේ ඉදිරියටම පැමිණීමට, නිමා වූ නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවති ටෙස්ට් තරගයේ ඉරණම වෙනස් කරමින් ඉතිහාසගත සබඳතාවක් ගොඩනැගීමට සමත් වූ ක්‍රීඩකයින් දෙදෙනෙක් වන ඇන්ජලෝ මැතිව්ස් සහ කුසල් මෙන්ඩිස් සමත් වී ඇත.

බිග් බෑෂ් ලීගයට පායන විදෙස් ක්‍රීඩා තරු

හෙට දිනයේ දී(19) ආරම්භ වීමට නියමිත 2018-19 බිග් බෑෂ් තරගාවලිය පසුගිය වසරවලට සාපේක්ෂව

ගියවර ශ්‍රේණිගත කිරීම්වලට අනුව ලොව අංක එකේ සහ දෙකේ පිතිකරුවන් දෙදෙනා ලෙස නම් කළ ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලී සහ නවසීලන්ත නායක කේන් විලියම්සන් සිය අණසක තවදුරටත් පතුරවාලමින් සිය ස්ථාන රැක ගැනීමට සමත් වී සිටියි.

පසුගිය දිනෙක පර්ත් හී නිමාව දුටු ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර දෙවන ටෙස්ට් තරගයේ ප්‍රථම ඉනිමේ දී කෝලි විසින් ලකුණු 123ක් රැස් කරමින් දියත් කළ වික්‍රමාන්විත ඉනිම හේතු කොට ගෙන තම පෞද්ගලික ප්‍රසාද ලකුණු ගොන්නට තවත් ප්‍රසාද ලකුණු 14ක් එකතු කරගනිමින් විලියම්සන් සමඟ ඇති ලකුණු පරතර තවත් වර්ධනය කරගැනීමට හැකි විය.

නවසීලන්තයේ නොනවතින ලකුණු මැෂිම බඳු නායක විලියම්සන් බදාදා දිනයේ දී  වෙලින්ටන් හීදී නිමා වූ පළමු ටෙස්ට් තරගයේ දී වාර්තා කළ ලකුණු 91 නිසාවෙන් 915ක් දක්වා ප්‍රසාද ලකුණු තත්වය ඉහළ නංවා ගැනීමට සමත් වූ අතර එවැනි දක්ෂතවක් දැක්වීමට සමත් වූ පළමු නවසීලන්ත ජාතිකයා ලෙස වාර්තා පොත් අතරට එක් විය.

එම තරගයේ දී ම නවසීලන්තය වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් විශිෂ්ට ද්විත්ව ශතකයක් ලබා ගනිමින් තරගයේ වීරයා සම්මානය ද දිනා ගත් ආරම්භක පිතිකරු ටොම් ලේතම් දැක්වූ සුපිරි දක්ෂතාවන් පදනම් කරගනිමින් ශ්‍රේණිගත කිරීම් හී ස්ථාන 15ක් දක්වා ඉදිරියට පැමිණෙමින් තම ක්‍රිකට් දිවියේ පෞද්ගලික හොඳම දක්ෂතාව සටහන් කරමින් ලේතම් එම ලැයිස්තුවේ 22 වැනි ස්ථානය තම නමින් වෙන්කර ගත්තේය.

ඉන්දීය ටෙස්ට් සංචිතය හදිසියේම වෙනස් වේ

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම හා ඕස්ට්‍රේලියාව අතර මේ දිනවල පැවැත්වෙන තරග හතරකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට්

ශ්‍රී ලංකාව වෙනුවෙන් හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් සිය ප්‍රථම ඉනීමේ දී ලකුණු 83ක් සහ දෙවන ඉනිමේ දී නොදැවී ලකුණු 120ක් වාර්තා කිරීමට සමත් වූ අතර ඔහු සමඟ එක් වූ කුසල් මෙන්ඩිස් දෙවන ඉනිමේ දී නොදැවී ලකුණු 140ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම ගෞරවාන්විත අවසානයක් කරා මෙහෙයවීමට ඔවුන් දෙදෙනා  සමත් වූහ. දින තුනක් පුරාවට තම අන්තයන් ආරක්ෂා කරගනිමින් තෙවන කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ ඒ නොබිඳුණු සබඳතාව සඳහා මේ දෙදෙනා දැක්වූ දායකත්වයට වටිනාකමක් එක්කරමින් මැතිව්ස් සහ කුසල් ශ්‍රේණිගත කිරීම් හී පිළිවෙළින් 16 සහ 18 වැනි ස්ථාන අත්පත් කරගැනීමට සමත් වී ඇත.

නිපුන් ධනංජය හා දිනුක් ඩිල්ශාන් ශතක අතරට

අනාගතයේ ලොව දිනන පාසැල් ක්‍රිකට් තරු සොයා යාමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය හා සිංගර් ආයතනය

පන්දු යවන්නන් පිළිබඳ සලකා බැලූ විට ශ්‍රී ලංකාවට එරෙහිව නවසීලන්තය වෙනුවෙන් කඩුලු 8ක් බිඳ හෙළීමට සමත් වූ ටිම් සවුති ටෙස්ට් පන්දු යවන්නන්ගේ නාම ලේඛනයේ 11 වැනි ස්ථානය දක්වාත්, ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු 4ක් දවාලූ ලහිරු කුමාර 48 වන ස්ථානයේ සිට 43 වැනි ස්ථානය දක්වාත් ඉදිරියට පැමිණ තිබේ.

ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් තිදෙනෙකු ද ඔවුන් දැක්වූ දක්ෂතා සැලකිල්ලට ගෙන ශ්‍රේණිගත කිරීම් හී ඉහළට ඒමට සමත් වී තිබේ. ඒ අතරින් ඕස්ට්‍රේලියානු දඟපන්දු යවන ක්‍රීඩක නේතන් ලයන් ප්‍රතිවාදී ඉන්දියාවට එරෙහිව කඩුලු 8ක් තම කණ්ඩායම වෙනුවෙන් බිඳ හෙළමින් ලොව හොඳම පන්දු යවන්නන් 10දෙනා අතරින් 7 වැනි ස්ථානය තමන් සතු කරගැනීමට සමත් වී ඇත. ඉදිරියට පැමිණි අනෙක් ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් දෙදෙනා වන්නේ මිචෙල් ස්ටාක් (15 වැනි ස්ථානය) සහ ජොෂ් හේසල්වුඩ් ය (9 වන ස්ථානය).

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<