විමුක්ති කුලතුංග කඩුලු 8ක් දවාලමින් ජය තහවුරු කරයි

490
U19 Schools Cricket

සාන්ත ජෝසප්, සාන්ත තෝමස්, සාන්ත මරියා, ලුම්බිණි, සහ තර්ස්ටන් විද්‍යාල පළමු ඉණිමේ ජයග්‍රහණ ලබා ගනිමින් සිංගර් කුසාලන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් දිනයක් (03) නිමාවට පත්විය.

පසුගිය ලිපි:  දිනෙත් මදුරාවල තවත් ශතකයකට හිමිකම් කියයි

කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය හා මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර තරඟය

මෙම තරගය සෙබස්තියන් විද්‍යාලීය ක්‍රීඩා පිටියේදී පැවැත්වූ අතර දෙවන දිනය ආරම්භයේ දී තම පළමු ඉණිම ක්‍රීඩා කල සාන්ත සෙබස්තියන් විද්‍යාලය කඩුලු 5ක් දැවී ලකුණු 105ක් ලබාගෙන සිටියහ.

ටශික පෙරේරා සෙබස්තියන් විද්‍යාලයේ පළමු ඉණිම වෙනුවෙන් ලකුණු 64ක් ලබා ගන්නා ලදී. ජෝසප් විද්‍යාලයේ දෙවන ඉණිමට අගනා පිතිහරඹයක් දියත් කල ශෙවෝන් ෆොන්සේකා ලකුණු 83යි.

සාන්ත ජෝසප් විද්‍යාලය පළමු ඉණිම – කඩුලු 7ක් දැවී ලකුණු 319 dec (පන්දුවාර 64): දිනෙත් මදුරාවල 107*, ජෙහාන් ප්‍රනාන්දුපුල්ලේ 73, නිපුන් සුමනසිංහ 46, හරීන් කුරේ 33*, ටශික පෙරේරා  2/70, අශරු වර්ණකුලසූරිය  2/75

සාන්ත සෙබස්තියන් විද්‍යාලය පළමු ඉණිම  – සියල්ලන්ම දැවී ලකුණු 289 (පන්දුවාර 70.3): ටශික පෙරේරා 64, නිමේෂ් බණ්ඩාර 60, නුවනිදු ප්‍රනාන්දු 36, දිනෙත් ජයකොඩි 4/56, කවිදු ජයතිස්ස 3/58

සාන්ත ජෝසප් විද්‍යාලය දෙවන ඉණිම – කඩුලු 7ක් දැවී ලකුණු 266 (පන්දුවාර 59): ශෙවෝන් ෆොන්සේකා 83, නිපුන් සුමනසිංහ 48, පහන් පෙරේරා 41, විනුජ රණසිංහ 3/96, තරුශ ප්‍රනාන්දු 2/65


ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය හා කැලණිය ගුරුකුල විද්‍යාලය අතර තරඟය

C කාණ්ඩය යටතේ අවසන් වූ මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කල සත්කාරක තෝමස් විද්‍යාලය පළමුව පන්දු යැවීමට තීරණය කරන ලදි

දිනය ආරම්භ කරන විට තම පළමු ඉණිම ක්‍රීඩා කල ගුරුකුල විද්‍යාලයේ ලකුණු පුවරුව, කඩුලු 4ක් දැවී ලකුණු 71ක් ලෙස සටහන්ව තිබුණි. එම ඉණිමේ කඩුලු 5ක් දවාලූ ඩිලෝන් පීරිස් ගුරුකුල පිතිකරණය ලකුණු 133කට සීමා කෙරුවේ, තම විද්‍යාලයට පළමු ඉණිමේ ජයග්‍රහණය විවර කරවමිනි.

අනතුරුව නැවතත් තම දෙවන ඉණිම දියත් කල ගුරුකුල විද්‍යාලයට පැතුම් මහේෂ් (56*) හා මලිදු විදුරංග (66*) තරඟයේ පූර්ණ පරාජයෙන් ගුරුකුල විද්‍යාලය මුදවාගන්නා ලදී.

සාන්ත තෝමස් විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 248 (පන්දුවාර 68.5): දුලිප් ගුණරත්න 46, රවිදු කොඩිතුවක්කු 35, ඉශේන් පෙරේරා 32, උදාර රවිදු 5/41, පැතුම් මහේෂ් 2/25

ගුරුකුල විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 133 (පන්දුවාර 57): උදාර රවිදු 31, ඩිලෝන් පීරිස් 5/30, ඩිනුර ගුණවර්ධන 2/17

ගුරුකුල විද්‍යාලය දෙවන ඉණිම (F/O) – කඩුලු 6ක් දැවී ලකුණු 229 (පන්දුවාර 69): මලිදු විදුරංග 66*, පැතුම් මහේෂ් 56*, උදාර රවිදු 40, රොමේෂ් නල්ලප්පෙරුම  3/50


කොළඹ ආනන්ද විද්‍යාලය හා කොළඹ ලුම්බිණි විද්‍යාලය අතර තරඟය

ලුම්බිණි විද්‍යාලයටත් පළමු ඉණිමේ ජයග්‍රහණයක් හිමිකර දුන් මෙම තරඟය B කාණ්ඩයේ තරගයක් ලෙසින් අවසන් වූයේ කෝල්ට්ස් පිටියේදීයි.

දෙවන දිනට තරඟය ආරම්භ කරන විට ලුම්බිණි විද්‍යාලය කඩුලු 4ක් දැවී ලකුණු 99ක් ලබාගෙන සිටි අතර එම ඉණිම ලකුණු 155කට අවසන් වූ පසු, තම දෙවන ඉණිම ක්‍රියාත්මක කල ආනන්ද විද්‍යාලයට ලකුණු 161කින් නැවතුම තබන්නට සිදුවිය. එහිදී සුපුන් වරාගොඩ ලකුණු 58ක් ලබාගත් අතර ලුම්බිණි විද්‍යාලය වෙනුවෙන් විමුක්ති කුලතුංග කඩුලු 8ක් දවාගන්නා ලදී.

ආනන්ද විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 130 (පන්දුවාර 60.1): කවිදු ගිම්හාන 37, සුපුන් වරාගොඩ 29, සහන් සුරවීර 25, ලහිරු හිරන්‍ය 21, තානුක දාබරේ 4/45, විමුක්ති කුලතුංග 3/28

ලුම්බිණි විද්‍යාලය පළමු ඉණිම  – සියල්ලන්ම දැවී ලකුණු 155 (පන්දුවාර 59.5): තානුක දාබරේ 66, කණිෂ්ක මදුවන්ත 22, චාමික ගුණසේකර 3/43

ආනන්ද විද්‍යාලය දෙවන ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 161 (පන්දුවාර 66.3): සුපුන් වරාගොඩ 58, ලහිරු හිරන්‍ය 29, අසේල සිගේරා 29, විමුක්ති කුලතුංග  8/67


මහනුවර ධර්මරාජ විද්‍යාලය හා කෑගල්ල සාන්ත මරියා විද්‍යාලය අතර තරඟය

පල්ලේකැලේ බන්ධනාගාර ක්‍රීඩාංගනයේදි A කාණ්ඩයේ තරඟයක් ලෙසින් පැවැත්වුනු මෙහි කාසියේ වාසිය ජයග්‍රහණය කල සාන්ත මරියා විද්‍යාලය පළමු ඉණිමේ ජයග්‍රහණයක් ලබා ගන්නා ලදි.

දිනය අරඹන විට තම පළමු ඉණිම ක්‍රීඩා කල සාන්ත මරියා විද්‍යාලය, කඩුලු 4ක් දැවී ලකුණු 108ක් ලබාගෙන සිටියහ. එම ඉණිම වෙනුවෙන් රජිත කොටුවේගොඩ ලකුණු 61ක් ලබා ගන්නා ලදි.

පිළිතුරු ඉණිම දියත් කල ධර්මරාජ විද්‍යාලය වෙනුවෙන් දුලාජ් විජේකෝන්ට (32) හැරෙන්නට අනෙක් කිසිවෙකුට සාර්ථක ලකුණක් කරා යෑමට සාන්ත මරියා පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැත.

ධර්මරාජ විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 210 (පන්දුවාර 59.1): දේශාන් ගුණසිංහ 52, සචින්ත සේනානායක 34, නිවන්ත හේරත් 23, ලසිත උඩගේ 4/73

සාන්ත මරියා විද්‍යාලය පළමු ඉණිම – කඩුලු 4ක් දැවී ලකුණු 233 (පන්දුවාර 69.3): රජිත කොටුවේගොඩ 61, සදරු ශ්‍රීයාකාන්ත 43, අශාන් සේනාධීර 36, රුක්මාල් දිසානායක 3/88

ධර්මරාජ විද්‍යාලය දෙවන ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 127 (පන්දුවාර 56.3): දුලාජ් විජේකෝන් 32, කාවින්ද තිලකරත්න 26, ලසිත උඩගේ 4/06

සාන්ත මරියා විද්‍යාලය දෙවන ඉණිම – කඩුලු 6ක් දැවී ලකුණු 16 (පන්දුවාර 7): රුක්මාල් දිසානායක 2/01


මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය හා කොළඹ තර්ස්ටන් විද්‍යාලය අතර තරඟය

මාතර උයන්වත්ත ක්‍රීඩාංගනයේදි D කාණ්ඩයේ තරඟයක් ලෙසින් අවසන් වූ මෙහි කාසියේ වාසිය ජයග්‍රහණය කල තර්ස්ටන් විද්‍යාලය පළමුව පන්දු යවා, පළමු ඉණිමේ ජයග්‍රහණයක් ලබා ගන්නා ලදි.

දෙවන දිනයට ඇරඹුම ලබා ගන්නා විට තම පළමු ඉණිම ක්‍රීඩා කල තර්ස්ටන් විද්‍යාලය එක් කඩුල්ලක් දැවී ලකුණු 37ක් ලබාගෙන සිටියහ. එම ඉණිමට නිමේෂ් ලක්ෂාන් මනරම් ලකුණු 61* එක්කල අතර, තිලිණ ප්‍රශාන් කඩුලු 4ක් දවාගන්නා ලදි. සර්වේසස් දෙවන ඉණිමට ඉසුරු දල්දවත්ත ලකුණු 30ක් එක්කරද්දී, ජනුශ්ක ප්‍රනාන්දු තර්ස්ටන් විද්‍යාලය වෙනුවෙන් කඩුලු 3ක් දවාලන ලදි.

සාන්ත සර්වේසස් විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 123 (පන්දුවාර 41.1): සුපුන් කාවින්ද 46, සශික ඩිල්ශාන් 27, ජනුශ්ක ප්‍රනාන්දු 3/15, යෙශාන් වික්‍රමාරච්චි 2/19,

තර්ස්ටන් විද්‍යාලය පළමු ඉණිම – කඩුලු 7ක් දැවී ලකුණු 260 dec (පන්දුවාර 69): නිමේශ් ලක්ෂාන් 61*, චරණ නානායක්කාර 33, තිලිණ ප්‍රශාන් 4/90

සාන්ත සර්වේසස් විද්‍යාලය දෙවන ඉණිම – කඩුලු 5ක් දැවී ලකුණු 97 (පන්දුවාර 41.3): ඉසුරු දල්දවත්ත 30, ජනුශ්ක ප්‍රනාන්දු 3/14


ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය හා අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය අතර තරඟය

C කාණ්ඩයේ තරගයක් ලෙසින් කරන්දෙණිය මධ්‍ය විද්‍යාලයේදී අද (03) ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කල ධර්මාශෝක විද්‍යාලය පළමුව පන්දු යවන ලදි. පළමු දිනය අවසන් වන විට තම පළමු ඉණිම ක්‍රීඩා කරන ධර්මාශෝක විද්‍යාලය කඩුලු 4ක් දැවී ලකුණු 115ක් ලබාගෙන සිටියි.

ඇලෝසියස් පළමු ඉණිම වෙනුවෙන් දක්ෂ ඉණිමක් ක්‍රීඩා කල නවිදු නිර්මාල් නොදැවී ලකුණු 89යි.

සාන්ත ඇලෝසියස් විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 213 (පන්දුවාර 64.2): නවිදු නිර්මාල් 89*, පසිදු නානායක්කාර  44, ලොහාන් ද සොයිසා 3/32, ලසිත් කුමාර 2/21, උෂාන් ඉමන්ත 2/51

ධර්මාශෝක විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ දී) – කඩුලු 4ක් දැවී ලකුණු 115 (පන්දුවාර 34): හර්ෂජිත් රොශාන් 62, දිනුක ඩිල්ශාන් 37*, නිදුක මල්සිත් 2/08, කවීශ විලෝචන 2/24

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට