ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාවට

99

ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම, ඉන්දීය දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම හා එංගලන්ත දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් මස 5 වැනිදා සිට 13 වැනිදා දක්වා ඉන්දියාවේ දී පැවැත්නීමට නියමිතයි.

එසේම ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වෙන තරග 5කින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය හා තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය 15 වැනිදා සිට 27 වැනිදා දක්වා පැවැත්වේ.

ජ්‍යෙෂ්ඨයින්ට ආදර්ශයක් වෙමින් යෞවනයෝ අවසන් පූර්ව තරගයට

බංග්ලාදේශයේ දී ක්‍රියාත්මක වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය…

මේ තරගාවලිය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම අද (3) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී පැවති අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා ක්‍රීඩා අමාත්‍යාංශයේ සහයෝගය ඇතිව ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් ඉතිහාසය තුල කැඳවූ පළමු මාධ්‍ය හමුව මෙය විය.

“ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයටත්, ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාටත් මම මුලින්ම ස්තුතිවන්ත වෙන්න කැමතියි. මොකද එතුමන්ලා මේ තරග සංචාරයට අපිට අවශ්‍යය සියලුම පහසුකම් ලබා දුන්නා. ඉදිරියටත් අපිට මේ වගේම හොඳ සහයක් දෙයි කියලා අපි විශ්වාස කරනවා. අපි දැනට ලෝක ශ්‍රේණිගත කිරීම්වල තෙවැනි ස්ථානයේ ඉන්නේ අපිට උඩින් ඉන්නේ ඉන්දියාවයි පාකිස්තානයයි විතරයි. 2020 තියෙන ලෝක කුසලානය මෙරටට ගෙන්න අපිට ලොකු අවශ්‍යතාවයක් තියෙනවා. නමුත් අපිට නිසියාකර අනුග්‍රාහකත්වයක් නොමැති එක ලොකු ගැටලුවක්.” යැයි ශ්‍රී ලංකා ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු චමින්ද පුෂ්පකුමාර මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසිය.

පසුගිය දා මෙරට දී නිමාවට පත්වූ ශ්‍රී ලංකා ඉන්දීය එක්දින ක්‍රිකට් තරගාවලියේ දී වසර 20කට පසුව ඉන්දීය කණ්ඩායම තරගාවලියක දී පරාජය කිරීම‍ට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ගුරුකුල විද්‍යාලය හමුවේ සාන්ත ජෝසප් වාස් පසුබසී

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ…

“දේශීය ක්‍රිකට් තරගාවලියක් කියලා අපිට තියෙන්නේ ඩිල්මා ක්‍රිකට් තරගාවලිය විතරයි. ඒ වගේ තව තරගාවලි දෙක තුනක් තිබ්බොත් තව තවත් සැඟවිලා ඉන්න ක්‍රිකට් ක්‍රීඩකයින්ව උඩට ගන්න පුළුවන්. එංගලන්ත කණ්ඩායම අපට වසර 4කට පමණ පස්සේ තමයි මුණගැසෙන්නේ. ඉන්දීය කණ්ඩායම සමඟ නම් අපි මෑතකදීත් ඉතාමත් හොඳින් ක්‍රීඩා කරලා තියෙනවා.”

ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම කළ ඉල්ලීමකට පිළිතුරු ලෙස සති දෙකක පමණ කාලයක් හම්බන්තොට සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ඔවුන්ගේ පුහුණුවීම් කටයුතු කරන්න අවශ්‍ය පහසුකම් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා ක්‍රීඩා අමාත්‍යංශය පියවර ගෙන තිබූ අතර ඒ සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ද ඔවුන් වෙත සපයා දී තිබුණි.

තියුණු ජයක් සමඟින් ශ්‍රී ලංකාව නැවතත් තරගාවලියට

ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දීය දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම…

“අපි මේ කාර්‍ය ඉටු කරන්නේ එක්තරා සමාජ සත්කාරයක් විදිහටයි. මොකද මේ ක්‍රීඩකයෝ ඔවුන්ගේ අඩුපාඩුකම් නිසා සැඟවිලා ඉන්න ඕන නෑ. මොනාහරි අංශයකින් ඉස්සරහට එන එක තමයි ලොකුම දේ, ඒක රටටත් කරන විශාල ලොකු සේවයක්. මම ඔවුන් සමඟ නිරන්තරයෙන් ඉන්නවා. ඔවුන්ගේ අඩුපාඩුකම් හොයලා බලලා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හරහා ලබා දෙන්න පුළුවන් උපරිම සහය අපි ලබා දෙන්න අපි කැපවෙලා ඉන්නවා.” යැයි ක්‍රීඩා අමාත්‍ය  ෆයිසර් මුස්තාෆා මහතා පවසන ලදි.

මේ මාධ්‍ය හමුව සඳහා ගරු ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කමල් පත්මසිරි, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා, ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු චමින්ද පුෂ්පකුමාර, ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලක්ෂාන් දේවප්‍රිය හා ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමේ නායක ප්‍රියන්ත කුමාර යන මහත්ම මහත්වරුන් කිහිප දෙනෙක්ම පැමිණ සිටියහ.

ශ්‍රී ලංකා සංචිතය – ප්‍රියන්ත කුමාර (නායක), සහන් කුමාර, පී. ඩී. රවින්ද්‍ර, කේ. ඒ. සිල්වා, ඩි.චමින්ද, කෝසල හේරත්, උපුල් සංජීව, රුවන් වසන්ත, සමන් තුෂාර, දිනේෂ් මතුගම, චමින්ද බණ්ඩාර, සුරංග සම්පත්, චන්දන දේශප්‍රිය, චන්දන සූරියආරච්චි, දමිත සඳරුවන්, ප්‍රියන්ත කුමාර, දිනේෂ් මදුවන්ත.

තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ තරග කාලටසහන

  • 10.05 – ඉන්දියාව හා ශ්‍රී ලංකාව – බැංගලෝර්
  • 10.06 – එංගලන්තය හා ඉන්දියාව – බැංගලෝර්
  • 10.08 – එංගලන්තය හා ශ්‍රී ලංකාව – ගෝවා
  • 10.09 – එංගලන්තය හා ඉන්දියාව – ගෝවා
  • 10.10 – ඉන්දියාව හා ශ්‍රී ලංකාව – ගෝවා
  • 10.11 – එංගලන්තය හා ශ්‍රී ලංකාව – ගෝවා
  • 10.12 – Play Off තරගය – ගෝවා
  • 10.13 – අවසන් මහා තරගය – ගෝවා

ඉන්දු – ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන

  • 10.15 – පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය – පුනේ
  • 10.16 – දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගය – මුම්බායි
  • 10.17 – තෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගය – බෝපාල්
  • 10.20 – සිව්වැනි විස්සයි විස්ස ක්‍රිකට් තරගය – ලුදියානා
  • 10.22 – පස්වැනි විස්සයි විස්ස ක්‍රිකට් තරගය – ෆරිදාබාද්
  • 10.23 – පළමු එක්දින ක්‍රිකට් තරගය – දිල්ලි
  • 10.25 – දෙවන එක්දින ක්‍රිකට් තරගය – බුවනේශ්වර්
  • 10.27 – තෙවන එක්දින ක්‍රිකට් තරගය – කල්කටා

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<