උදාවන නව වසරට ස්මිත්ට ලැබුණු තෑග්ග

288

එළඹෙන ජනවාරි මස 5 වැනිදා ආරම්භ වීමට නියමිත බංග්ලාදේශ ප්‍රිමියර් ලීගය සඳහා සහභාගී වීමේ වරම හිටපු ඕස්ට්‍රේලියානු නායක ස්ටීව් ස්මිත්ට හිමි වී ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කර තිබුණි.

ස්මිත්ගේ අපලය තවමත් නිමා වී නැති ලකුණු

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ එළඹෙන අදියර සඳහා ස්ටීව් ස්මිත් හට ක්‍රීඩා කිරීමට ඉඩ ලබා නොදීමට බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇත. ඉදිරියේ දී පැවැත්වීමට…

මෙවර තරගාවලිය සඳහා ස්මිත් හට ක්‍රීඩා කිරීමට අවසර ලබා නොදීමට බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයට සහ තරගාවලි සංවිධායක කමිටුවට පසුගිය දිනක තීරණයක් ගැනීමට සිදු වූයේ ස්මිත්ගේ දායකත්වය තරගාවලිය සඳහා ලබා ගැනීම තරගාවලි නීති රෙගුලාසි වලට පටහැනි යැයි අනෙකුත් කණ්ඩායම්වලින් දිගින් දිගටම නැඟුණු විරෝධතා පදනම් කර ගනිමිනි.

නමුත් බ්‍රහස්පතින්දා(27) දිනයේ දී පැවති සාකච්ඡා වට කිහිපයකින් අනතුරුව අවසන් තීරණයකට එළඹීමට සියලුම පාර්ශව සමත් වූ හෙයින් කලින් ගනු ලැබූ තීරණ සියල්ල හකුළා ගැනීමට බංග්ලාදේශ ක්‍රිකට් පාලක මඬුල්ල එකඟ විය. ඒ අනුව තරගාවලි නීති මාලාවෙහි සුළු වෙනස්කම් කිහිපයක් සිදු කරමින් ස්මිත් හට තරග කිරීම සඳහා අවශ්‍ය වටපිටාව සකසා දීමට කටයුතු සම්පාදනය කර ඇත.

ඊයේ දිනයේ දී මාධ්‍යය සාකච්ඡාවක් කැඳවමින් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ජලාල් යුනිස් මහතා මෙම සිදුවීම සම්බන්ධ වර්තමාන තත්වය පැහැදිලි කළේය.

“අද දිනයේ දී තරගාවලියට ක්‍රීඩා කරන කණ්ඩායම් 4ක කළමනාකාරිත්ව විසින් අපිට විද්‍යුත් තැපැල් පණිවිඩ යොමු කරලා තියෙනවා. එම පණිවිඩවල සඳහන් කරලා තියෙන විදිහට තරගාවලියේ සුබසිද්ධිය උදෙසා මෙතෙක් කලක් ඔවුන් දැරූ මතය වෙනස් කරමින් සියලුම විරෝධතා ඉවත් කරගැනීමට ඔවුන්ගේ කැමැත්ත පළ කිරීම ඉතා ධනාත්මක ප්‍රවේශයක් විදියටයි මම දකින්නේ.”

“පන්දුව පළුදු කිරීමේ අදහස මගේ නෙමේ” – බැන්ක්‍රොෆ්ට්

පසුගිය මාර්තු මාසයේ දී දකුණු අප්‍රිකාවේ කේප්ටවුන්හී ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති ටෙස්ට් තරගයක් අතරතුර දී සිතාමතා පන්දුවේ ස්වභාවය වෙනස් කිරීමේ වරදට චෝදනා ලැබූ…

තවදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ එම කණ්ඩායම් ඔවුන්ගේ ක්‍රීඩක නාම ලැයිස්තුවේ සිටින ක්‍රීඩකයින්ට අමතරව තවත් එක් අමතර ක්‍රීඩකයෙකු නම් කිරීමේ වරප්‍රසාදය ලබා දෙන මෙන් කර තිබූ ඉල්ලීම පිළිබඳ ඔවුන් සලකා බැලීමෙන් අනතුරුව එයට එකඟ වීමට තීරණය කර ඇති බවයි. එනම් එම අමතර ක්‍රීඩකයා තරගාවලිය අතරතුර තමා නියෝජනය කරන කණ්ඩායමේ විදේශීය ක්‍රීඩකයෙකු වෙනුවට යම් සාධාරණ හේතුවක් මත ආදේශනය කිරීමේ හැකියාවක් පවති.

දකුණු අප්‍රිකාව සමඟ පැවති ටෙස්ට් තරගයක් අතරවාරයේ දී පන්දුවේ ස්වභාවය වෙනස් කිරීමේ චෝදනාවට වරදකරුවෙකු බවට පත් වූ ස්ටීව් ස්මිත් හට වසරක කාලයක් ජාත්‍යන්තර තරග සඳහා තහනමක් පැනවීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කළ අතර සිය දඬුවම් කාලය ගෙවා දැමීමෙන් අනතුරුව තම ප්‍රථම ජාත්‍යන්තර තරග අත්දැකීම ලබාගැනීම සඳහා කොමිලා වොරියස් කණ්ඩායම නියෝජනය කරමින් බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගි වීමට නියමිතය.

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<