සූරී – රීසා සුසංයෝගයෙන් ශූරතාව ශ්‍රී ලංකාවට

161

2019 ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ පලඟ ශූරතා කාණ්ඩයේ අවසන් මහා තරගයෙන් ලකුණු 14-21ක් ලෙස ජයග්‍රහණය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඒ ප්‍රබල පිලිපීන කණ්ඩායම පරාජය කරමින්.

රීසාගෙන් තායිපේට උපන්දින සාදයක්!

2019 ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ සිව්වැනි තරගය නොහොත් පලඟ…

ප්‍රමාණයෙන් විශාල සිරුරු තිබූ පිලිපීන ක්‍රීඩකයින් මෙල්ල කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගත්තේ 2019 ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ පලඟ ශූරතාවයයි.

තරගයේ පළමුවැනි විනාඩියේ පටන්ම ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සාර්ථකව තරගයට අවතීර්ණ වූ අතර තරගයේ පස්වැනි විනාඩියේ දී ශ්‍රීනාත් සූරියබණ්ඩාර ශ්‍රී ලංකා ලකුණු පුවරුව ක්‍රියාත්මක කළේ තරගයේ පළමු උත්සාහක දිනුම සමඟින්. එහි ප්‍රවර්තනය සාර්ථකයි. (ශ්‍රී ලංකාව 07-00 පිලිපීනය)

සූරිගේ එම ආක්‍රමණයට පිළිතුරු දෙමින් පිලිපීන ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ආරක්ෂණය බිඳ හෙළමින් තරගයේ හත්වැනි විනාඩියේ දී ඔවුන්ගේ පළමු උත්සාහක දිනුම වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය සාර්ථක විය. (ශ්‍රී ලංකාව 07-07 පිලිපීනය)

ප්‍රථම අර්ධය: ශ්‍රී ලංකාව 07 – 07 පිලිපීනය

දෙවැනි අර්ධය ආරම්භ වූවද පිලිපීන ක්‍රීඩකයින් ශ්‍රී ලංකාවට පීඩනය එල්ල කරමින් ඉදිරියට ඇදෙන්නට විය. පිලිපීන ක්‍රීඩකයින්ගේ අතින් සිදු වූ අත්වැරදීමකින් මනා ප්‍රයෝජන ගනිමින් ක්ෂණයකින් ක්‍රියාත්මක වූ සුධාරක දික්කුඹුර පන්දුව ජනිදු දිල්ශාන් අතට පත් කළ අතර ජනිදු පිලිපීනය විනිවිද යමින් අලංකාර උත්සාහක දිනුමක් වාර්තා කරන්නට සමත් විය. එහි ප්‍රවර්තනය සාර්ථකයි. (ශ්‍රී ලංකාව 07-07 පිලිපීනය)

ශ්‍රී ලංකා කාන්තාවෝ මැලේසියාවට හොංකොං පාඩම් කියා දෙති

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ පළමු දිනය අද (31) දකුණු කොරියාවේ ඉන්චන් නුවර දී ආරම්භ…

එයින් නොසැලුණු පිලිපීන ක්‍රීඩකයින් නැවත වරක් ක්‍රියාත්මක වෙමින් තරගයේ අවසන් විනාඩියේ දී ඔවුන් උත්සාහක දිනුමක් හා ප්‍රවර්තනයක් සාර්ථක කර ගත් අතර පසුව ලකුණු පුවරුව දිස් වූයේ ලකුණු 14-14ක් වශයෙනි.

පසුගිය තරගයේ මෙන්ම මේ තරගයේදීත් ක්‍රියාත්මක වූ රීසා රෆයිඩීන් පන්දුව සියතට ගෙන වේගයෙන් දිවයමින් අවසන් තත්පර කිහිපය තුළ උත්සාහක දිනුමක් වාර්තා කරමින් ශ්‍රී ලංකා ජයග්‍රහණය සනිටුහන් කළේ ප්‍රේක්ෂක ඔල්වරසන් මධ්‍යයේ ය.

අවසන් ලකුණු තත්වය: ශ්‍රී ලංකාව 21-14 පිලිපීනය


රීසාගෙන් තායිපේට උපන්දින සාදයක්!

2019 ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ සිව්වැනි තරගය නොහොත් පලඟ ශූරතාවයේ අවසන් පූර්ව වටය අද (01) දකුණු කොරියාවේ ඉන්චන් නුවර දී පැවැත්විය. පෙරවරු 11.14ට ආරම්භ වූ මෙම තරගයේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කළේ චයිනීස් තායිපේට එරෙහිවයි. 

ශ්‍රී ලංකාවට එරෙහිව ජපානයෙන් උත්සහ දිනුම් වැස්සක්!

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ දෙවැනි තරගය අද (31) දකුණු කොරියාවේ…

තරගයේ පළමුවැනි විනාඩියේ පටන්ම ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සාර්ථකව තරගය සිය ග්‍රහණයට ගත් අතර අද දින තම උපන්දිනය සමරන රීසා රෆයිඩීන් තරගයේ තෙවැනි විනාඩියේ පළමුවැනි උත්සාහක දිනුම වාර්තා කළේය. එහි ප්‍රවර්තනය සාර්ථකයි. (ශ්‍රී ලංකාව 07-00 චයිනීස් තායිපේ)

තරගයේ හත්වැනි විනාඩියේ දී නවක ක්‍රීඩක සුධාරක දික්කුඹුර තමන්ගේ පාද චලන වලින් ප්‍රතිවාදීන් පසු කර ගොස් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය සාර්ථක විය. (ශ්‍රී ලංකාව 14-00 චයිනීස් තායිපේ)

නැවතත් තරගයේ හත්වැනි විනාඩියේ දී රීසා ශ්‍රී ලංකාව වෙනුවෙන් තම දෙවැනි උත්සාහක දිනුමත් වාර්තා කළේය. එහි ප්‍රවර්තනයත් සාර්ථක විය. (ශ්‍රී ලංකාව 21-00 චයිනීස් තායිපේ)

ප්‍රථම අර්ධය: ශ්‍රී ලංකාව 21-00 චයිනීස් තායිපේ

දෙවැනි අර්ධය ආරම්භ වුවද තායිපේ ක්‍රීඩකයින් මතට පීඩනය එල්ල කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඉදිරියට ඇදෙන්නට විය. තරගයේ 10 වැනි හා 13 වැනි විනාඩිවල දී ජනිඳු දිල්ශාන් උත්සාහක දිනුම් දෙකක් වාර්තා කල අතර එහි ප්‍රවර්තන ද සාර්ථක විය. (ශ්‍රී ලංකාව 35-00 චයිනීස් තායිපේ)

තරගය අවසන් කිරීමට මොහොතකට පෙර ශ්‍රී ලංකාවට පන්දුව හිමි වූ අතර එයින් ප්‍රයෝජන ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ධනුස් දයාන් තායිපේ ක්‍රීඩකයින් අසරණ කරමින් තවත් උත්සාහක දිනුමක් වාර්තා අතර එහි ප්‍රවර්තනයෙන් අනතුරුව තරගය අවසන් කෙරිණි.

අවසන් ලකුණු තත්වය: ශ්‍රී ලංකාව 42 – 00 චයිනීස් තායිපේ

Video – කොරියාව ජයගැනීමට යන ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම 2019

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ පළමු අදියර සදහා දකුණු කොරියාවට පිටත් වු ශ්‍රි ලංකා….

සූරිගේ ශූර දස්කම්වලින් ශ්‍රී ලංකාවට ජය!

2019 ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ තෙවැනි තරගය අද (01) දකුණු කොරියාවේ ඉන්චන් නුවර දී පැවැත්විය. පෙරවරු 8.42ට ආරම්භ වූ මෙම තරගයේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කළේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිවයි. 

තරගයේ පළමුවැනි විනාඩියේ දී ම ශ්‍රී ලංකා ආරක්ෂාව බිඳ හෙළු එක්සත් අරාබි එමීර් රාජ්‍යය පළමු උත්සාහක දිනුම වාර්තා කළේ ශ්‍රී ලංකාව දෙසට තරගයේ පීඩනය එල්ල කරමිනි. එහි ප්‍රවර්තනය අසාර්ථකයි. (එක්සත් අරාබි එමීර් රාජ්‍යය 05-00 ශ්‍රී ලංකා)

තරගයේ දෙවැනි විනාඩියේ දී ලබා දෙමින් ශ්‍රීනාත් සූරියබණ්ඩාර තමන්ගේ ආවේණික ක්‍රීඩා විලාසය යොදා ගනිමින් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය සාර්ථක විය. (එක්සත් අරාබි එමීර් රාජ්‍යය 05-07 ශ්‍රී ලංකා)

පසුව තරගයේ 3 වැනි විනාඩියේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රීඩකයෙකුට ක්‍රීඩකයින් මෙල්ල කළ ආකාරයේ වරදක් හේතුවෙන් විනිසුරු කහ කාඩ් පතක් නිකුත් කළේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය බළඇණිය ක්‍රීඩකයින් 6කට සීමා කරමිනි.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් එයින් මනා ප්‍රයෝජන ගනිමින් ක්‍රීඩා කළ අතර තරගයේ 4 වැනි විනාඩියේ දී සූරියබණ්ඩාර ශ්‍රී ලංකාව වෙනුවෙන් දෙවැනි උත්සාහක දිනුමත් වාර්තා කළේය. එහි ප්‍රවර්තනයත් සාර්ථක විය. (එක්සත් අරාබි එමීර් රාජ්‍යය 05-14 ශ්‍රී ලංකා)

ශ්‍රී ලංකා කාන්තාවෝ මැලේසියාවට හොංකොං පාඩම් කියා දෙති

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ පළමු දිනය අද (31) දකුණු කොරියාවේ ඉන්චන් නුවර දී ආරම්භ..

පසුව තරගයේ 7 වැනි විනාඩියේ දී කෙවින් ඩික්සන්ව උරහිසෙන් මෙල්ල කිරීම හේතුවෙන් විනිසුරු එක්සත් අරාබි එමීර් රාජ්‍යයට තවත් කහ කාඩ් පතක් නිකුත් කරමින් ඔවුන්ගේ ක්‍රීඩකයින් ප්‍රමාණය ක්‍රීඩකයින් 5කට සීමා කළේය.

එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් දිනුක් අමරසිංහ ප්‍රථම අර්ධයේ අවසන් මොහොතේ දී ශ්‍රී ලංකා ධවල රේඛාව පසු කර යන්නේ ශ්‍රී ලංකාවේ තෙවැනි උත්සාහක දිනුම වාර්තා කරමිනි. (එක්සත් අරාබි එමීර් රාජ්‍යය 05-21 ශ්‍රී ලංකා)

ප්‍රථම අර්ධය: එක්සත් අරාබි එමීර් රාජ්‍යය 05-21 ශ්‍රී ලංකා

දෙවැනි අර්ධය ආරම්භ වුවද එමීර් රාජ්‍යය වෙනුවෙන් ක්‍රීඩා කළේ ක්‍රීඩකයින් 6 දෙනෙකු පමණි. ඒ පළමු අර්ධයේ හිමි වූ කහ කාඩ්පත හේතුවෙනි. නමුත් එමීර් ක්‍රීඩකයින් ඔවුන්ගේ කණ්ඩායම සම්පූර්ණ වන තුරු පන්දුව ඔවුන් ඇත තබාගෙන ක්‍රීඩා කළ අතර ඔවුන්ගේ බළඇණිය සම්පූර්ණ වීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව වෙත ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළේය. 

දෙවැනි අර්ධයේ 8 වැනි විනාඩියේ දී හා 12 වැනි විනාඩියේ දී ශ්‍රී ලංකාව නිරුත්තර කළ ඔවුන් පිටිය ආක්‍රමණය කරමින් උත්සාහක දිනුම් දෙකක් හා ප්‍රවර්තනයක් වාර්තා කළ අතර ශ්‍රී ලංකාවේ උත්සාහක දිනුම් අවස්ථා දෙකක් මග හැරී යන්නේ සුළු අත්වැරදීම් නිසාය. (එක්සත් අරාබි එමීර් රාජ්‍යය 17-21 ශ්‍රී ලංකා)

තරගය අවසන් කිරීමට මොහොතකට පෙර ශ්‍රී ලංකාවට පන්දුව හිමි වූ අතර එයින් ප්‍රයෝජන ගනිමින් සූරියබණ්ඩාර පන්දුව පිටියෙන් ඉවතට එල්ල කළේ ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය සනිටුහන් කරමිනි.

අවසන් ලකුණු තත්වය: එක්සත් අරාබි එමීර් රාජ්‍යය 17-21 ශ්‍රී ලංකාව 

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<