ලක්ෂිත හා සන්තුෂ් ශතකවලට

518

අනාගත ක්‍රිකට් ලොව ජය ගැනීම වෙනුවෙන් සැදී පැහැදී සිටින ක්‍රිකට් තරු හඳුනා ගැනීම සඳහා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය හා සිංගර් ආයතනය එක්ව සංවිධානය කරනු ලබන පළමු පෙළ වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක්ම ඊයේ (28) ක්‍රියාත්මක වූ  අතර එහි දී පැවති එක් ක්‍රිකට් තරගයකින් කොළඹ ලුම්බිණි විද්‍යාලය පරාජය කළ මොරටු මහා විද්‍යාලය කඩුලු 7ක ජයක් ලබා ගත්තේය.

ඊට අමතරව පැවති අනෙක් තරගවල දී සාන්ත පීතර විද්‍යාලයේ සන්තුෂ් ගුණතිලක හා නාලන්දා විද්‍යාලයේ ලක්ෂිත රසාංජන ශතක වාර්තා කළහ.

තර්ස්ටන් විද්‍යාලයේ බවන්තගෙන් ශතකයක්

සිංගර් ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න්…

ලුම්බිණි විද්‍යාලය හා මොරටු මහා  විද්‍යාලය

සුහද තරගයක් වූ මේ තරගය ඊයේ දෙවන දිනයට ආරම්භ වන විට කාසියේ වාසිය දිනා ගත් ලුම්බිණි ක්‍රීඩකයින් සිය දෙවන ඉනිම වෙනුවෙන් එක් කඩුල්ලක් දැවී ලකුණු 6ක් රැස්කරගෙන සිටි අතර තරගය අවසන් වූයේ මොරටු මහා විද්‍යාලයට කඩුලු 7ක ජයක් හිමිකර දෙමිනි.

ලුම්බිණි විද්‍යාලය පන්දුවාර 38යි පන්දු 3ක් තුල ලකුණු 109ක් දක්වා ඔවුන්ගේ ඉනිම රැගෙන ගියේය. වමතින් දඟපන්දු යවන ක්‍රීඩක රවිෂ්ක විජේසිරි ලකුණු 36කට කඩුලු 3ක් දවා ගනිමින් දස්කම් දැක්විය.

මොරටු මහා විද්‍යාල ඉනිම ලකුණු 98ක් වැනි ඉතාමත් අඩු ලකුණකට සීමා වුවද මධුශාන් දිලක්ෂණ වර්ණවත් පිතිකරණයක නිරත වූයේ ලකුණු 63ක් ලබා ගනිමිනි. කෙසේ නමුත් ලුම්බිණි විද්‍යාලය එයට පිළිතුරු ලෙස ලබා ගත්තේ ලකුණු 142ක් නිසා මොරටු මහා විද්‍යාලයට සිය ජයග්‍රහණය වෙනුවෙන් ලබා ගැනීමට අවශ්‍ය වූයේ ලකුණු 154කි. ඔවුන් සිය නියමිත ඉලක්කය පන්දුවාර 42කුත් පන්දු 3ක් අවසානයේ සපුරා ගැනීමට සමත් විය. එහි දී නිරාජ් කවිෂ්ක අර්ධ ශතකයක් ලබා ගන්නා විට පන්දු යැවීමෙන් ද දස්කම් දැක්වූ ඉරාන් හංසමාල් හා නදිත් මිශේන්ද්‍ර නොදැවී පිළිවෙළින් ලකුණු 30*ක් හා ලකුණු 24*ක් ලබා ගන්නා ලදි.

පන්දු යැවීමේ දී ලුම්බිණි දෙවන ඉනිම අසරණ කළ ඉරාන් හංසමාල් හා නදිත් මිශේන්ද්‍ර අතරේ කඩුලු 4 බැගින් බෙදී ගියේය.

ලුම්බිණි විද්‍යාල පළමු ඉනිම – 109 (38.3): ශවින්ද ගම්ලත් 31, සදුනිල් සංකල්ප 30, විනුර නිපුන් 4/43, රෂාන් කවිෂ්ක 2/03, නදිත මිශේන්ද්‍ර 2/23.

මොරටු මහා  විද්‍යාල පළමු ඉනිම – 98 (38.1): මධුශාන් දිලක්ෂණ 63, රවිෂ්ක විජේසිරි 3/36, ශවිංග ගම්ලත් 2/09, ප්‍රභාත් මධුසංක 2/16.

ලුම්බිණි විද්‍යාල දෙවන ඉනිම – 142 (45.5): රවිෂ්ක විජේසිරි 40, ශවින්ද ගම්ලත් 34, නදිත් මිශේන්ද්‍ර 4/13, ඉරාන් හංසමාල් 4/42.

මොරටු මහා  විද්‍යාල දෙවන ඉනිම – 156/3 (42.3): නිරාජ් කවිෂ්ක 51, ඉරාන් හංසමාල් 30*, නදිත් මිශේන්ද්‍ 24*, රෂාන් කවිෂ්ක 21.

කොළඹ තර්ස්ටන් හා සාන්ත සර්වේසස් විද්‍යාල ජය ගනී

කොළඹ තර්ස්ටන් විද්‍යාලය හා මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය සිංගර් කුසලාන…

නාලන්දා විද්‍යාලය හා වෙස්ලි විද්‍යාලය

වෙස්ලි විද්‍යාල ක්‍රිකට් ක්‍රීඩා පිටියේ පැවති මේ තරගයේ කාසියේ වාසිය දිනා ගෙන පළමුව පන්දුවට පහර දුන් නාලන්දා විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 6ක් දැවී ලකුණු 315ක් රැස්කරගෙන පළමු ඉනිම අත්හිටවූ අතර ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කළ නාලන්දා නායක ලක්ෂිත රසාංජන ශතකයක් ලබා ගන්නා විට චමිඳු විජේසිංහ හා රවීන් ද සිල්වා අර්ධ ශතක වාර්තා කළහ. තරගයේ පළමු දිනය අවසන් වන විට පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින වෙස්ලි විද්‍යාලය කඩුලු 4ක් දැවී ලකුණු 8යි.

නාලන්දා විද්‍යාල පළමු ඉනිම – 315/6d (79): ලක්ෂිත රසාංජන 100*, චමිඳු විජේසිංහ 54, රවීන් ද සිල්වා 50, ජයෝද් කල්දේරා 35, දිල්හාර පොල්ගම්පොල 33, ශෙනාල් දංගල්ල 2/24.

වෙස්ලි විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 8/4 (10.4):


මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය හා සාන්ත පීතර විද්‍යාලය

පළමු දිනයට පැවැත්වූ මේ සුහද තරගය සාන්ත පීතර විදුහල් පිටියේ දී පැවැත්විය. කාසියේ වාසිය දිනා ගත් සාන්ත පීතර ක්‍රීඩකයින් පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 6ක් දැවී ලකුණු 304ක් ලබාගෙන සිය ඉනිම අත්හිටුවන විට තරගයේ පළමු දිනය අවසානයේ සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 2ක් දැවී ලකුණු 128ක් රැස්කර ගැනීමට මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය සමත් විය.

සාන්ත පීතර විද්‍යාල පළමු ඉනිම වෙනුවෙන් දකුණතින් පිත්ත හසුරුවන නායක සන්තුෂ් ගුණතිලක වර්ණවත් පිතිකරණයක නිරත වූයේ ලකුණු 104ක් ලබා ගනිමිනි. ඊට අමතරව උපනායක රන්මිත් ජයසේන හා භානුක ද සිල්වා අර්ධ ශතක ලබාගෙන සාන්ත පීතර විද්‍යාල පළමු ඉනිම ඔසවා තැබුවේය. පන්දු යැවීමේ දී පසිඳු උෂෙට්ටි ලකුණු 72කට කඩුලු 2ක් දවාලන ලදි.

සාන්ත පීතර විද්‍යාල පළමු ඉනිම – 304/6d (73): සන්තුෂ් ගුණතිලක 104, රන්මිත් ජයසේන 56, භානුක ද සිල්වා 49, පසිඳු උෂෙට්ටි 2/72.

මාරිස් ස්ටෙල්ලා විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 128/2 (26): අශාන් ප්‍රනාන්දු 60*, ආමන්ත පෙරේරා 39*.

කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය හා සාන්ත බෙනඩික්ට් විද්‍යාලය

මේ තරගයේ පළමු දිනය අවසන් වන විට සත්කාරක සාන්ත බෙනඩික්ට්  විද්‍යාලය, සාන්ත ආනා විද්‍යාල පළමු ඉනිමට වඩා ලකුණු 141ක් පසුපසින් සිටියි.

තවත් සුහද තරගයක් වූ මෙහි දී කාසියේ වාසිය දිනා ගත් සාන්ත ආනා විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 191ක් ලබා ගත්තේ කවිඳු රණසිංහ නොදැවී ලබා ගත් ලකුණු 88*ත් සවියක් කරගෙනයි. ඊට අමතරව කවිඳු ඒකනායක ලකුණු 32යි. මලින්ද පෙරේරා ලකුණු 28කට කඩුලු 3ක් දවා ගන්නා විට කවිශ ජයතිලක ලකුණු 57කට කඩුලු 3ක් දවා ගන්නා ලදි.

සාන්ත ආනා විද්‍යාල පළමු ඉනිම – 191 (82.5): කවිඳු රණසිංහ 88*, කවිඳු ඒකනායක 32, මලින්ද පෙරේරා 3/28, කවිශ ජයතිලක 3/57.

සාන්ත බෙනඩික්ට් විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 49/1 (10):

පළමු දිනයට ක්‍රියාත්මක වූ තරගය අද (29) දෙවන දිනයටත් ක්‍රියාත්මක වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<