රොස්කෝ තට්ටිල්ගෙන් ගුවන් හමුදාවට සුපිරි ආරම්භයක්

296
Roscoe Thattil

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ තවත් තරඟ කිහිපයක්ම අද (20) ආරම්භ විය. එහි පළමු දිනය තුල කැපීපෙනෙන දස්කම් දැක්වීමට ලකුණු 175ක් ලබාගත් රොස්කෝ තට්ටිල්  සමත් විය.

හලාවත මේරියන්ස් සහ සිංහල ක්‍රීඩා සමාජය ජයග්‍රහණ වාර්තා කරයි

ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය වෙනුවෙන් විශිෂ්ට ක්‍රීඩකයින් නිර්මාණය කරන ප්‍රිමියර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩය…

කළුතර නගර සමාජය හා පොලිස් ක්‍රීඩා සමාජය අතර තරගය

හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ  අන්තර් ජාතික ක්‍රිකට් පිටියේදී අද (20) උදෑසන ආරම්භ වූ මෙම තෙදින තරගයේ කාසියේ වාසිය දිනූ පොලිස් ක්‍රීඩා සමාජය පළමුව පන්දුවට පහරදීමට කළුතර නගර සමාජයට අවස්ථාව ලබාදෙන ලදි. පළමු දිනය සඳහා තරඟය නතර කරන විට තම පළමු ඉණිම ක්‍රීඩා කරමින් සිටින කළුතර සමාජය කඩුලු 5ක් දැවී ලකුණු 238යි.

සුලාන් ජයවර්ධනගේ ලකුණු 76* සමඟින් වර්ණවත් වූ කළුතර නගර සමාජ ඉණිමට ලකුණු 58ක් එක්කිරීමට තරිදු සිරිවර්ධන සමත් විය. සුවන්ජි මදනායක ලකුණු 45ක් තුල කඩුලු 3ක් දවාලමින් දස්කම් දැක්වීය.

කළුතර නගර සමාජය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ දී) – කඩුලු 5ක් දැවී ලකුණු 238 (පන්දුවාර 90): සුලාන් ජයවර්ධන  76*, තරිදු සිරිවර්ධන 58, නිපුණ ගමගේ 43, රිසිත උපමාල් 31, සුවන්ජි මදනායක 3/45


ලංකන් ක්‍රිකට් සමාජය හා නාවික හමුදා ක්‍රීඩා සමාජය අතර තරගය

කොළඹ මුවර්ස් පිටියේදී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය ලබා ගත් නාවික හමුදා ක්‍රීඩා සමාජය පළමුව පන්දු යැවීමට තීරණය කරන ලදි. ප්‍රථම දිනය අවසානයේ දී ලංකන් ක්‍රිකට් සමාජය කඩුලු 5ක් දැවී ලකුණු 364ක් ලබාගෙන ඉහළ මට්මක පසුවෙයි.

ලක්ෂාන් රොද්‍රිගෝගේ සුපිරි ශතකය සමඟින් අර්ධ ශතක කිහිපයක්ම මෙම තරගයේදී වාර්තා විය. එහිදී ලක්ෂාන් ලකුණු 133ක් ලබාගෙන ලකුණු පුවරුවේ පෙරමුණ ලබා ගන්නා ලදි. එයට අමතරව ශසීන් ප්‍රනාන්දු ලකුණු 96ක් ලබා ගන්නා ලදි.

නාවික හමුදා ක්‍රීඩා සමාජය වෙනුවෙන් මදුර මදුසංක ලකුණු 33කට කඩුලු 2ක් දවාලීමට සමත් විය.

ලංකන් ක්‍රිකට් සමාජය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ දී) – කඩුලු 5ක් දැවී ලකුණු 364 (පන්දුවාර 90): ලක්ෂාන් රොද්‍රිගෝ 133, ශසීන් ප්‍රනාන්දු 96, චානක රුවන්සිරි 65*, ලාල් කුමාර 26, මදුර මදුසංක 2/33


කළුතර භෞතික සංස්කෘතික සමාජය හා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය අතර තරගය

මග්ගොන සරේ පිටියේදී කාසියේ වාසිය ජයගත් කළුතර භෞතික සංස්කෘතික සමාජය පළමුව පන්දු රැකීමට තීරණය කරන ලදි. පළමු දිනයට තරගය අවසන් වන විට පිළිතුරු ඉණිම ක්‍රීඩා කරන කළුතර භෞතික සංස්කෘතික සමාජය, එක් කඩුල්ලක් දැවී ලකුණු 7ක් ලබාගෙන සිටියි.
මෙම තරගයේ කාගේත් අවධානයට ලක්වූ රොස්කො තට්ටිල් සුපිරි පිතිකරණයක නිරතවෙමින් ලකුණු 175ක් ලබාගෙන ගුවන් හමුදා පළමු ඉණිමට සුපිරි ආරම්භයක් ලබා දුන්නේය. රුචිර සිල්වා කඩුලු 4ක් ලබාගෙන ගුවන් හමුදා පිතිකරණය යම්තාක් දුරට හෝ පාලනය කරන ලදි.

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉණිම – කඩුලු 9ක් දැවී ලකුණු 426 dec (පන්දුවාර 79.2): රොස්කො තට්ටිල් 175, ලහිරු ශ්‍රී ලක්මාල් 115, හර්ෂන ජේම්ස් 33, නලින් විජේසිංහ 20, රුචිර සිල්වා 4/98, රසික ප්‍රනාන්දු 2/66, තනුක ධනංජය 2/80

කළුතර භෞතික සංස්කෘතික සමාජය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ දී) – එක් කඩුල්ලක් දැවී ලකුණු 7 (පන්දුවාර 5)

කළුතර භෞතික සංස්කෘතික සමාජය ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ පළමු ඉණිමට වඩා තවත් ලකුණු 419ක් පසුපසින් සිටියි


කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය හා ශ්‍රී ලංකා වරාය අධිකාරි ක්‍රීඩා සමාජය අතර තරගය

කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩා පිටියේදී ආරම්භ වූ මෙම තරගයට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව නිසා පැය 6ක පමණ ප්‍රමාදයකින් අනතුරුව තරගය ආරම්භ විය. කාසියේ වාසිය ජයග්‍රහණය කල  වරාය අධිකාරි ක්‍රීඩා සමාජය පළමුව පන්දු යවන ලදි. තරගයේ පළමු දිනය අවසන් වන විට කුරුණෑගල තරුණ සමාජය කඩුලු 3ක් දැවී ලකුණු 63ක් ලබාගෙන සිටියි.

වර්ෂාවෙන් බාධා පැමිණි නිසා තරගයේ පළමු දිනය පන්දුවාර 23කට පමණක් සීමා විය. චානක කොමසාරු ලකුණු 22කට කඩුලු 2ක් දවාලමින් කුරුණෑගල තරුණ ඉණිම යම්තාක් දුරකට පාලනය කරන ලදි.

කුරුණෑගල තරුණ සමාජ පළමු ඉණිම (පළමු දිනය අවසානයේ දී) – කඩුලු 3ක් දැවී ලකුණු 63 (පන්දුවාර 23): චානක කොමසාරු 2/22

මෙම තරඟ සියල්ලක්ම හෙට (21) දෙවන දිනටත් ක්‍රියාත්මක වීමට නියමිතයි.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට